Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
16
ප්‍රේමය නිමා වූ වෛරය පිරිමහන්න හමුදාවෙන් පැනගිය තරුණයා, 22 හැවිරිදි පෙම්වතියට සහ ඇයගේ අම්මට නිවසට ඇවිත් වෙඩි තියයි - වරකාපොළ රත්කළ සිද්ධියේ තවත් තොරතුරු එළියට - Video

- ප්‍රේමය නිමා වූ වෛරය පිරිමහන්න හමුදාවෙන් පැනගිය තරුණයා, 22 හැවිරිදි පෙම්වතියට සහ ඇයගේ අම්මට නිවසට ඇවිත් වෙඩි තියයි - වරකාපොළ රත්කළ සිද්ධියේ තවත් තොරතුරු එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,926 Views
පොලිසියට දෙපාරක් කියලත්, පොලිසියෙන් මුකුත් කළේ නැහැ..
එතැනට ආරක්ෂාවක් දුන්නා නම් හරි අද මේ දේ වෙන්නෙ නෑ..
අපි ගියාම ගණන් ගන්නෙ නෑ. හිනාවෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන් නෑ..
 
වරකාපොළ දොරවක ප්‍රදේශයේ නිවෙසක පදිංචිව සිට යුද හමුදාවේ හිටපු සෙබළියකට වෙඩි තබා ඝාතනය කර ඇයගේ මවටද පහර දී බරපතල තුවාල සිදුකර තිබෙන බව වරකාපොළ පොලීසිය සඳහන් කළා.
 
මෙම වෙඩි තැබීමට සම්බන්ධ බව කියන යුද හමුදාවෙන් පැනවිත් ඇතැයි කියන සෙබළෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ වරකාපොළ දොරවක පදිංචිව සිටි නිරෝෂා නිරංජනී නම් 22 හැවිරිදි තරුණියක්.
 
වෙඩි ප්‍රහාරයට ලක් වී බරපතළ තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන්නේ ඇගේ මව වන 55 හැවිරිදි වයලට් රංජනී නැමැත්තියක්. ඇය මේ වන විට ශල්‍යකර්මයකට ද භාජනය කර ඇති බව සඳහන්.
 
හිටපු හමුදා සෙබළියගේ නිවසට හිටපු හමුදා සෙබළා පැමිණි සිටි අවස්ථාවේ ඊයේ (14) අලුයම 5.30ට පමණ දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුවී තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.
 
බහින් බස්වීම දුරදිග යාමෙන් පසු සැකකාර සෙබළා නිරෝෂාට හා ඇගේ මවට වෙඩි තබා පලාගොස් තිබෙන බවට සැක කෙරෙනවා.
 
පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මඟින් ලැබුණු දුරකථන පණිවුඩයක් අනුව වරකාපොළ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අපරාධය සිදුව තිබූ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
 
වෙඩි කෑ තරුණිය එම ස්ථානයේම මියගොස් සිට ඇති අතර ඇගේ සිරුරේ වෙඩි පහරවල් කිහිපයක් දක්නට තිබෙන බව පොලීසිය සඳහන් කළා.
 
කෙසේ වෙතත් පොලිස් විමර්ශන වලදි අනාවරණය වී ඇත්තේ 22 හැවිරිදි මෙම තරුණිය තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් දින කිහිපයකට පෙර තරුණිය විසින් එම සම්බන්ධය නතර කිරීම මෙම ඝාතන සිදුවීමට හේතු වන්නට ඇති බවයි.
 
අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු සෙබළා 36 හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකු බවයි පොලීසිය පැවසුවේ.
 
යුද හමුදාවේ සෙබළියක ලෙස නිරෝෂා ටික කාලයක් සේවය කර නිත්‍යානූකූලව ඉවත්වී පසුව ඇඟලුම් කම්හලක සේවය කර ඇති බව ද වාර්තා වනවා.
 
මේ අතර මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මියගිය තරුණියගේ සොහොයුරිය මෙසේ සඳහන් කළා.
 
"ඊයේ හවස පොලිසියට දෙපාරක් කියලත්, පොලිසියෙන් මුකුත් කළේ නැහැ. එතැනට ආරක්ෂාවක් දුන්නා නම් හරි අද මේ දේ වෙන්නෙ නෑ. පොලීසියට අපි යන්නෙ අසරණ මනුස්සයෝ. දුප්පත් මනුස්සයෝ යමක් කමක් කරගන්න බැරි. සල්ලි තියෙන මනුස්සයන්ට යමක් කමක් දන්න මනුස්සයන්ට පොලිසියට ගිහින් ඕනෑ දෙයක් කරගත්තහැකි. නමුත් අපිට බැහැ කරගන්න. අපි ගියාම ගණන් ගන්නෙ නෑ. හිනාවෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන පාටක් නෑ. ක්‍රියාත්මක වෙනව නම් අද මගේ නංගී ජීවතුන් අතරනේ. අනික ඒ මනුස්සයා හවස ලයිසන් අරගෙන වගේ අරක්කු විකුණන්නේ. වරකාපොළ පොලිසියට ඒක නවත්තගන්න බැරිවුණා මේ වෙනකන්.."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  6,809 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,479 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,118 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,591 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,743 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,742 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,034 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,054 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  972 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  3,561 Downloads



Top 10 Commenters

Latest Comments

Top