Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Oct
25
මේවා චතුරිකාගේ මස්සිනාගේ වැඩ - රොෂාන් පිලපිටිය සියල්ල හෙළි කරයි !

- මේවා චතුරිකාගේ මස්සිනාගේ වැඩ - රොෂාන් පිලපිටිය සියල්ල හෙළි කරයි !Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views

රොෂාන් පිලපිටිය සහ චතුරිකා පීරිස්, කලා ලෝකයේ හිටපු ජනප්‍රිය පෙම්වතුන් යුවලක්. හැබැයි මේ දෙන්නගේ ආදර කතාවටත් කනකොකා හැඬුවා. චතුරිකා - රොෂාන්ගෙන් වෙන්වෙලා දැන් ටික කාලයක් වෙනවා. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ ටික කාලයක් යනකම් රොෂාන්ගේ කිසි සද්දයක් තිබුණේ නෑ. ඒත් එක පාරටම ඔහු කරළියට ආවේ අළුත් කතාවකුත් එක්ක. ඒ තමයි රොෂාන් පෙනී ඉන්න රූප රචනය. ඒක දැකපු ගොඩක් අය කියනවා, රොෂාන්ගේ ජීවිත කතාව තමයි ඒකේ තියෙන්නේ කියලා. ඒක ඇත්තක්ද කියලා දැන ගන්න අපි රොෂාන් පිලපිටියට කතා කළා.

ප්‍රශ්නය :-

රොෂාන් ඇත්තටම මේ විෂුවල් එකේ තියෙන්නේ ඔයාගේ කතාව නේද ?


රොෂාන් :-

නෑ මේ විෂුවල් එක මගේ ජීවිතයට කිසිම සම්බන්ධයක් නෑ. පළවෙනි වතාවට මං රූපරචනයකට සහභාගී වුණා. ඒකත් පූර්ණිකාගේ හස්බන්ඞ් සහන්ගේ බලවත් ඉල්ලීම මත. මං අනුකම්පාවක් බලාපොරොත්තුවෙන්වත්, කාගේවත් හිත් රිදවීමකටවත් නෙමෙයි මේක කළේ. මං කියවලා, ලියලා කරපු දේකුත් නෙවෙයි. අනික ගායකයාව හම්බවුණෙත් රූගත කරපු දවසේ. විෂුවල් එකේ සමහර තැන්වල මගේ නමම යොදලා තිබුණා. සමහර විට ඒක හින්දා වෙන්න ඇති කට්ටිය මෙහෙම හිතන්නේ.

ප්‍රශ්නය :-

ඒ විෂුවල් එක පස්සේ හරි දකිද්දි හිතුණේ නැද්ද ඒ තියෙන්නේ ඔයාගේ කතාව කියලා....?


රොෂාන් :-

මුකුත් හිතුන් නෑ, මං ඒක බැලූවෙත් එක පාරයි. මං ටෙලිවිෂන් බලනවා හරි අඩුයිනේ. මං ගායකයාට සුබපතනවා. ඇත්තටම මේ විෂුවල් එකත් මගේ සම්බන්ධයක් නෑ.

ප්‍රශ්නය :-

පසුගිය කාලේ අපිට ඔබව නිර්මාණවලින් වැඩිපුර දකින්න ලැබුණේ නෑ.


රොෂාන් :-

ඔව් ඒකට හේතුව මං දීර්ඝ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ නැති එක. පළවෙනියටම මං මෙගා නාට්‍යයකට සම්බන්ධ වුණේ හිරු ටීවී එකේ යන සඳසාවී නාට්‍යයට. අනික ව්‍යාපාරයකටත් සම්බන්ධ වෙලා ඉන්න නිසා තමයි මාව වැඩිය දකින්න නොලැබුණේ.

ප්‍රශ්නය :-

චතුරිකා ඔබෙන් වෙන්වුණු එක ගැන, ඒ ඇතිවුණු ප්‍රශ්න ගැන ඔබේ හිතේ දුකක් පසුතැවීමක් නැද්ද ?


රොෂාන් :-

මගේ හිතේ නම් පසුතැවීමක් නෑ.  ඕක රසිකයන්ට තියෙන ප්‍රශ්නයක් ඇරෙන්න, එයාටවත් - මටවත් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. එයත් හොඳින් ඇති කියලා හිතනවා. මාත් හොඳින් ඉන්නවා, ඒ ගැන අපි කතා කරන්නේවත් නෑ. අනික මගේ ජීවිතේට ඒක ලොකු දෙයක් නෙවෙයි. මිනිස්සුන්ට දේවල් ලැබෙනවා, නොලැබෙනවා. මං හිතන විදියට ජීවිතය කියන්නේ එක්ස්පිරිමන්ට් එකක්. ඒක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ඒක එච්චර දෙයක් නෙවෙයි, මගේ ජීවිතය සුපුරුදු විදියට සතුටින් ගෙවිලා යනවා.

ප්‍රශ්නය :-

ඔයාට දැන් හිතනවද චතුරිකාට ආදරය කරපු එක, එයාව ජීවිතයට එච්චර ළං කරගත්ත එක අපරාදේ කියලා...?


රොෂාන් :-

එහෙම දෙයක් නෑ....ආදරය, විරහව මේ හැමදේම හැඟීම් දැනීම් විතරයි. මාව ඇසුරු කරන  ඕනේ කෙනෙක්ට මං ළඟ නිදහස තියෙනවා. නිදහස කියන්නේ යුතු දේ කිරීම මිස අයුතු දේ කිරීම නෙවෙයි. යුතු අයුතු දේ තමන්ගේ බුද්ධි මට්ටම අනුවයි තීරණය වෙන්නේ. ඒ වෙලාවේ හරි කියලා තව පාර්ශවයක් ගත්ත තීරණය ඒක ඇයට හරි ඇති. ජීවිතයේ බැඳීම් ඇති වෙනවා, නැති වෙනවා. ඇත්තටම මගේ ජීවිතයේ ලොකු දෙයක් වුණේ නෑ.

ප්‍රශ්නය :-

දැන් කොහේදී හරි ඇයව මුණ ගැසුණොත්.....?


රොෂාන් :-

එයාගේ නංගිගේ හස්බන්ඞ් තමයි ඔය විෂුවල් එකත් කළේ, ඒ සම්බන්ධකම් තියෙනවා....එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නෑ, ඇයටත් මාව හමුවුණොත්.


ප්‍රශ්නය :- රොෂාන් තාම තනිකඩ ද ?


රොෂාන් :-

ඔව්....දන්නේ නෑ, ජීවිතේ කොයි විදියට ගෙවෙයිද කියලා..නමුත් මේ මොහොතේ නම් මගේ වැඩකටයුතු කරගෙන යනවා, එහෙම කිසිම දෙයක් ඔළුවේ නෑ...

ප්‍රශ්නය :-

ඊළඟට පෙම්වතියක් තෝරා ගනිද්දී මොනවද හිතන්නේ ?


රොෂාන් :-

ඇත්තටම එහෙම කොහොමද කියලා ඔළුවේ නෑ, මං ජීවිතේ ඒ විදියට තීරණයක් අරන් නෑ. හොඳ දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා, නොවෙන්නත් ඉඩ තියෙනවා. එහෙම බඳින්නම කියලා නියමයකුත් නෑ ලෝකේ. නොබැඳ ඉන්න කියලා නියමයකුත් නෑ..එන විදියට මූණ දෙනවා.

ප්‍රශ්නය :-

එතකොට කලා ජීවිතයේ බලාපොරොත්තු මොනවද ?
රොෂාන් :- ෆිල්ම් එකක් කිරීමේ ලොකු අදහසක් තියෙනවා. දැන් තිර පිටපතේ මූලික අඩිතාලම සකස් කරගෙන යනවා. මගේම අධ්‍යක්ෂණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පිටපතේ වැඩ ඉවර වුණාම තාම කොයි කාලේද කරන්නේ කියලා හිතන්නේ.

ප්‍රශ්නය :-

ඔබත් ඒකේ රඟපායිද ?


රොෂාන් :-

හරි තීරණයක් නෑ ඒ ගැන....පිටපත අවසන් වුණාම තමා ඒ ගැන තීරණය වෙන්නේ....















Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top