Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
16
“මම රුපියල් දාහට දවසෙම BMICH එකේ කොළ බෙදපු ගෑනියෙක්.." - පියුමි ශ්‍රීනායක

- “මම රුපියල් දාහට දවසෙම BMICH එකේ කොළ බෙදපු ගෑනියෙක්.." - පියුමි ශ්‍රීනායකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

56 Views
"ඒ දාපු කමෙන්ට් එකට මගේ හිත හරියට රිදුණා.."

"සමාජය මගේ වැරැදි ලෙස දකින දේවල් තියෙනවා.."

ඇත්තටම මේ දවස්වල වැඩ කිහිපයක් කරගෙන යනවා. අහස් මාලිගා වගේම තවත් නාට්‍ය තුනක රූගත කිරීම්වලට එකතු වෙලා ඉන්නවා. ඒ වැඩත් එක්ක ටිකක් කාර්යබහුලයි.

පියුමි සනත් ගුණතිලක එක්ක අලුත් වැඩක් කළා කියලා ආරංචියි?
ඔව්, සනත් ගුණතිලක මහත්මයාගේ ‘ගැහැනු’ කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක මගේ පළමුවැනි චිත්‍රපටය. එය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. මේ දවස්වල එහි යම් යම් ප්‍රවර්ධන කටයුතුත් සිදුකෙරෙනවා. සමාජයේ ජීවත්වෙන එක එක විදිහෙ ගැහැනු ගැන තමයි මේ චිත්‍රපටයේ කතා කරන්නේ. මගේ චරිතයත් මුලදී බලන චරිතය නෙමෙයි පස්සෙදී. ඒක ලස්සන චරිතයක්. මම හරිම ආසාවෙන් කළේ.

සනත් ගුණතිලකගේ ‘ගැහැනු’ අතරට ඔබට එකතු වෙන්න ලැබුණේ කොහොමද?
සුජිත් නිශාන්ත අයියා තමයි මුලින්ම මාව සනත් ගුණතිලක මහත්මයාට හඳුන්වලා දෙන්නේ. ටෙලි නාට්‍යවල රඟපාලා තමයි මට චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ. මම රංගනය ගැන යම් යම් දේවල් ඉගෙන ගෙන තමයි සිනමාවට එකතු වුණේ. මේක මට හොඳ අවස්ථාවක් වුණා.

සනත් හැබෑ කළේ ඔබේ හීනයක් නේද?
සනත් ගුණතිලක මහත්මයා කියන්නේ ඉස්සර සිනමාවේ මට හිටිය සිහින කුමාරයා. ඉතිං මම කවදාවත් හිතුවෙ නැහැ ඔහු එක්ක උරෙන් උර එකට රඟපාන්න පුළුවන් වෙයි කියලා. මම ඉස්සර මාලිනි ෆොන්සේකා මහත්මියගේ, සනත් ගුණතිලක මහත්මයාගේ, , ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියගේ චිත්‍රපට ගොඩක් බලනවා. සනත් ගුණතිලක මහත්මයගෙ නිර්මාණයක ප්‍රධාන චරිතයක් කරන්න ලැබීම දෙවියෝ මට දීපු ලොකුම තෑග්ගක්. සනත් ගුණතිලක මහත්මයා මාව අනෝජා වීරසිංහ මිස් ළඟටත් යැව්වා රංගනය ඉගෙන ගන්න. පියුමි මගේ චිත්‍රපටයේ රඟපාන කෙනා, වැඩිපුර අවධානයක් දෙන්න කියලත් සනත් ගුණතිලක මහත්මයා කිව්වා.

පියුමිත් ගැහැනියක්. පියුමිටත් විවිධ ගණයේ ගැහැනු එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙලා ඇති නේද?
ඔව්, ගැහැනු කියන්නේ පිරිමින්ට වඩා හැඟීම්බර චරිත. ඔවුන්ගේ තිබෙන සංවේදීකම එක්ක ඔවුන් බාහිරින් එන දේවල් බාරගන්න විධිය වෙනස්. එක එක අය එක එක විදිහයි. සමාජයේ බලපෑම්වලට ලක්වුණු දේවල් එක්ක තමයි යම් යම් දේවලට ප්‍රතිචාර දක්වන්නේ. ඒ ඒ කෙනාගේ හැඟීම් දැනගෙන ඔවුන්ට ප්‍රතිචාර දැක්වුවා නම් ඔවුන් එක්ක ජීවත් වෙන්න පහසුයි. අනෙක් අයගේ හැඟීම්වලට ගරු කළොත් මේ ක්ෂේත්‍රයේ වුණත් පාඩුවේ ඉන්න පුළුවන්.

රංගන ක්ෂේත්‍රයේදී පියුමි කා එක්කවත් ප්‍රශ්න ඇති කරගෙන හෝ වෙන අය පියුමිට ප්‍රශ්න දාලා හරි නැද්ද?
ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මම ඒ එන ප්‍රශ්න මානුෂිකව විඳදරාගෙන තියෙනවා. මම සමාජයෙන් එන නරක දේවල් වුණත් අතහැරලා ප්‍රශ්න මඟ හැරලා වැරැදි කරපු මිනිස්සු එක්ක වුණත් හොඳින් ජීවත් වෙනවා.

රංගන ශිල්පිනියකට විවේචන වැඩියි. ඒ විවේචන ඔබ දරාගන්නේ කොහොමද?
මම මගේ ජීවිතේ ලොකු වැරැදි කරපු කෙනෙක් නෙමෙයි. නමුත් සමාජය වැරැදි ලෙස දකින දේවල් තියෙනවා. මම ආවේ පොඩි තැනකින්. ලීෆ්ලට් බෙදලා. ප්‍රමෝෂන් වැඩ කරලා තමයි මම රංගන ශිල්පිනියක් දක්වා මේ දුර ආවේ. මම ළඟදි යූ ටියුබ් චැනල් එකක් හැදුවා. එක ගැහැනු කෙනෙක් මට කමෙන්ට් එකක් දාලා තිබුණා. “මම රුපියල් දාහට දවසෙම BMICH එකේ කොළ බෙදපු ගෑනියෙක් කියලා. ඒ දාපු දේ මට මාර අවුල්. මම ඒ කෙනාට කිව්වෙ මාව විවේචනය කරනවාට වඩා මගේ දියුණුව දැකලා ඒක ආදර්ශයට අරගෙන මට වඩා දියුණු තැනකට එන්න කියලා.

රංගන ක්ෂේත්‍රයට කාලය යොදවන්න ගිහින් පියුමිට මඟ හැරුණු දේවල් තියෙනවද?
ඇත්තටම ගෙදර වැඩ කටයුතු අතපසු වෙනවා. සැමියාට රසට උයලා දෙයක් දෙන එක මඟ හැරෙනවා. මවුපියෝ බලන්න යන්න නිවාඩු නැති අවස්ථා තියෙනවා. නමුත් ලොකු දේවල් ලබාගන්න නම් කැපකිරීම් සහ උත්සාහය අවශ්‍යයිනේ.

පවුල් ජීවිතේ දේවල් මඟ හැරෙද්දි පියුමිගේ රංගන කටයුතුවලට සැමියා බලපෑම් කරන්නේ නැද්ද?
මගේ කලා කටයුතුවලට එයා බලපෑමක් කරන්නේ නෑ. නිර්මාණ තෝරාගෙන වැඩ කරන්න, ක්ෂේත්‍රයේ සමහර තැන් වැරදුණු නිසා ඒ වැරදීම් සිදුනොවෙන්න වැඩ කරන්න, ඉස්සරහට යන්න කියලා සැමියා කියනවා. හැබැයි මම වැඩිපුර ෆෝන් එකේ ඉන්නකොට නම් එයා බනිනවා. මාව මාකට් කරගන්න, ප්‍රවර්ධන කටයුතුවලට මට ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් ඉන්න වෙනවා. ඉතිං ඒවට තමයි චුට්ටක් කෑ ගහන්නෙ. නැත්නම් එයා මට බලපෑම් කරන්නේ නෑ.

පියුමි මේ වෙනකොට ක්ෂේත්‍රයේ ලැබෙන අවස්ථා ගැන සෑහීමකට පත් වෙනවාද?
ඔව්, ගොඩක් සෑහීමකට පත්වෙනවා. 2017 දී තමයි මම මුලින්ම ටෙලි නාට්‍යයක රඟපෑවේ. අවුරුදු දෙකක් ඇතුළත මම කරපු වැඩ දැක්කම මම කියන ගැහැනිය ගැන මට සතුටුයි. මම මටම ගරු කරනවා. මෙච්චර දුරක් එන්න ශක්තියක් ලැබුණු එක ගැන සතුටු වෙනවා.

පියුමිට දැන් විවිධ චරිත නිරූපණයට අවස්ථාව ලැබිලා තිබෙනවා නේද? එය ඔබ කරන තේරීම්වල ප්‍රතිඵලයක්ද?
මෙහෙමයි, අධ්‍යක්ෂවරු මට විවිධ චරිත නිරූපණය කරන්න අවස්ථාව ලබලා දීලා තියෙනවා. මම එකම විධියේ චරිත කරන්න කැමැති නැහැ. මට ඕනේ චරිතාංග නිළියක් වෙන්න.

පියුමි චරිතයක් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරනවද?
මම ලැබෙන චරිතය මොකක්ද බලනවා. මගේ සැමියාට හානියක් නොවන, ලංකාවේ සංස්කෘතියත් රැකගෙන කරන්න පුළුවන් සුදුසු දෙයක් නම් මම චරිතයට අවශ්‍ය කැපකිරීම කරනවා.

සිනමාවට එකතු වුණු නිසා පුංචි තිරය මඟහැරෙයිද?
නැහැ. පුංචි තිරය අතහරින එකක් නෑ. සමහරු කියනවා ටෙලි නාට්‍ය සියයක් කළත් චිත්‍රපටයක් කළේ නැත්නම් වැඩක් නෑ කියලා. නමුත් පුංචි තිරයේ වැඩ කළ නිසා තමයි මට සිනමා නිර්මාණයක වුණත් හොඳ රංගනයක් කරන්න පුළුවන් වුණේ.

මියුසික් වීඩියෝවලත් තෝරාගැනීම් දැන් කරනවද?
සංදේශ් බණ්ඩාරගේ වැඩවලට මම සම්බන්ධ වෙනවා. ඔහු දක්ෂ වගේම හොඳ දේවල් කරන කෙනෙක්. අනෙක් අයගේ වැඩ ආවම බජට් එක, පිටපත හැමදේම බලලා තමයි ඒවට සම්බන්ධ වෙන්නේ.

රංගන ශිල්පිනියක් විදිහට පියුමිට කැපිලි, විවිධ පුද්ගලයන්ගේ බලපෑම්වලට ලක්වෙන්න සිදුවෙලා තිබෙනවද?
එහෙම දේවල්වලට මම ලක් නොවෙන්නෙ හැසිරීම නිසා. අඳින පලඳින විදිහට, මම කොටට අඳින නිසා මතුපිටින් බලලා සමහරු අපිව විනිශ්චය කරන්න පුළුවන්. නමුත් අපි කතා කරන විදිහෙන්, හැසිරෙන විදිහෙන්, අපි කවුද කියලා දැනගන්න පුළුවන්. මම රංගනය ඉගෙනගෙන මේ ක්ෂේත්‍රයට ආවේ. ඒ නිසා ඒ දක්ෂතාවට බලපෑමක් කරන්න බෑ. බලපෑමක් ආවොත් මම එතැනින් අයින් වෙලා වෙන දෙයක් කරගෙන ඉන්නවා.

රංගන ක්ෂේත්‍රයේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද?
කවදාහරි සම්මානයක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ජනප්‍රිය නිළිය වෙන්න නම් කැමැත්තක් නෑ. මොකද අද සල්ලි දුන්නොත් හෙට ඒ සම්මානය ගන්න පුළුවන්. මට ඕනේ දක්ෂතම නිළිය, නැඟී එන නිළිය වගේ විනිශ්චය මණ්ඩලයකින් දෙන සම්මානයක් ගන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. මට ඒ තැනට යන්න කල් තියෙනවා. වයසට ගිහින් හරි සම්මානයක් ගන්න තමයි බලාපොරොත්තුව.

අලුත් වැඩ ආරම්භ කළාද?
මේ දවස්වල දෙවැනි චිත්‍රපටයට සූදානම් වෙනවා. ඒකත් වෙනස් වැඩක්. හොඳ විධියේ ටෙලි නාට්‍ය ආවොත් ඒවටත් සම්බන්ධ වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top