Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
15
29 දක්වා රිමාන්ඩ් කරපු රන්ජන් රාමනායකව වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගිය හැටි - කටහඬ පරීක්ෂාවකටත් නියෝග - Video

- 29 දක්වා රිමාන්ඩ් කරපු රන්ජන් රාමනායකව වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගිය හැටි - කටහඬ පරීක්ෂාවකටත් නියෝග - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,031 Views
අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඒ, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අද දහවල් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර, ඉන් අනතුරුවයි මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේ.
 

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතීඥයා කළ ඉල්ලීමට විරුද්ධත්වය පළ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් නොමැති බවත්, මන්ත්‍රීවරයාට එරෙහිව පරීක්ෂණ සිදුකරන්නේ අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතුවලට බලපෑම් කිරීම වැනි ඉතා බරපතල වැරදි සම්බන්ධයෙන් බවත්, එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

අධිකරණයෙන් ලබාගත් වරෙන්තු නියෝගය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිල නිවසට ඊයේ ගිය අවස්ථාවේ විමර්ශන නිලධාරීන් පැමිණ ඇති බව දැනුවත්ව සිටියදීත්, ඔහු එය නොසළකා හැර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

ව්‍යායාම කරමින් තමන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පැමිණ ඇති බව ඔහුගේ මුහුණුපොත හරහා සජීවීව අන්තර්ජාලයට මුදාහැර ඇති බවද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වමින් සඳහන් කළා.

එකී ක්‍රියාකලාපය තව තවත් අධිකරණ නියෝග සුළු කොට තැකීමක් මෙන්ම අධිකරණයට කළ අපහාසයක් වන බැවින්, ඒ සම්බන්ධයෙන්ද වහාම විමර්ශන ආරම්භ කිරීමට විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

සැකකරු පිටතදී කොතරම් රැඟුම් පෑවත් අධිකරණ ක්‍රියාවන් සමඟ රංගනයේ යෙදීමට ඉඩදිය නොහැකි බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එවන් තත්ත්වයකදී සැකකාර මන්ත්‍රිවරයා ඇප මත මුදාහැරීමෙන් විමර්ශන කටයුතුවලටද බාධා එල්ලවිය හැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

මහජන නියෝජිතයෙකු ලෙස කෙටි කළකට ලැබුණු වරප්‍රසාද සහ කලාකරුවෙකු ලෙස ලැබුණු මහජන ප්‍රසාදය, සැකකරු අධිකරණයට බලපෑම් කිරීමට යොදාගෙන ඇති බවද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

එකී හඬ පටවල ඇත්තේ සිය සේවාදායකයාගේ කටහඬ දැයි නිශ්චිතව තහවුරු කර නොමැති බැවින් ඔහු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසයි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා එහිදී ඉල්ලා සිටියේ.

කරුණු සළකා බැලූ නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළේ මන්ත්‍රීවරයා කටහඬ පරීක්ෂාවක් සඳහා එළඹෙන 23 වන බ්‍රහස්පතින්දා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසයි.

මේ අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ සැකකාර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ දුරකථන සංවාද පැවැත්වූ අධිකරණ විනිසුරුවරුන්, පොලිස් නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඇතුලූ සියලූ දෙනාට තරාතිරම නොබලා ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිදුකර තිබූ දුරකථන සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල වාර්තා කොළඹ අපරාධ කොට්ඨාශය පසුගියදා නීතිපතිවරයා වෙත යොමුකර තිබුණා.

එම විමර්ශන, උදෘත සහ හඬ පට සම්බන්ධයෙන් සිය උපදෙස් ලබාදෙමින් නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දුන්නේ මන්ත්‍රී රන්ජන් රාමනායක, විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ව්‍යවස්ථාවේ ඇ 2 වගන්තිය යටතේ අධිකරණ වරෙන්තුවක් ගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ඒ අනුවයි අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කොළඹ අපරාධ කොට්ටාශය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඉහත ව්‍යවස්ථා ප්‍රතිපාදනය අනුව පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගත් පළමු අවස්ථාවද මෙය වනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  213 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,047 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,058 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,505 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,041 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,865 Downloads



Top 10 Commenters

Latest Comments

Top