රක්ෂිත බන්ධනාගාර ගතකළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ වනවිට වැලිකඩ- මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙනවා.
අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර විසින්.
මන්ත්‍රීවරයා කටහඬ පරීක්ෂාවක් සඳහා ලබන 23 වනදා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසටද එහිදී නියෝග කෙරුණා.
.