Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
15
"මගේ ගෑණි එක්ක තියෙන සම්බන්දෙ නවත්තපන්. ආයේ නොකිව්වා කියන්න එපා.." - ගැහැණුන් රැසක් රැවටූ ජයසිරිගේ සල්ලාලකම කඩු පහරකින් නිමා වූ හැටි - Video

- "මගේ ගෑණි එක්ක තියෙන සම්බන්දෙ නවත්තපන්. ආයේ නොකිව්වා කියන්න එපා.." - ගැහැණුන් රැසක් රැවටූ ජයසිරිගේ සල්ලාලකම කඩු පහරකින් නිමා වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,722 Views
මම කොටලා දාලා ආව... සර්ලා කියනකන් මම මිනිහා මැරිලා කියලා දන්නේ නෑ.
මගෙන් ඉල්ලපු දේවල් මට මගේ ගෑණිට දෙන්න බැරුව ගියා‍..
මම ඒ මනුස්සයට අවවාද කළා සර්. ඒකවත් ඌ පිළිගත්තේ නෑ සර්..
 
සමාජ සම්බන්ධතා තුළ බැඳුණු මිනිසුන් හා ගැහැණුන් සමාජය තුළ විවිධ භූමිකා රඟ දක්වනවා. විටෙක තමාගේ අරමුණු වෙනුවෙන් සමාජ ගණුදෙනුවේදී අනිකාව අසීමාන්තිකව රවටනු ලබනවා. තවත් විටෙක පාවිච්චි කරනු ලබනවා.
 
මෙවන් සමාජ වටපිටාවක් තුළ ගැහැණුන් අසීමිතව රැවටූ වසඟකාරි පුරුෂයෙකුගේ අඳුරු අහුමුළු පිරි රහසිගත ජීවිතයට ඉව අල්ලන, මඟ හැර යන අපරාධකරුවන් ලුහුබැඳ යන හෝරාවයි මේ...
 
සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 10.30ට හිරු ටීවී තුළින් ඔබේ ආලින්දයට එන "ඉව" නම් වූ කතා මාලාව මෙවන් අපරාධකරුවන් සොයා යන ක්‍රියාන්විතයක්.

ජයසිරි ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටියත් සැබැවින්ම ඔහු එවැන්නෙක් නොවේ. වයස 55 ක් වුවත් ප්‍රියමනාපභාවයත් මුඛරි කටත් නිසා ඔහු මිනිසුන් සහ ගැහැණුන් නොමඳව වසඟයට ගත්තා.
 
වාහනයක් පාවිච්චි කරමින්, නොමසුරු ලෙස වියදම් කරමින් ඉතාම සුඛෝපබෝගී ජීවිතයක් ගත කරමින් ඉන් ඔහු සමාජ වටිනාකමක්ද ඔහු නිර්මාණය කරගත්තා. එය ආයුධයක් ලෙස භාවිතා කරමින් ගැහැණූන් වසඟයට ගත්තා.
 
ආර්ථික ශක්තිය ගැන හීන මැවූ කාන්තාවන් කිහිප දෙනෙකු ආශ්‍රය කළ ඔහු ඔවුන්ව රට පැටව්වා. ඔවුන්ගේ එන මුදලින් යහමින් ජීවිතය ගෙව්වා පමණක් නොව එය ඔහු ජීවනෝපාය බවට පත්කරගෙන සිටියා. ස්ත්‍රී සොඬෙක් වූ ජයසිරි මේ ක්‍රියාව කාටවත් නොදැනෙන සේ සිදු කරන්නට තරම් සූක්ෂම වූවා. ඉතින්... ඔහු ගැන කවුරුත් සැක කළේවත් නැහැ.
 
හංසමාලී ඔහුගේ එක් බිරිඳක් වූ අතර අනුලා තවත් බිරිඳක් වුණා. නමුත්, කිසිම විටක ජයසිරි තමන්ගේ මේ සූක්ෂම වසඟකාරි හැසිරීම මේ කිසිදු ගැහැණියකට දැනගැනීමට ඉඩ හැරියේ නැහැ.
 
දිනෙන් දින තව තවත් ස්ත්‍රීන් සොයාගෙන ඔහු ඔවුන්වද වසඟයට ගනු ලැබුවා. ඒ ලද අවසරයෙන් ජයසිරි ගැහැණුන් රිසි සේ පාවිච්චි කරන්න ගත්තා.
 
මේ සිදුවීම සිදුවන වකවානුවේ ජයසිරි තවත් ගොදුරකට ඉව අල්ලමින් සිටියා. ඇය නමින් නිලූකා. නිලූකාද ජයසිරිට අහම්බෙන් මුණ ගැහුණු චරිතයක්. දුක්ඛිත ජීවිතයක් ගත කළ නිලූකාගේ එකම අරමුණ වූයේ තමාගේ වැටී තිබූ ආර්ථික ආගාධයෙන් කෙසේ හෝ ගොඩ ඒමයි.
 
තමාගේ පවුලට ස්වාමියා වූ අජිත්ගේ කිසිදු මුදලක් නොලැබෙන නිසාම නිලූකා විවිධ රැකියාවන්හි නිරත වෙමින් මුදල් සොයාගත්තා. ඇතැම් විටෙක කනකර බඩුද උගසට තබා ඇය නිවසට අවශ්‍ය මුදල්හදල් ලබාගත්තා.
 
දිනෙන් දින කළකිරීමට පත් නිලූකා කෙසේ හෝ මුදල් ඉපැයීමට තීරණය කරමින් කල් මරමින් සිටියා. නමුත් ඇයට පෙනෙන මානයේ කිසිදු හව්හරණක් තිබුණේ නැහැ.
 
මේ අතරතුරදී මැදපෙරදිග යාමට හංසමාලී (ජයසිරිගේ බිරියක්.) වැඩි කැමැත්තක් නොදක්වද්දි ජයසිරි ඇයව උනන්දු කළේ මැදපෙරදිග යාම ඇයට වඩාත් වාසිසහගත බවට ඉඟි කරමිනුයි.
 
ඒ නිසාම විවිධ කතා කියමින් හංසමාලීව මැදපෙරදිග යැවූ ජයසිරි දෙවැනි බිරිඳ ලෙස සිටි අනුලාවද මැදපෙරදිග යැවීමට කැමති කරවාගත්තා.
 
මේ සියල්ලෙන්ම ජයසිරිගේ අරමුණ වූයේ මැදපෙරදිග යන මෙකී ගැහැණුන් එවන මුදලින් සුඛෝපබෝගී දිවි පෙවතක් ගත කිරීමයි.
 
කාලය ගලායද්දි ජයසිරිට නිලූකාව අහම්බෙන් යළි මුණගැසෙන අතර ඇයව වඩාත් සමීප කරගැනීමට ජයසිරිට අපහසු වූයේ නැහැ. ඔහුගේ මුඛරි කටත්, අනංග බැල්මත් නිසාවෙන්ම නිලූකාද ඔහුව ඒ මොහොතේදී හඳුනා ගත්තේ කවදා හෝ ඔහුගෙන් උදව්වක් ලැබේවී යැයි යන විශ්වාසයෙන්.
 
දවසින් දවස ආර්ථිකයෙන් ආගාධයට යද්දි නිලූකාට ජයසිරිව සිහිපත් වුණා. අවසානයේ දුරකථනයෙන් සමීප වූ ඔවුන්ගේ සබඳතාවය දුරදිග ගියා. නිලූකාගේ සියලු අවශ්‍යතා ඉටුකරදීමට ජයසිරි යුහුසුළු වූ නිසාම නිලූකාගේ සිතද ඇය නොදැනුවත්වම වෙනස් වන්නට පටන් ගෙන තිබුණා.
 
ඇය තම ස්වාමියා වූ අජිත්ගෙන් ටිකෙන් ටික ඈත් වුණා. අජිත් මේ ගැන නිතර විපරමින් සිටි නිසාම ඔවුන් අතරත් අඬදබර ඇතිවීමට පටන් ගෙන තිබුණා. මෙහි අවසානයේ ප්‍රථිපලය වූයේ නිලූකා ජයසිරිට වඩාත් සමීප වී ඔහුගේ අනියම් බිරිය බවට පත් වීමයි.
 
ඒ වුවත්, ජයසිරිගේ එකම අරමුණ වූයේ නිලූකා මැදපෙරදිගට පටවා තම සුඛෝපබෝගී ජීවිතය වඩා සැපවත් කරගැනීමයි.
 
මේ නිසා නිලූකා හා අජිත් අතර සම්බන්ධය බිඳ හෙළිමටත් ඇයව වඩාත් සමීප කරගැනීමටත් ජයසිරි උත්සුක වුණා. අවසානයේ නිලූකා ජයසිරි සමඟ වාසය කිරීම සඳහා අජිත්ගෙන් වෙන්වී පිටත්ව ගියා.
 
ඒත්.. මෙයින් වියරු වූ අජිත් තම බිරිඳගෙනුත්, බිරිඳ තමාගෙන් උදුරාගත් ජයසිරිගෙනුත් පළිගැනීමට ඉටා ගත්තා. ඔහු විවිධ උපක්‍රම යොදමින් ඔවුන් දෙදෙනාව ඝාතනය කිරීමට සැලසුම් කළා.
 
එක්දිනක් ජයසිරි සොයා ආ අජිත් ජයසිරිව කඩුවෙන් කොටා ඝාතනය කරන්නේ තම වෛරය සම්පූර්ණ කරමිනුයි. දැඩි ආවේගය නිසා අජිත්ට තමන්ව පාලනය කරගත නොහැකිවූ තැන එල්ල කළ කඩු පහරින් මෙසේ ජයසිරිට තම සල්ලාල ජීවිතය හැරදා යන්නට වුණේ නොසිතූ විරූ ලෙසයි.
 
මේ පුවතින් අවට ප්‍රදේශවාසීන් මෙන්ම ජයසිරිගේ අනියම් පෙම්වතිය වූ නිලූකාත් තැතිගැන්මට පත්වුණා. ඝාතනය ගැන විමර්ශන අනතුරුව ඇරඹුණු අතර පොලිස් පරීක්ෂණවලදී 'බ්ලැකි' නම් නිල සුනඛයාගෙනුත් සහය ලැබුණා. අපරාධකරු දමා ගිය සෙරප්පු යුගලයක් ඉව කළ 'බ්ලැකි' මිනීමැරුම සිදුකළ තැනැත්තා වඩා ඉක්මනින් සොයා ගත්තා.
 
"මට මගේ රත්තරන් ගෑණිව ආරක්ෂා කරගන්න බැරුව ගියා. හැබැයි ඒ ගෑනි කවදාවත් වරදක් කරලා තිබුණෙත් නෑ. මම කුඩු ගැහුවෙත් නෑ, ගංජා ගැහුවෙත් නෑ. මම වැරදි වැඩ කෙරුවෙත් නෑ. අඩුමගානේ මම ගෑණූ පස්සෙ ගියේවත් නෑ සර්.. අපි හරිම දුප්පත්. සර්ලා දකින්න ඇතිනේ. හැබැයි සර්... මගෙන් ඉල්ලපු දේවල් මට ඒ ගෑණිට දෙන්න බැරුව ගියා. සර් මගේ ගෑණිට ඔය මැරිච්ච ඒජන්සිකාරයා නම්බරයක් දීලා තිබිලා. මගෙන් ඉල්ලපු සල්ලි ටික දෙන්න බැරිවෙද්දි ඒ මනුස්සයාගෙන් සල්ලි ඉල්ලලා තමයි මේ සම්බන්ධේ පටන් අරන් තියෙන්නේ. මම උන්දැට ගැහුවා, බැන්නා. මාව ගෙදරින් දාලා ගියා. හැබැයි මේ කතාව ඇහුවට පස්සෙ මම ඒ මනුස්සයට ගිහින් අවවාද කළා සර්. ඒකවත් ඌ පිළිගත්තේ නෑ සර්. ඇති නේද සර්. මට ආයෙම මේ කතාව ආරංචි උනා. මට ඒක විඳවගන්න බැරුව සර් මම කඩුවත් අරගෙන ගියේ. ඒ ගියේ ඒ මිනිහව මරන්න නෙවෙයි, ඒක පෙන්නලා බය කරන්න හිතාගෙනයි. ඒ ගිහිල්ලා කතා කරලා ඉවර වෙනවත් එක්කම ඒ මිනිහා මට පයින් ගැහුවා. ඒ වෙලාවේ හිතට ආපු ආවේගේ නිසා මම පාරක් ගැහුවා සර්. ගහලා.... මම කොටලා දාලා ආවා සර්... සර්ලා කියනකන් මම මිනිහා මැරිලා කියලා දන්නේ නෑ.. සර්ලා කැමති දෙයක් කරන්න මට. මම තනි මිනිහෙක් සර්..."
(ඝාතනය සිදුකළ අජිත්ගේ පාපොච්චාරණය.)

අපරාධකරුවන් ලුහුබැඳ යන හෝරාව, 'ඉව' - මෙම සම්පූර්ණ ක්‍රියාන්විතය පහතින් බලන්න....


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,110 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  408 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  12,872 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,557 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,291 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,434 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,563 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,690 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  772 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,264 Downloads



Top 10 Commenters

Latest Comments

Top