Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
15
"මට ඕනේ ඒ තත්ත්ව දෙකේම නියෝජනයක් වෙන්න.." - අවුරුදු 14දී දරුණු පිළිකාවකට ගොදුරු වූ මමා කැක්ස් මිය යාමට පෙර කී කතාව - Photos

- "මට ඕනේ ඒ තත්ත්ව දෙකේම නියෝජනයක් වෙන්න.." - අවුරුදු 14දී දරුණු පිළිකාවකට ගොදුරු වූ මමා කැක්ස් මිය යාමට පෙර කී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,009 Views
ලෝකෙට උවමනා කරන්නේ තව තවත් බ්ලොග් රචකයන් නෙවෙයි..
කළු ජාතික ආබාධ සහිත නියෝජනයක් නම් ඇත්තේම නැති තරම්..
සෑහෙන ක්ෂේත්‍ර ප්‍රමාණයක කළු ජාතිකයන් යොදා ගන්නවා..
 
නිරූපණය වැනි අතිශය විසිතුරු, සාටෝපකාරී නිර්ණායකවලින් එහි සීමාමායිම් තීරණය කෙරුණු ජාත්‍යන්තර ක්ෂේත්‍රයකට වුවද පිවිසෙන්නට කළු සම මතුනොව ආබාධිත තත්ත්වයද බාධාවක් නොවන බව ඇය ඔප්පු කර පෙන්වූවාය.
 
කෘත්‍රිම පාදයක් හා අත්වාරු යුගලකින් නිරූපණ වේදිකාව හරහා සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ විස්මයටත් ප්‍රහර්ශයටත් තුඩුදෙමින් ඇය ඇවිද ගියේ දෛවයේ කුරිරුකමින් බැටකෑ තමන් වැනි සමස්ත ආබාධිත ප්‍රජාවටම සුබවාදී බලාපොරොත්තු දල්වමිනි.

නිරූපණ ක්ෂේත්‍රයේ සීමාමායිම් අතික්‍රමණය කරමින් කළු ජාතික ආබාධිත නිරූපණ ශිල්පීන්ටද එහි දොරගුලු විවෘත කිරීම වෙනුවෙන් හඬ නැඟූ ක්‍රියාකාරිනියක වූ මමා කැක්ස්ට ඒ සඳහා ඇවැසි හැම සුදුසුකමක්ම ලැබී තිබුණේ දෛවයේ සරදමකිනි.
 
ආබාධිත තත්ත්වයට අමතරව මමා කැක්ස් මාරාන්තික පිළිකා රෝගයෙන් බැටකෑ තැනැත්තියකද වූවාය.
 
ඒ සියලු අබල දුබලතා ඇයට සිය ජීවිත සිහිනය සැබෑකර ගැනීමට තව තවත් රුකුලක් වූවා මිස බාධාවක් කර නොගන්නට තරම් පෘථග්ජනත්වය පරදවනසුලු චෛතසික වීර්යයක් හා සවියක් ඇය සතු වූවාය. සමකාලීන සුපිරි තාරකා අතර මේ කළු රූමතිය සුන්දරත්වයේ හා ආත්ම ශක්තියේ බලාගාරයක් ලෙස ප්‍රකට වූයේ එබැවිනි.
 
ඒ සා නොපසුබස්නා ආත්ම ශක්තියකින් හෙබි මමා කැක්ස්ගේ ධීරවීර පුරාවෘත්තය ඉකුත් දෙසැම්බර් 16 වැනිදා අවසන් විය. මියයන විට තිස් හැවිරිදි වියේ පසුවූ මමා කැක්ස්ගේ මරණයට හේතු වුණේ ඊට සතියකට පෙර සිට ඇයව පෙළමින් තිබූ සිරුර පුරා රුධිර කැටි හටගැනීමේ රෝගී තත්ත්වයකි.
 
මමා කැක්ස් යනු අභියෝගවලට එරෙහිව සටන්වදින්නියක පමණක් බැව් පැවසීම ඇයව අවතක්සේරුවට ලක්කිරීමකි. හැරත් ඇගේ සමස්ත ජීවිතයම එකම සටනක් විය. වයස අවුරුදු දාහතරේදී ඇය ඔස්ටියෝසාර්කෝමා නමැති අස්ථි හා පෙණහලු ආක්‍රමණය කරන දරුණු පිළිකාවට ගොදුරු වූවාය.
 
ගිකැක්ස්මි බෘටස් නමින් උපන් හයිටි, ඇමෙරිකානු ජාතික සම්භවයකින් යුතු මමා කැක්ස්ට සති තුනකට වඩා ජීවත් වීමට ඉතිරිව නැති බැව් පැවසීමට වෛද්‍යවරුන් මැලිවුණේ නැත.
 
පර්යේෂණ මට්ටමේ තිබූ ඖෂධයකත් සිය නොපසුබස්නා ධෛර්යයේත් පිහිටෙන් තවදුරටත් ජීවත්වන්නට ඇය වරම් ලැබුවත් පිළිකා මාරයා ඇයට නිකන්ම යන්නට හැරියේද නැත. රෝගයට ගොදුරු වූ අස්ථි කොටස් ඉවත් කිරීම සඳහා ඇය උකුල් ඇට ප්‍රතිස්ථාපන සැත්කමකට ලක්වුණත් එයද සාර්ථක වුණේ නැත.
 
දකුණු උකුල් ඇටයෙන් කොටසක් හා දකුණු පාදය ඇයට අහිමි වුණේ එම අවාසනාවන්ත සැත්කමේ ප්‍රතිඵලයක් ලෙසය. කෘත්‍රිම පාදයකත් අත්වාරු යුගළකත් ආධාරයෙන් ඇය දිවි මඟේ සෙසු කඩඉම් පසුකරන්නට සිතට දිරි ගත්තාය.
 
ජාත්‍යන්තරයේ කීර්තියට පත් බ්ලොග් රචිකාවියක ලෙස මමා කැක්ස් කලඑළි බහින්නේ වයස අවුරුදු දාහතේදි කොස්ටාරිකාවට ගිය චාරිකාවකදී හදිසියේම හිතට ලැබුණු පෙලඹවීමක් නිසාය.
 
පඳුරකට පයින් ගැසුවත් විසිවෙන තරම් බ්ලොග් රචකයන්ගෙන් සංතෘප්ත වූ යුගයක තමන්ටම අනන්‍ය වූ ශෛලියකින් යුතුව සෙස්සන් අතර කැපීපෙනෙන්නට නම් තමා තමාටම අවංක විය යුතු බව අවබෝධ වුණේ මෙම චාරිකාවේදී බව මමා කැක්ස් පසුව කියා තිබුණාය.
 
“මම දුර රටක සංචාරයකට යද්දී අනිවාර්යයෙන්ම මගේ අත්වාරුවලට අමතර රබර් අඩි කිහිපයක් ගෙනියනවා. ඒ මම සාමාන්‍යයෙන් හුඟක් ඇවිදින කෙනෙක් නිසා. නමුත් කොස්ටාරිකාවට ගිය ගමනේදි මට දැකගන්න ලැබුණා ලෝකේ කොයි තැනට ගියත් රබර්වලට නම් දරාපු තායිලන්තේ නිපදවන රබර් අත්වාරු අඩි සුලබව මිලදී ගන්න පුළුවන් කියලා. ඇත්තටම ලෝකෙට උවමනා කරන්නේ තව තවත් බ්ලොග් රචකයන් නෙවෙයි. තමන්ටම අනන්‍ය වූ සුවිශේෂි අත්දැකීම් ගැන කියන්න පුළුවන්කම තියෙන බ්ලොග් රචකයන් කියලා මට තේරුණේ එතකොටයි.”
 
එවක පටන් ඇය සිය සංචාර පිළිබඳ පමණක් නොව, කළු සම ඇති ආබාධිත තරුණියක ලෙසත් පිළිකා රෝගයෙන් විඳින්නට සිදුවූ ගැහැට හා සිරුරේ හටගත් විකෘතිතා හමුවේ වුවද ධනාත්මක දැක්මකින් යුතුව තමන් දෙස බලන්නේ කෙසේද යන්නටත් ඉදිරිපත් කළ අව්‍යාජ විස්තර කථන සුවහසක් රසිකයන් මමා කැක්ස් වෙත ආකර්ෂණය වීමට ප්‍රධානම හේතුවක් විය.
 
ආබාධිත කළු ජාතික තරුණියක වීම තම ඉලක්ක කරා යෑමට බාධාවක් නොවන බව ප්‍රචලිත කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත හඬක් නැඟූ මමා කැක්ස් දැරූ මතය වුණේ විලාසිතා නිරූපණය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල ආබාධිත කළු ජාතික ප්‍රජාවගේ නියෝජනය නොසලකා හැර ඇති බවයි.
 
“සමාගමක් එයාලගේ සන්නාමය ජනප්‍රිය කරන්න කැමැත්තෙන් මාව යොදා ගන්නේ නැහැ කියලා මම දන්නවා. නමුත් මම හැම තිස්සේම හිතන්නේ ඒ ඇයි කියලයි. ඉස්සරට වඩා දැන් සෑහෙන ක්ෂේත්‍ර ප්‍රමාණයක කළු ජාතිකයන් යොදා ගන්න බව පෙනෙන්න තියෙනවා. නමුත් ඒ අතරිනුත් කළු ජාතික ආබාධ සහිත නියෝජනයක් නම් ඇත්තේම නැති තරම්. මට ඕනේ ඒ තත්ත්ව දෙකේම නියෝජනයක් වන මම වගේ අයව ඒ හේතු දෙක නිසාම නිරූපණය වගේ ක්ෂේත්‍රවලට තෝරා ගන්නවා දකින්නයි.”
 
ටොමී හිල්ෆිගර්, සෙෆෝරා, ඇසොස්, සුපිරි පොප් ගායිකා රිහානාගේ ෆෙන්ටි වැනි ප්‍රකට විලාසිතා සන්නාම රැසක් සඳහා සිය නිරූපණ දායකත්වය ලබාදුන් මමා කැක්ස් ඉකුත් අගෝස්තු මාසයේදී ‘ග්ලැමර්’ සඟරාව විසින් ‘වසරේ කාන්තාව’ ලෙස නම් කරනු ලැබිණ. ඒ ඇය වැනි ආබාධිත නිරූපිකාවන්ව මෙම ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට කරවන්නට සිදුකළ පුරෝගාමී මෙහෙවර වෙනුවෙනි.
 
කිසිදා ආදර්ශමත් වීර චරිත උසස්කොට සලකමින් ඔවුන් පසුපස හඹා නොගිය මේ ආබාධිත කළු රූමතියට තමා හැර ආදර්ශයට ගැනීමට අන් චරිතයක් සිටියේද නැත. වරක් ඇය කියා තිබුණේ තමාගෙන් අසනු ලැබීමට අප්‍රියම කරන ප්‍රශ්නය වන්නේ තමා ආදර්ශයට ගන්නේ කවර පුද්ගලයෙක්ද යන්න බවයි.
 
මියෙනතුරුම ඇය ප්‍රකට කළේ එඩිතර වීර්යය ශක්තියේ ආත්මාභිමානය වූ නිසාම ඇගේ වියෝව නිමිතිකොටගෙන ශෝක පණිවුඩ එවූ රිහානා ජමීලා ජමිල්, නීනා අග්වාල් වැනි කලාකාරිනියන් ඇයට සදාතනික සැනසීම ප්‍රාර්ථනා කර තිබුණේ “ඔබ ආත්ම ශක්තිය තුළ සැතපේවා” වැනි වැකිවලිනි.
 
මියයන්නට සතියකට පෙරදී මමා කැක්ස් හදිසියේම රෝහල්ගත කර තිබුණේ උදරයේ හටගත් දරුණු වේදනාවක් හේතුවෙනි. ඒ මොහොත වන විටත් ඇය ලන්ඩනයේ අවන්හලක නවාතැන්ගෙන සිටියේ නුදුරේදී පැවැත්වීමට නියමිත විලාසිතා ඡායාරූප දැක්මකට සහභාගී වීමේ අපේක්ෂාවෙනි. 
 
රෝහල්ගත කිරීමෙන් පසු අනාවරණය වූ ආකාරයට ඇගේ උදරයේ, පාදවල හා පෙනහළු අසල රුධිර කැටි තිබී ඇති අතර ඒවා දියකර හැරීමට ඇයට රුධිර ඝනත්වය අඩු කරන ඖෂධ ලබා ගැනීමට සිදුව තිබිණ. එසේ වුවද අවසානයේදී ඇගේ මරණයට හේතු වූයේද මෙම අවාසනාවන්ත රෝගී තත්ත්වයමය.
 
‘තමිෆෙන්ටි’ සන්නාමයේ විලාසිතා අත්වාරු මතින් ජාත්‍යන්තර ජනප්‍රියත්වයේ හිණිපෙත්තට රැගෙන ගිය සිය කළු ජාතික ආබාධිත මිතුරියට අවසන් ගෞරව දක්වන්නට සුපිරි පොප් ගායිකා රිහානා අමතක නොකළාය.
 
“ඇය නිසැකවම රැජනක්. මහා බලවේගයක්. ෆෙන්ටි සන්නාමයේ නිරූපණ වේදිකාව සිය ආත්ම ශක්තියෙන් ආලෝකමත් කළ සුන්දරත්වයේ බලාගාරයක්. සහෝදරිය ඔබ බලය තුළ සැතපේවා.”
 
රුක්ලන්ති පෙරේරා
රැස


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,333 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,079 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,958 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,795 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top