Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
අත්අඩංගුවට ගෙන CCD යට රැගෙන ආ රන්ජන් හෙට අධිකරණයට - Video

- අත්අඩංගුවට ගෙන CCD යට රැගෙන ආ රන්ජන් හෙට අධිකරණයට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,192 Views
අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හෙට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළා.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත්තා.
ඒ, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදියි.

අදාළ චෝදනාවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් නිකුත් කළා.
 

ඒ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) දෙක ව්‍යවස්ථාව යටතේ කටයුතු කරන ලෙස නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුවයි.

මෙකී වගන්තිය යටතේ පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගත් පළමු අවස්ථාව ලෙස මෙය සැළකෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් සිදුකර තිබූ දුරකථන සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල වාර්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නීතිපතිවරයා වෙත යොමුකර තිබුණා.

එම විමර්ශන උදෘත සහ හඬපට සම්බන්ධයෙන් සිය උපදෙස් ලබාදෙමින් නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම්දී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඇ දෙක ව්‍යවස්ථාව යටතේ අධිකරණ වරෙන්තුවක් ගෙන ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසයි.

එසේම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් විනිසුරුවරුන් වන පද්මිණී රණවක ගුණතිලක, ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාලගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේදී බලපෑමක් කිරීමෙන් හෝ ඊට තැත් කිරීමේ අපරාධය සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බවද නීතිපතිවරයා දැනුම්දී තිබෙනවා.

එබැවින් ඉහත උපදෙස් පරිදි මෙම සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට තවදුරටත් දැනුම්දී තිබුණා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාරට කරුණු දැක්වීමක් සිදුකළ අතර, අනතුරුවයි අදාළ වරෙන්තුව නිකුත් කෙරුණේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,333 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,079 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,958 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,793 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top