Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
14
"ගීකියන කන්ද වත්තට ආවේ අවුරුදු 13දී, මගේ සැමියාත් එක්ක.." - ආසියාවේ දෙවැනි වයස්ගතම අත්තම්මා කියයි

- "ගීකියන කන්ද වත්තට ආවේ අවුරුදු 13දී, මගේ සැමියාත් එක්ක.." - ආසියාවේ දෙවැනි වයස්ගතම අත්තම්මා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32 Views
ලංකාවේ පුද්ගලයකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 73ක් බව සඳහන් වුවත් වර්තමානයේ එම ආයු කාලය වින්දනය කිරීම විශාල අභියෝගයක් බවට පත්ව ඇත. වර්තමානයේ ජීවත් වන පුද්ගලයකුගේ ආහාර රටාව, ජීවන රටාව, බෝ නොවන රෝග ඉහළ යෑම මෙන්ම දිනෙන් දින වර්ධනය වන හදිසි අනතුරු සංඛ්‍යාව ආදී කරුණු පුද්ගල ආයු අපේක්ෂාවට විශාල අභියෝගයකි.

එවන් වකවානුවක අවුරුදු 116ක් ආයු වින්දනය කරමින් සුජීවත්ව සිටීමට ලැබීම පුද්ගලයකුට ලැබෙන දුර්ලභ වාසනාවකි. ක්ලෝඩන් වත්තට අයත් නෑහින්න හෙදරලිය වත්තේ වතු නිවාසයක ජීවත් වන වේලු පාපත්ති මහත්මිය ඒ දුර්ලභ වාසනාවට හිමිකම් ලබන්නීය. ඇය දැනට ලංකාවේ සිටින වයස්ගතම කාන්තාව ලෙස වාර්තා වී ඇත.

වර්ෂ 1903 මැයි මස 03 දින කඩුගන්නාව ප්‍රදේශයේ උපත ලද වේලු පාපත්ති වසර 116කට වැඩි කාලයක් ජීවත්ව සිටී. ඇය දරුවන් දෙදෙනකුගේ මවක් වේ. එහෙත් මුනුපුරු මිනිපිරියන්ගේ සංඛ්‍යාවද ඇයට නිශ්චිතවම සඳහන් කළ නොහැකිය.

“මම කුඩා කල ජීවත් වුණේ කඩුගන්නාව ප්‍රදේශයේ වත්තක. තාත්තා වේලු, අම්මා, ඩිංගිරි අම්මා. මට අයියා කෙනකුත් අක්කා කෙනකුත් හිටියා. ඒ අය කොහේ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. මම උපන් ප්‍රදේශයේ සිට කළුතර ගීකියන කන්ද වත්තට ආවේ අවුරුදු 13දී, ගුණ වේලු එක්ක. එයා තමයි මගේ විවාහක ස්වාමිපුරුෂයා. වේලු පාපත්ති පැහැදිලි සිංහල වචනද උච්චාරණය කරමින් කතා කළාය.

“එහිදී මට දරුවෝ දෙන්නෙක් ලැබුණා. පුතා තමයි ගුණපාල. දුව තමයි අමරාවතී මැණිකේ. ඒ අයගේ දරු මුනුබුරන් ඇති. මම ඒ ගැන හරියට දන්නේ නැහැ. මම වත්තේ වැඩ කළේ ඒ කාලේ මාසෙට රුපියල් 25 පඩියට.”

වේලු පාපත්තිගේ ජීවන ගමන් මඟ සැප සම්පත්වලින් පිරි සුව පහසු ජීවිතයක් නොවීය. විවාහක සැමියා මියගිය පසු මීට වසර හැත්තෑවකට පමණ පෙර ඇය නෑහින්න හෙදරලියවත්තේ වත්මන් පදිංචි නිවෙසට පැමිණ ඇත. ඒ ජෝන් ආතා නමැති පුද්ගලයා සමඟයි. කඩිසර හා ප්‍රියමනාප කාන්තාවක් වූ පාපත්ති වත්තේ කාටත් උදවු කරමින් ක්ලෝඩන් වතුයායේ කම්කරු රැකියාවක නිරත වූවාය. ඇගේ ළමා කාලය මෙන්ම වැඩිහිටි ජීවිතයද බොහෝ කටුක දුෂ්කර පරිසරයක ගත කිරීමට සිදුවිය.

දැනට වතු නිවාසයක ජිවත් වන පාපත්ති මහත්මිය බොහෝ සරල ජීවිතයක් ගත කරයි. නිතර සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින පාපත්ති මහත්මිය ආහාරපාන සඳහා වැඩි ප්‍රමුඛත්වයක් දුන් නමුත් විශාල බලාපොරොත්තු ඇය තුළ තිබී නැත.

මේ වනවිට ලංකාවේ වැඩිම ආයු කාලයක් වින්දනය කරන වේලු පාපත්ති මහත්මියගේ භාරකරුවන් ලෙස කටයුතු කරන්නේ තංගයියා මහත්මා සහ ඔහුගේ බිරිය වන මාගලෙච්චමී මහත්මියයි.

පාපත්ති දැනට අවුරුදු 30කට වැඩි කාලයක් තිස්සේ අපිත් එක්ක මේ හෙදරලිය වත්තේ වතු නිවාසයක තමයි ජීවත් වෙන්නේ. මගේ බිරිය රට ගියාට පස්සේ මගේ දරුවා පුංචි කාලේ සිට අවුරුදු 10ක් පමණ බලාකියා ගත්තේ පාපත්තියි. ඇගේ මිනිපිරිය මීට අවුරුදු පහකට පමණ පෙර ඇවිත් ගියා. පස්සේ කවුරුත් ආවේ නැහැ. සියලු ආහාරපාන උපස්ථාන කටයුතු කරන්නේ මමත් මගේ බිරියත් බවද හෙදරලියවත්තේ පදිංචි තංගයියා මහතා පවසයි.

“පාපත්ති තාම හොඳට කනවා, බොනවා. දැන් තනියම ඇවිදගන්න ටිකක් අමාරුයි. හොඳට ඇඳල කරලා පිරිසුදුව පිළිවෙළට ඉන්න තමයි පාපත්ති කැමැති.

මෙයාගේ පවුලේ අය මෙයාව නොබැලුවත් අපේම අම්මා කෙනෙක් වගේ පාපත්තිට අපි සලකනවා. තාම හොඳට ඇස් පේනවා. හොඳින් කතාබහ කරනවා. පසුගිය දවසක වැටුණට පස්සේ ඉස්පිරිතාලෙත් ඉන්න වුණා. පාපත්තිගේ සියලු වැඩකටයුතු කරන්නේ මම, තංගයියා මහතාගේ බිරිය මාගලෙච්චමි මහත්මිය පැවැසුවාය.

“දෙමළ, සිංහල වචන හොඳින් ප්‍රකාශ කරනවා. දෙමළෙන් කවි සින්දු පවා කියනවා. පාපත්ති සැහැල්ලුවෙන් ඉන්න තමයි කැමැති. කනබොන දේවල් අපි අඩු නැතිව දෙනවා. ඇයට දීර්ඝකාලීන ප්‍රතිකාර ලබාගන්නා කිසිදු රෝගයක් නැහැ. නමුත් මේ ඉන්න ප්‍රදේශය බොහෝම දුෂ්කරයි. ඇයට හදිසි බේතක් ගන්න කිලෝමීටර් හතක් පමණ දුරක් යන්න වෙනවා. මේ වත්තට එන පාර කිලෝමීටර් 2ක් පමණ බොහොම දුෂ්කරයි. වරකට ත්‍රීවීල් ගාස්තුව රු. 600ක් විතර යනවා ප්‍රධාන පාරට යන්න.” මාගලෙච්චමී මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

පවුල් 15ක් පමණ ජීවත් වන හෙදරලියවත්ත වතු නිවැසියන් පානීය ජලය අර්බුදයකට මුහුණපා සිටී. බොහෝ දුර සිට වතුර රැගෙන ඒමට සිදුවන බවත් කඳු සහිත පරිසරයෙත් අති දුෂ්කර මාර්ගයත් නිසා වයස අවුරුදු 116 ආයු වින්දනය කරන වේලු පාපත්ති මහත්මියට අවශ්‍ය පහසුකම් සලසාදීම මේ යුවළ මුහුණදෙන ප්‍රධාන ගැටලුවකි. දැනට පාපත්ති මහත්මිය ජීවත් වන කුඩා කටුමැටි වතු නිවාසයද කඩාවැටෙන්න ඔන්න මෙන්නය. අබලන් වූ වහලද දීර්ඝ කාලයකින් අලුත්වැඩියා කර නැත.ලංකාවේ දැනට වැඩිම කාලයක් ආයු විඳිමින් සිටින වේලු පාපත්ති මාතාවගේ දුක සැප පිළිබඳ සොයාබැලීමට ‍ෙදාඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් දර්ශන, රණසිංහ මහත්මියගේ අවධානය යොමු වී ඇත. ඇය සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියන් කිහිපදෙනකු සමඟ ඇය පදිංචි නිවෙසට පැමිණ ඇගේ මූලික අවශ්‍යතාවන් සපුරාදීමට අවශ්‍ය කටයුතු කර ඇත. ඇයට රෝද පුටුවක් ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් පරිත්‍යාග කිරීමටත් මාසික දීමනාවක් ලබාදීමටත් පියවර ගෙන ඇත.

දැනට ජීවත් වන දුෂ්කර පරිසරයෙන් වෙනත් ප්‍රදේශයක ඇය වෙනුවෙන් කුඩා නිවෙසක් තනාදී ඇගේ ජීවිතය තවදුරටත් ජීවත් කරවීමට පහසුකම් සලසාදෙන්නේ නම් ඇය මියයන තෙක් හොඳින් බලාගැනීමට තමන්ගේ කාලය උපරිමයෙන් කැප කරන බවද ඇගේ වත්මන් භාරකරුවන් ලෙස කටයුතු කරන තංගයියා මහතා සහ ඇගේ බිරිය කියයි.

රංග දර්ශන
මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top