නදීර නෝනිස් කියන්නේ ජනප්‍රිය ගායකයෙක්. තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් වාදකයෙක්. ගීතය නිසා ජනතාවට සමීප වූ නදීර ගැනයි මේ තොරතුරු.
‘ටෑටූ’ එකක් කරන්න හිතුවේ ඇයි ඔබ?
අපි මැරෙනකොට මේ හැම දෙයක්ම අත්හැරලා යනවා. නමුත්, අපේ ඇඟේ ඇඳලා තියෙන දෙයක් කවදාවත් අපි මැරුණත් අයින් වෙන්නේ නැහැ. අන්න ඒක ගැන හිතලා තමයි මම ‘ටැටූ’ එක අඳින්න හිතුවේ.
දැනට ‘ටැටූ’ කීයක් ඔබ ඇඳලා තියෙනවාද?
‘ටැටූ’ දෙකක් ඇඳලා තියෙනවා. දකුණු අතේ බාහුව එකක් ඇඳලා තියෙනවා. වම් අතෙත් එකක් තව ඇඳලා තියෙනවා. මේ ‘ටැටූ’ දෙකම මගේ ජීවිතේට ගොඩක් සමීප දෙකක්. එකක මම ඇඳලා තියෙන්නේ මගේ බිරිඳගේ උපන් දිනය. අනිත් එකේ මගේ දරුවෝ දෙන්නාගේ උපන් දිනය.
පවුලේ අයගෙන් බලපෑමක් තිබුණේ නැද්ද මේ දේවල් කරනකොට?
අම්මාගෙන් නම් තිබුණා. නමුත්, බිරිඳගෙන් නම් තිබුණේ නැහැ. මොකද, ඇය මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. අනික මේ වගේ දෙයක් ඇය හිතන්නේ සාමාන්‍ය දෙයක් විදිහට.
ආයෙත් ‘ටැටූ’ එකක් අඳින්න බලාපොරොත්තු වෙනවාද?
අනිවාර්යයෙන්ම බලාපොරොත්තුවක් තියෙනවා ආයේ ‘ටැටූ’ එකක් කරන්න. මම කතෝලික බැතිමතෙක්. ඒ හින්දා මම දෙවියන් වහන්සේ මගේ පපුවේ අඳින්න හිතාගෙන ඉන්නවා. ඒක කාලයක ඉඳලා මගේ හිතේ තිබුණ එක් හීනයක්.
කරපු ‘ටැටූ’ ඇන්ඳේ කවුද?
මගේ මුල්ම ‘ටැටූ’ එක ඇන්ඳේ චාමර කියලා අයියා කෙනෙක්. එයා දැන් ජීවතුන් අතර නැහැ. මෑතකදී ඇඳපු අනිත් ‘ටැටූ’ එක ඇන්ඳේ ‘සුනෙත් ටැටූස්’ එකෙන්. ලංකාවේම ප්‍රසිද්ධ ‘ටැටූ’ අඳින තැනක් තමයි ඒක. සුනෙත් අයියා මගේ ‘ටැටූ’ එක ලස්සනට ඇඳලා දුන්නා.
ඔබ හිතන විදිහට ‘ටැටූ’ එකක් කියන්නේ මොකක්ද?
අද නම් මේක විලාසිතාවක් වෙලා. නමුත්, මම හිතන විදිහට ‘ටැටූ’ එකක් කියන්නේ කලාවක්. ඒ වගේම යම් ආකර්ෂණයක් ලැබෙන දෙයක්. ගොඩක් අය ‘ටැටූ’ කරනවා හිතෙන හිතෙන විදිහට. ඒත්, මම හිතන්නේ අපි ‘ටැටූ’ එකක් කරන්න ඕනා අර්ථයක් තියෙන දෙයක්. එය ජීවිතේටම මතකයේ රැඳෙන දෙයක් විය යුතුයි.
ඔබේ ‘ටැටු’ විලාසිතාවලට තරුණ, තරුණියන්ගේ ප්‍රතිචාර මොන වගේද?
හොඳ ප්‍රතිචාර තියෙනවා. ප්‍රසංග වේදිකාවේදී ගීත ගයනකොට ඒ ලැබුණු ප්‍රතිචාර මම අත්විඳිනවා. ඇත්තටම, මම ගීත ගායනා කරනකොට මගේ ‘ටැටූස්’ පේන විදිහට තමයි මම මයික් එක අල්ලන්නෙත්. පිරිසක් ඉදිරියේදී ඒ වගේ දෙයක් ප්‍රදර්ශනය කරනකොට පොඩි නිහතමානී සතුටක් එනවා මට.