දේශගුණ විපර්යාසවලට පියවර නොගැනීම ගැන විරෝධය පාමින් රංගන ශිල්පිනි ජේන් ෆොන්ඩා මූලිකත්වයෙන් සතිපතා සංවිධාන කරනු ලබන උද්ඝෝෂණ මාලාවේ පසුගිය සිකුරාදා දිනත් පවත්වා තිබෙනවා. සිකුරාදා දින පැවැත්වූ උද්ඝෝෂණයේ දී පුද්ගලයින් 147 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
එලෙස අත්අඩංගුවට පත්වූවන් අතර 77 වැනි ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මානයට පාත්‍ර වූ රංගන ශිල්පී වකීන් ෆීනික්ස් සහ රංගන ශිල්පී මාටින් ෂීන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනවසර ජනරාශිය, බාධා කිරීම හෝ මහජන හිරිහැරය යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.