රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැවරොෆ් දෙදින නිළ සංචාරයක් සඳහා අද (14) උදෑසන දිවයිනට පැමිණියා.
ඔහු සමඟ හතලිස් දෙදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මොස්කව් නුවර සිට රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු කියා සිටියේ.
ඔවුන් පිළිගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විදේශ කටයුතු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම මෙරට රුසියානු තානාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
මේ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම, ආසියානු කටයුතු පිළිබද සහකාර ලේකම්වරිය සහ චීන විදේශ කටයුතු අමාත්‍යවරයාත් අද දිවයිනට පැමිණියා.