Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
14
කොලිවුඩයේ සුපිරි නළු රැජිනිකාන්ත් හමුවූ උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමති විග්නේෂ්වරන් කළ ඉල්ලීම

- කොලිවුඩයේ සුපිරි නළු රැජිනිකාන්ත් හමුවූ උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමති විග්නේෂ්වරන් කළ ඉල්ලීමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views
ඉන්දියාවේ සංචාරයක නිරත වන උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් තමිල්නාඩුවේ චෙන්නායි නුවර දී කොලිවුඞ් සුපිරි නළු රැජිණිකාන්ත් හමුවී තිබෙනවා.
 
චෙන්නායි නුවර පොයෙස් - ගාඞ්න් හිදී පසුගිය ඉරිදා සිදුවූ මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය සහ මෙරට දෙමළ ජනතාවට බලපාන කරුණු රැසක් පිළිබදව සාකච්ඡා කළ බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කළේ.

එහිදී ඔහු විශේෂයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකීය දෙමළ සරණාගතයින්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට කටයුතු කළ යුතු බවයි.
 
එමෙන්ම, නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්, රැජිණිකාන්ත් වෙතින් ඉල්ලා සිටි බව වාර්තා වනවා.
 
කෙසේ නමුත්, 2017 වසරේ රැජිණිකාන්ත්ගේ ශ්‍රී ලංකා සංචාරය එරට ශ්‍රී ලංකා විරෝධී දේශපාලනඥයන්ගේ බලපෑම මත අත්හිටුවීමට පියවර ගැනුණා.
 
මේ අතර, සිය ඉන්දීය සංචාරයේ දී උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ රැසක නායකයන් හමුවූ බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ.
 
එලෙස විදුතලෙයි සිරුතයිගල් පක්ෂයේ නායක තිරුමාවලවන් මුණ ගැසුණු අවස්ථාවේදී ඔහු සඳහන් කර ඇත්තේ යුද්ධය සහ පැවති රජයන් හි දුර්වල පරිපාලනය හේතුවෙන් මිලියනයක් පමණ ශ්‍රී ලාංකිකයන් විවිධ රටවල රැකවරණ පතා ගොස් ඇති බවයි.
 
එලෙස ඉන්දියාවේ කඳවුරුවල සිටින ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික සරණාගතයන් නැවත මෙරටට පැමිණිය යුතු බව ද හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් පවසා තිබෙනවා.
 
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ උතුර පළාතේ දෙමළ ජනගහනය පහත වැටෙමින් පවතින අතර ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ දෙමළ ජනතා නියෝජනය දුර්වලවීමට පටන්ගෙන ඇති බවයි.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top