Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
13
"ඒ විවාහයේ මට ඉන්න බැරි තැනට ආව නිසයි මම එතනින් අයින් වුණේ.." - ශේෂාද්‍රි ප්‍රියසාද් - Photos

- "ඒ විවාහයේ මට ඉන්න බැරි තැනට ආව නිසයි මම එතනින් අයින් වුණේ.." - ශේෂාද්‍රි ප්‍රියසාද් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

67 Views
"මම නැවත විවාහ වෙනව නම් ඒක ආවට ගියාට කරන්නේ නැහැ.."

" මේ ලෝකෙ දික්කසාද වුණ එකම ගැහැනු කෙනා මම නෙවෙයි..."

වර්තමානයේ ලංකාවේ ජනප්‍රියතම තරු අතලොස්ස අතරේ රැඳෙන ශේෂාද්‍රි ප්‍රියසාද් තිරයේ දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. නිර්මාණ කිහිපයකින් පමණක් දකින්න ලැබුණු ශේෂාද්‍රි යලිත් විවිධ මාධ්‍ය ඔස්සේ දැකගන්න ලැබෙනවා. මේ ඇය ගැනයි.

තිරයේ දකින්න ලැබුණත් නොලැබුණත් රසිකයන්ගේ ආදරය ඔබ සමග නේද?
ඇත්තටම මම ගොඩක් වැඩ කළේ නැති වුණාට හැමෝගෙම ආදරය ලැබෙනව. ඒකට හේතුව මම වැඩ කළේ නැති වුණාට මගේ අක්කයි නංගියි නිසා මාව අමතක වෙන්නෙ නැති බවක් තියෙනව. අනිත් එක ගොඩක් වෙලාවට මම රඟපාපු චිත්‍රපට රූපවාහිනියේ නිතරම පෙන්වනව. ඒවට මට රසිකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනව. රංගනයට දායක නොවුණට මම වෙනත් කලා කටයුතුවලට යනව. අපි ශෝෂල් මීඩියාවල අපේ තොතුරු හා ඡයාරූප දානව. මේ නිසා රසිකයටන්ට මාව අමතක වෙලා නැහැ. එදා ලැබුණ ආදරේ එහෙමම තියෙනව.

ශේෂාද්‍රි කියන්නෙ අහිංසකාවියක්ද?
මම සාමාන්‍ය කෙනෙක්. ගොඩක් අය අපිව විවිධ විදිහට දකිනවනෙ. සමහරු හිතනව මම හරිම නපුරු කෙනෙක් කියල. සමහර අය කියනව ඔයා හරිම අහිංසකයි කියල. ඇත්තම කියනව නම් මම මගේ පාඩුවේ මගේ වැඩක් බලාගෙන ඉන්න කෙනෙක්.

ශේෂාද්‍රිටත් අක්කටයි නංගිටයි වගේම රංගනයට ඇරයුම් ලැබුණත් ඇයි මේ නිහඬ?
කලාවෙන් මට ආරාධනා ලැබෙනව. ඒත් මම කවදත් වැඩ තෝරගෙන කරපු කෙනෙක්. මම කැමති නැහැ ගොඩක් කාර්යබහුල වෙන්න. එකක් ඉවරවුණ ගමන් එකක් කරන්න මම කැමතිත් නැහැ. ඉස්සර වැඩ කරගෙන ගිය විදිහටම තමයි මම දැනුත් වැඩ කරන්නෙ. හොඳ ආරාධනාවක් ලැබුණොත් තෝරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. මොකද අවුරුදු පහක නැවතීමකින් පස්සෙ අලූතින් යමක් කරනව නම් හොඳ අධ්‍යක්ෂවරයෙක් සමග හොඳ නිර්මාණයකට දායක වෙන්න ඕන කියල හැඟීමක් මට තියෙනව.

ජනප්‍රිය නිළියක් වන ශේෂාද්‍රි ටෙලි තිරයට පායන්න නොසිතුවෙ ඇයි?
ටෙලි නාට්‍ය ගැන මම ඒ තරම් දන්නෙ නැහැ. මම මෙතෙක් රඟපාල තියෙන්නෙ චිත්‍රපටවල පමණයි. නමුත් හොඳ ටෙලිනාට්‍යයකට ඇරයුමක් ලැබුණොත් ඒ ගැන හිතා බලනව.

වෘත්තීය කලාකාරිණියක් නොවන ඔබ කිසියම් වූ වෘත්තියක නියැලෙන්නියක්ද?
පුර්ව ළමා සංවර්ධනය කියන ක්ෂේත්‍රයෙන් තමයි මම මගේ උසස් අධ්‍යාපනය කළේ. මම හරි ආසයි කුඩා දරුවන් සමග වැඩ කරන්න ගෙවී ගිය කාලයේ මම ගොඩක් සතුටින් කළ වෘත්තියක් තමයි ඒක. මේ වන විට මම කිසිම වෘත්තියක නිරත වෙලා නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙනව ඉගෙන ගත්ත දෙයින් සමාජයට සේවයක් කරන්න. ඊට අමතරව ළඟදීම කථිකාචාර්යවරියක් විදිහටත් වැඩ පටන් ගන්න බලාපොරාත්තුවෙන් ඉන්නව.

ශේෂාද්‍රි ඔබේ විවාහය ළඟදිම සිදුවෙනවද?
ඒ කාරණය දෙමවුපියන්ටයි කාලයටයි බාරදිලා තියෙන්නෙ. මම පළමු විවාහය පිළිබඳ අමිහිරි අත්දැකීමකට මුහුණ දිලානෙ ඉන්නෙ. මම නැවත විවාහ වෙනව නම් ඒක ආවට ගියාට කරන්න බැරි දෙයක්. මම අනිවාර්යයෙන්ම විවාහ වෙනව. ඒක කවද කොයි වෙලාවෙ වෙනවද කියල තවම තීරණයක් නැහැ. ඉදිරියේදි අපි බලමු.

පහුගිය කාලයේ බිඳවැටුණ ඔබේ විවාහය ගැන මාධ්‍ය හා මිනිසුන් සීමාව ඉක්මවා කතා කළා කියල මම පැවසුවොත්?
මම අවුරුදු පහක්ම හැම දේකින්ම අයින් වෙලා හිටිය කෙනෙක්. ඒකට හේතුව වෙන්නෙ මම විවාහ වුණා. ඒ විවාහයේ මට ඉන්න බැරි තැනට ආව නිසයි මම එතනින් අයින් වුණේ. අපි කසාද බඳිද්දි අපි දික්කසාද වෙනව කියල හිතල විවාහ වෙන්නෙ නැහැනෙ. එතන ඇතිවුණ හැම ප්‍රශ්නයක්ම නිරාකරණය කරගන්න මම උත්සාහ කළා. එහෙම කරගන්න බැරිවුණ නිසා තමයි ඒ තීරණය ගන්න සිද්ධ වුණේ. එහෙමයි කියල මේ ලෝකෙ දික්කසාද වුණ එකම ගැහැනු කෙනා මම නෙවෙයිනෙ.

ජනප්‍රිය කෙනෙක් නිසා සමාජය ඒ ගැන කතා කරනව වැඩියි. සමහර ගොසිප් සයිට් ඇත්තටම සිද්ධවුණේ මොකක්ද කියල දන්නෙ නැතිව මගේ දික්කසාදය ඉස්සරහට දාල කතා කියුවා. මේ අවස්ථාවේ මම හිත හදාගත්තෙ මම අතේ වැරැද්දක් නැහැනෙ කියල හිතලයි. මම නිවැරදියි කියල ඔප්පු කරන්න මේ සිදුවීමේදි මගේ පැත්තෙ කතාව කියන්න ගියානම් මගේ පුද්ගලික ජීවිතයට බලපෑමක් වෙනව. මා ගැන සමාජයේ තිබුණ පිළි ගැනීම සම්පුර්ණයෙන්ම අනිත් පාර්ශ්වය නැතිකරල දැම්මා. නමුත් මම ඔවුන් ගේ තත්ත්වයට වැටුණෙ නැහැ. මම නිහඬව සිටියා. කොහොමත් ඒ හැමදේම සමනය වෙලා අවුරුදු පහක් වෙනව මට ඒවා ආයෙත් අවුස්සන්න ඕන නැහැ.

ඔබ කතා කරන්නෙ බලවත් පසුතැවීමකින් හැඩයි?
අපි මේ ක්ෂේත්‍රයේ ජනප්‍රියයිනේ. ඒක නිසා තමයි අපේ ජීවිතවල මොකක් හරි දෙයක් වුණොත් ඒ දේවල් ඉක්මනින් ප්‍රසිද්ධ වෙනව. මිනිස්සු ඒ ගැන කතා කරනව. නමුත් රංගන ක්ෂේත්‍රයේ නෙවෙයි” ඕනම ක්ෂේත්‍රයක ඉන්න අයගේ ජීවිතවල මේ වගේ දේවල් සිද්ධ වෙනව. ඒවා ප්‍රසිද්ධ වෙන්නෙ නැහැ. මම දුක්වෙනව” මේ වගේ දේවල්වලින් සතුටු වෙන අයගෙ මානසික මට්ටම ගැන.


ධම්මිකා සුරංජි පතිරණ
දිවයින



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top