මේ වෙද්දී ස්වේච්ඡා ගිනි නිවන භටයින් තිදෙනෙක් ඇතුළුව පුද්ගලයින් 20 දෙනෙක් මේ ගින්න නිසා මිය ගොස් තිබෙනවා. හෙක්ටයාර මිලියන 60,000කට වඩා භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලැව් ගින්නෙන් දැවෙද්දි, ඕස්ට්‍රේලියාවේ හැම හදවතක්ම අඬවපු තවත් එක සංවේදී සිදුවීමකට බොහෝ පිරිසකගේ අවධානය මේ වන විට අවධානය යොමු වෙලා තියනවා.
ඒ ස්වේච්ඡා ගිනි නිවන භටයෙකු විදිහට බොහෝ ජිවිත ගණනාවක් මුදවාගෙන අවසන් ගමන ගිය ගිනිනිවන භටයෙකුගේ වියෝවෙන් තැවෙන පුංචි දැරියක් ගැන කතා පුවතක්.
ස්වේච්ඡා ගිනිනිවන භටයෙකු වූ Andrew O'Dwyer නත්තලට පෙර දිනෙක ගින්නට මැදිවී සටන් කරමින් සිටියදී මෙසේ මරණයට පත්වුණා.
එසේම මේ නීර්භීත විරුවාට ඔහුගේ සේවය වෙනුවෙන් සේවා පදක්කමක්ද පිරිනමා ඇති අතර ඒ සියල්ලම ලැබුණේ ඔහුගේ සිඟිති දියණිය අතටයි.
ඔහුගේ හිස මත පැළඳූ හිස්වැස්මත් පදක්කමත් අලවාගත් මේ සිඟිත්තිය තම පියා වෙනුවෙන් අවසන් ගෞරව දක්වන අයුරු බලා සිටි කාගෙත් නෙත්වලට කඳුළු ගෙනෙන සංවේදී දර්ශණයක් වුණා.
Charlotte O'Dwyer නම් මෙම දියණිය සිය පියාගේ දේහය රැගත් පෙට්ටියේ අත තබමින් සිටිනායුරු ඡායාරූපවලින් ඔබට දැකගන්න පුළුවන්.
36 හැවිරිදි Andrew O'Dwyer පසුගිය 19 වැනිදා සිඩ්නි නගරයට ආසන්න බක්ස්ටන්හි ගින්නක් මැඩපවත්වමින් සිටියදී මෙසේ ජිවිතය හැර ගොස් තිබුණා. ඔහු ගමන් කළ ට්‍රක් රථය පෙරළී ගසක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
දශකයට වැඩි කාලයක් ඔහු හෝර්සිල් පාර්ක් නම් RFS බළකායේ සේවය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
Andrew O'Dwyer දේහය පල්ලියෙන් රැගෙන යන විටත් RFS ස්වේච්ඡා සේවකයින් සිය ගණනක් ඔහු වෙනුවෙන් අවසන් ගරුබුහුමන් දක්වන්නට එක්ව සිටියා.
Andrew O'Dwyerගේ පියා පවසා සිටියේ, "තම පුත්‍රයාට සමුදීම මෙතෙක් කර ඇති අසීරුම දෙය" බවයි.
"ඔවුන් නිර්භීතව ආත්ම විශ්වාසයකින් සහ කැපවීමෙන් අපව ආරක්ෂා කළ අතර එය ඕස්ට්‍රේලියානුවන් අතර සඳහටම මතකයේ රැඳෙනු ඇති.." යනුවෙන් අග්‍රාමාත්‍යවරයා ද මේ නීර්භීත විරුවා වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.