ඉදුණු මිරිස් ආහාරයට ගැනීම හෘද රෝග සහ ආඝාතවලින් මියයාමේ අවදානම අවම කරන බව ඉතාලියේ සිදුකළ නවතම අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.
ඒ සඳහා සිදුකෙරුණු පර්යේෂණයට පුද්ගලයින් 23,000 ක් පමණ යොදාගෙන ඇති අතර, ඔවුන්ගේ ආහාර පුරුදු වසර 08 ක් තිස්සේ අධීක්ෂණය කර ඇතැයිද සඳහන්.
පර්යේෂකයින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ සතියකට අවම වශයෙන් ඉදුනු මිරිස් සිව් වතාවක්වත් ආහාරයට ගන්නේ නම් හෘද රෝග සහ ආඝාතවලින් මියයාමේ අවදානම 40% කින් පමණ අවම වනු ඇති බවයි.
..