නව පුරවැසි සංශෝධන පනතට එරෙහිව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති විරෝධතාවලදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ විරෝධතාකරුවන් බස් රථවලට ගිනි තබමින් මාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරතවීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර ඇති බවයි.
මේ අතර ඊයේ දිනයේ බටහිර බෙංගාලයේ අගනුවර වූ කොල්කටා නුවරට රැස්වූ විරෝධතාකරුවන් දුම්රිය 5ක්ද ගිනිබත් කරනු ලැබුවා.
පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලින් පැමිණෙන මුස්ලිම් නොවන සරණාගතයන්ට පමණක් පුරවැසිභාවය ලබාදෙන අදාළ පුරවැසි සංශෝධන පනත සම්මතවීමත් සමඟ ඊසානදිග ඉන්දියාවේ බටහිර බෙංගාලය සහ ඇසෑම් ප්‍රාන්තයේ විරෝධතා හටගත් අතර, මේ දක්වා දින 5 ක කාලය තුළ විරෝධතා අතරතුර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.