යාල ජාතික වනෝද්‍යානයේ සිටින නන්දිමිත්‍ර හස්තිරාජයා හොරොව්පතානේ පිහිටි අලි රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමට තීරණය කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවත් හිටපු වනජීවි අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිතුල්පව්ව විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ට හිරිහැර කරන බවට පවසමින් නන්දිමිත්‍ර හස්තියා එලෙස රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමට කටයුතු කරමින් සිටින බවටයි.
..