Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
15
නොනවතින වැලි ජාවාරමෙන් අනතුරේ වැටෙන මහවැලි පාලම ගැන හිරු සී.අයි.ඒ. අනාවරණය - Video

- නොනවතින වැලි ජාවාරමෙන් අනතුරේ වැටෙන මහවැලි පාලම ගැන හිරු සී.අයි.ඒ. අනාවරණය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,649 Views
දිගින් දිගටම සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම් හේතුවෙන් රුපියල් කෝටි දෙක හමාරක වියදමින් අලුත්වැඩියා කළ මහියංගණය මහවැලි පාලම යළි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

අද හිරු සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබඳවයි.

මහියංගනය - මහවැලි පාලම අවට සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම් හේතුවෙන් එම පාලම අවදානමට ලක්ව ඇති බව අප හිරු සී.අයි.ඒ. හරහා අවස්ථා ගණනාවකදී හෙළිදරව් කළා.
 

ඒ අනුවයි මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි දෙක හමාරක මුදලක් වැය කරමින් අවදානමට ලක්ව තිබූ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය කාලයේ සිදු කළේ.

මහජන මුදල් වැය කරමින් ප්‍රතිසංස්කරණය කළ මෙම පාලමට තර්ජනයක් එල්ලවන ලෙස යළිත්වරක් ජාවාරම්කරුවන් තහනම් කලාපයේ නීතිවිරෝධීව මහා පරිමාණයෙන් වැලි ගොඩදමන ආකාරය හිරු සී.අයි.ඒ. යළි තහවුරු කරගත්තා.

පසුගිය දින කිහිපයේම ප්‍රදේශය පුරා ඔත්තුකරුවන් යොදවමින් මෙම වැලි ජාවාරම ක්‍රියාත්මක කර තිබුණා.

මහියංගණය නගරය ආසන්නව වගාව නම්වූ ගම්මානය අසලින් ට්‍රැක්ටර් රථ මහවැලි ගඟ තුළට යොමුකර මෙම ජාවාරම සිදුකරන බවයි හිරු සී.අයි.ඒ. තොරතුරු හෙළිකර ගත්තේ.

බදුල්ල භූ විද්‍යා හා පතල් කාර්යංශය මගින් පසුගිය කාලයේ වැලි මංකඩ කිහිපයකට පමණක් බලපත්‍ර ලබාදී තිබුණද සිදුව ඇති පරිසර හානිය සලකා මේවන විට එම බලපත්‍ර ද අහෝසි කර තිබෙනවා.

එහෙත්, බලපත්‍ර අහෝසි කළ පසු බදුල්ල භූ විද්‍යා හා පතල් කාර්යංශය මගින් මෙම වැලි තොටවල් සඳහා යන මාර්ග වසා දැමීමක් සිදුකර නැහැ.

ඉන් ප්‍රයෝජන ගන්නා වැලි ජාවාරම්කරුවන් මහා පරිමාණයෙන් පරිසරය වනසමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කරනවා.

අප මෙම වැලි ජාවාරම පිළිබඳව මහියංගණය පොලිසිය දැනුවත් කළා.

ඒ අනුව පොලිසිය වැටලීමට එන අවස්ථාවේදී ජාවාරම්කරුවන් ට්‍රැක්ටරයක් එම ස්ථානයේ දමා පලායාගොස් තිබුනා.

අදාළ ට්‍රැක්ටරය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන යාමට සැරසෙද්දී එහි අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට ජාවාරම්කරුවන් පැමිණියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,333 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,079 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,958 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,795 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top