ශ්‍රී ලංකාවේ අපිරිසිදුම ආහාරය කොත්තු රොටි බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසනවා.සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාලයේදී පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළා.
කොත්තු රොටි සකස් කිරීම සඳහා යොදා ගන්නා පාන්පිටි රොටි කලින් දිනවල සකස් කර ශීතකරණවල තබා හෝ නොමැතිව අසුරා තිබෙන බවත් කැරපොත්තන් වැනි කෘමි සතුන් පවා ඒ මත ගැවසෙන බවත් කොත්තුව සකස් කරන අවස්ථාව වන විට ඒ රොටි විවිධ විෂබීජ වලින් සමන්විත වන බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
කොත්තු රොටි සඳහා යොදා ගන්නා එළවළු ද කල් ඇතිව කපා තබා ගන්නා බවද ඒවා නිසි පරිදි සෝදනවා දැයි කිසිවකු නොදන්නා බවද පැවැසූ වෛද්‍ය විජයමුණි මහතා එපමණක් නොව බිත්තර කඩා දමන විට බිත්තර කටුවෙහි තැවරී ඇති කුකුල් අසූචි පවා රොටියට වැටෙන බවද සෝදා ජීවානුහරණය කරන ලද බිත්තර යොදා ගන්නේ නම් එවැනි දේ සිදුවන්නේ නැති බවද පෙන්වා දුන්නා.
අපිරිසුදු භෝජනාගාර වහාම වසා දැමීම සඳහා ආහාර පනත අනුව ද බලතල නොමැති නිසා නීති සංශෝධනය කළයුතු බවද ඔහු සඳහන් කළා.