එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස හමුවී මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡා කිරීමට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි.
ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම පක්ෂයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් ලබන සඳුදා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කිරීමටද තීරණය කෙරුණා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය ලබන 31 වනදායින් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ, කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා අලුතින් සාමාජිකයින් නම් කළ යුතු බවයි එම පක්ෂයේ නියෝජිතයෙකු කියා සිටියේ.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයින් 94 දෙනෙකුගෙන් සමන්විත අතර, ඉන් 20 දෙනෙකු පත් කරන්නේ පක්ෂ නායකවරයාගේ තීරණය මතයි.