නාඋල පිලිහුඩුගොල්ල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණියක් මිය ගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් තරුණයින් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණියක්.
නාඋල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.