Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
14
"මට මුදල් වෙනුවෙන් මගේ ආත්මය පාවා දෙන්න පුළුවන් වුණේ නෑ..." - රොහාන් බුලේගොඩ

- "මට මුදල් වෙනුවෙන් මගේ ආත්මය පාවා දෙන්න පුළුවන් වුණේ නෑ..." - රොහාන් බුලේගොඩHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දශක දෙකකට ආසන්න කාලයක් ගතවෙලා ගිහින්...
අපිට ගීතයක් නිර්මාණය කරත්දී වෙන ප්‍රාර්ථනා , අරමුණු. බලාපොරොත්තු කිසිවක් තිබුණේ නෑ.
කාර්යය බහුල ගායකයෙක් නොවෙයි. නමුත් තාමත් රසිකයෝ ගීත අහන්න ආසයි..
 
‘‘පහුගිය කාලය පුරාම නව නිර්මානණකරනයේ යෙදුනෙ නැහැ. මට හිතුණා අලුතින් සින්දු කරලා වැඩක් නැහැ කියලා. අපි බොහොම දුක් මහන්සියෙන් සින්දුවක් කලත් ඒක මිනිස්සු අතරට යන්න විදියක් නැහැ. එහෙම යවන්න නම් මාධ්‍ය අවකාශ හදාගන්න විශේෂ පරිශ්‍රමයක් දරන්න සිද්ධවෙනවා. ඒකට වෙනම සටනක් කරන්න ඕන.‘‘

‘‘අනිත් එක අපි ඉස්සර හිතුව ගීතය තුළයි අපි රූප දකින්නේ, රූප මැවෙන්නේ කියලා.නමුත් අද රූප ඇතුළේ ගීත හොයන තත්ත්වයකට අපි පත්වෙලා. බොහෝවිට අපි රූප ඇතුලේ ගීත හොයනවා.ඉතින් මේ තත්ත්වය තුළ මම වසර ගණනාවකින් ගීත එකතුවක් කලේ නැහැ.‘‘
 
‘‘මම අන්තිමටම ගීත එකතුවක් කළේ 2011 වසරේදීයි.ඉන් පස්සේ ගීත එකක් දෙකක් වරින්වර කරන්න ඇති. නමුත් මම හිතන්නේ නෑ ඒවා මිනිස්සු අතරට ගියා කියලා.අද වෙනකොට ගීත එකතුවක් කරනවා කියන එක නැතිවෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඉතින් කරන්නේ ගීතයක් දෙකක් රූප රචනය කරලා නිදහස් කරන එකනේ. මම අන්තිමට කරපු ගීත එකතුවේ ඉතාම හොඳ ගීත ටිකක් තිබුණා.නමුත් ඒකත් රසිකයන් අතරට ගියේ නෑ. මට හිතෙනවා ඒ සඳහා තිබුණු මාධ්‍ය අවකාශය හරිම සීමිතයි කියලා.වර්තමානය වනවිට ගීතයක් රසවිඳීමේ ස්වරූපයත් වෙනස්වෙලානේ. අපි හැමවිටම ගීතයක් ගායනා කරද්දී එහි ශබ්ද රසය ගැන පමණක් හිතන්නේ නෑ. අරුත්බර පද රචනාවක් වෙන්න ඕන. එහි සාහිත්‍ය රසය ගැන හැම විටම කල්පනාකාරී වෙනවා. අනිත් පැත්තෙන් මියුරු ගීතනු නිර්මාණයක් වීම සහ සුගායනීය බව කියන මේ හැම දෙයක් කෙරෙහිම සැලකිලිමත් වෙලා තමයි අපි නිර්මාණයක් එළි දක්වන්නේ නමුත් අද වන විට මේ තත්ත්වය බොහෝ දුරට වෙනස් වෙලා. බොහෝවිට අද සලකන්නේ ගීතයක ශබ්ද රසය ගැන විතරයි කියලයි මට නම් හිතෙන්නේ වෙලාවකට මට හිතෙනවා අපි යාවත්කාලීන නොවීම අපේ දෝෂයක්ද කියලත්.ඒකේ වගකීමත් යම්තාක් දුරට අපි බාර ගතයුතුයි.නමුත් එහෙම කියලා නිර්මාණයක තිබෙන මූලිකාංග විනාශ වෙන දේ කරන්නත් බෑ.අනිත් පැත්තෙන් කිසියම් දේකට උත්තේජනයක් ඇති වෙන්නේ එයට ලැබෙන ප්‍රතිචාර මතනේ.ඒ පැත්තෙන් බලනකොට අද ගීත එකතුවක් මිලදී අරගෙන එය රස විඳීන පිරිස හරි අඩුයි.ඇහෙන දේ ඇහෙන්න අරිනවා මිසක් අහන්න උවමනාවකින් ඉන්න පිරිස අඩුයි.‘‘
 
‘‘ඇත්තටම කිවුවොත් ඉස්සර හොඳ රසිකයන් පිරිසක් හිටියා. ඒ රසිකත්වයම තමයි අපි වුණත් අද මේ තැන්වලට ගේන්න හේතු වුණේ.මම ගායකයෙක් වෙන්න කලින් හොඳ රසිකයෙක්.ඒ හැඟීමෙන් තමයි අපි මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. අපිට ගීතයක් නිර්මාණය කරත්දී වෙන ප්‍රාර්ථනා , අරමුණු. බලාපොරොත්තු කිසිවක් තිබුණේ නෑ.හොඳ නිර්මාණයක් කරන එක තමයි එකම බලාපොරොත්තුව වුණේ. අද මේක වෙනත් අරමුණු වලට යටවුණු ව්‍යාපාරයක් බවට පත්වෙලා. හැම පැත්තෙන්ම සංකීර්ණ වෙලා. සියල්ල දියුණු වෙන්න ඕන තමයි. තාක්ෂණය පැත්තෙන් අපි ඉහළට යන්න ඕන තමයි. වාණිජ වීමත් අවශ්‍යයයි තමයි. නමුත් මානුෂීය බව රැක ගනිමින් කෙරුණොත් තමයි හොඳ.ඒ ගැන හිතන්නේ නැතුව යන ඕනම කෙනෙකුට ඉක්මනින් ඉදිරියට යන්න පුළුවන් තමයි. නමුත් ගිහිල්ලා ආපස්සට හැරිල බලත්දි ඉතුරුවෙන හරයක් නෑ. එකම දේ ආර්ථික සම්පත්තියම නෙවෙයි.‘‘
 
මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දශක දෙකකට ආසන්න කාලයක් ගතවෙලා ගිහින්. මේ කාලය දිහා ආපස්ය හැරිලා බලනකොට මට කනගාටු වෙන්නට දෙයක් මම කරලා නෑ. මහ විශාල දෙයක් කරලා නැති වුණත් ඒ කරපු කියු දේවල් ගැන කලකිරීමක්, අප්පිරියාවක්, දුකක් කනගාටුවක් මට නෑ.මම මුල්ම ගීතය කළේ 1989-90 කාලයේදී . අදටත් මේ ගීතය ට පෙරදා වගේම මිනිස්සු කැමතියි.මගේ මුල්ම කැසට් පටය තමයි ‘‘ සඳක් නම්‘‘. මේ අතීතය රසිකයන්ටත් තාමත් හොඳට මතකයි. අනිත් එක අතීතය මට සතුටින් මතක් කරන්න පුළුවන්.එක පැත්තකින් ඒක හරි භාග්‍යයක්.අපි සමාජයට දායාද කලේ යහපත් ගීත.මම හිතන හැටියට සුභාවිත ගීත කියලා අමුතු ගීත වර්ගයක් තියෙන්න බැහැ.සුභාවිත නැත්නම් ඒවා භාවිතයට සුදුසු නැහැනේ.රසික ජනමන පෝෂණය කිරීම යමෙක්ට තනිවම කළ හැකි වැඩක් නොවෙයි.ඒ යුතුකම හා වගකීම තියෙන්නේමාධ්‍ය වලට.අයාලේ යන මාධ්‍ය හා එහි සදාචාරය නියාමනය කල යුත්තේ රජය විසින්.එය රජයක වගකීම.මිනිස්සු රජයක් පත් කරල බලාපොරොත්තු වෙන්නේ ඒකයි.මොකද මේ ජනතාවට අයිති ගුවන් සංඛ්‍යාත ව්‍යාපාරිකයන්ට ප්‍රධානය කරලා ඔහේ බලා සිටීම නොවේ රජයක් කළ යුත්තේ.වෙනෙකක් තබා අඩුම තරමින් බස් රථයක නැගලා කනක් ඇහිලා නිදහසේ මනුස්සයෙකුට ගමනක් යන්න පුළුවන් තත්වයක් නොවෙයි අද තියෙන්නේ.කරනවා නම් මේවා සුළු දේවල්.මේ අහිමි වෙන්නේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම්.”
 
සංගීත ක්ෂේත්‍රයට ගෙවුණු දශක දෙක පුරා විවිධ රුළි ආවා ගියා. එහෙත් බුලේගොඩ ලා එන එන රැල්ලට ගසාගෙන ගිය වුන් නොවේ.පවතින දෙයක් එක්ක ඔහේ පැටලිලා ඉන්නවාය යන අදහසින් ඔවුන් සපුරා වෙනස් වූවන්.ජීවන ගමන හමුවේ ආර්ථික අර්බූදයන් ඔවුන්ටද නැතුවා නොවේ.
 
“ මමත් ජනප්‍රියත්වයේ ඉහළ තලවල ඉන්න අවදියේ විවිධ ගණයේ නිර්මාණ කරන්න ඇරියුම් ලැබුණා. පැවතුණු ආර්ථිකයත් එක්ක ඊට හොඳ මුදලකුත් ලැබෙනවා. නමුත් අපි රැකගෙන ආව දේවල් ටික රැකගෙන ඉදිරියට යාමේ වුවමනාව තිබුණ නිසා ඒවට නතු වෙන්න මට හිතක් තිබුණේ නෑ. මට මුදල් තිබුණ කෙනෙක් නොවෙයි. නමුත් මට මුදල් වෙනුවෙන් මගේ ආත්මය පාවා දෙන්න පුළුවන් වුණේ නෑ.මට සමහර ආරාධනා ආවා සංයුක්ත තැටි කරන්න නිෂ්පාදකවරයා කැමැත්තට ගීත 04 ට ඉඩදීලා. මට ඒක කරන්න පුළුවන් වුණේ නෑ. මගේහිත එකඟ නම් ගීත 04 නෙමෙයි ගීත 16 වුණත් නිෂ්පාදක ගේ කැමැත්තට කරන්න පුළුවන් .එහෙම නැතුව මුදල් වලට ජීවිතේ ලංසු කරන්න මම කැමති වුනේ නෑ.එහෙම නොකලා කියලා අද මට මොකුත් නැතිවෙලාත් නෑ. හොඳ මානසික සුවයකින් ජීවත් වෙනවා.
 
“මට පූර්වාදර්ශ වුණු ඒ ශ්‍රේෂ්ඨ මින්ස්සුන්ගේ අදහස් ආකල්ප ඇසුරේ තමයි මගේ කලාව පෝෂණය වුණේ. ඒ නිසාම ඒ ආකල්ප , ඒ හැඟීම් , ඒ අරමුණු තවමත් ඒ තැන්වලම තමයි තිබෙන්නේ.ඉදිරියේදී වුණත් නිර්මාණ කිරීමේ උවමනාවක් නැතුවා නොවෙයි. නමුත් අපි මහන්සි වෙලා කරන ඒ නිර්මාණයටත් යම්කිසි සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න ඕනෑ. ඒ වගකීම තියෙන්නේ මාධ්‍යයට. අලුත් ශිල්පියෙකුගෙන් වුවත් ගීතයක් කරමු කියලා ලැබෙන ආරාධනයක් මට පිළිගන්න හිතෙන්නේ නැත්තේ ඒකයි. මට හිතෙනවා අන්තිමට ඒ ශිල්පියාටත් අනේ මේ වියදමි කරපු සල්ලි ටික අපරාදේ කියලා හිතෙයි කියලා.නව නිර්මාණ මිනිසුන් අතරට ගෙනයාම මාධ්‍යයේ වගකීම කියලා මට හිතෙනවා.දැන් හුඟක් වෙලාවට අපි දකිනවා ශිල්පියෙක් ගෙන්වලා වෙනත් ශිල්පියෙක් ගේ ගීත ඔහු ලවා ගායනා කරවනවා වැනි වැඩසටහන්.එහෙම කරනකොට නව නිර්මාණයකටත් ඉඳහිට හෝ වියදම් කරන්න පුළුවන් නම් කොච්චර හොඳයිද.දැන් ඉස්සර අපේ ගීත මාධ්‍ය ආයතන වාදනය කරපු නිසානේ අපිත් මේ තැන් වලට ආවේ.නමුත් අද ඔවුන් අතීතය සම්පූර්ණයෙන්ම වලදාලා කටයුතු කරනවා.අද නිර්මාණයක් අගය කරන්න තියෙන්නෙත් වෙනවෙන මිණුම් දඩුනේ.බොහෝ වෙලාවට කතා වෙන්නේ නිර්මාණයේ අගය නොවෙයි.ඒ ප්‍රඩක්ෂන් එකට ගිය සම්පූර්ණ වියදම ගැන, එසේත් නැත්නම් ඒකට පාවිච්චි කරපු කැමරා ගැන ආදියනේ. නිර්මාණයක් හඳුන්වන්න. ගණනය කරන්න සහ අගය කරන්න වෙන වෙන තක්සේරු හා අගයන් තමයි හදාගෙන තිබෙන්නේ.‘‘
 
‘‘ගායකයෙක් විදියට තාමත් මට තැනකට ගියාම සින්දු කියන්න සිද්ධ වෙනවා. අර මුල් කාලේ වගේ කාර්යය බහුල ගායකයෙක් නොවෙයි. නමුත් තාමත් රසිකයෝ මගේ ගීත අහන්න ආසයි. වාණිජත්වයටම කොටු වෙලා මේ ගමන යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. එදා වගේම තාමත් මට තියෙන්නේ හොඳ දෙයක් යහපත් දෙයක් සමාජයට දෙන්න සහ එයින් ආනන්දයක් ලබනවා සේම ප්‍රඥාවටත් යොමු කිරීමයි. ඉස්සරහටත් කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න තියෙනවා නම් ඒක තමයි මම අත්විඳීන සහනශීලී ජීවිතය‘‘
 
හේමාලි විජේරත්න
සරසවිය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top