මොරගහහේන ප්‍රදේශයේදී රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එහිදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් මෙන්ම ඔවුන් ගමන් ගත් මෝටර් රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගනු ලැබුවා.