කිලිනොච්චිය , පලෙයි ප්‍රදේශයේදී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ(13) සවස සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ පලෙයි ප්‍රදේශයේම පදිංචි අවුරුදු 25 ක් සහ 34ක් වන තරුණයින් දෙදෙනෙක්.
පොලිසිය කියාසිටියේ කොළඹ සිට යාපනය දක්වා විනෝද චාරිකාවක පැමිණි බස් රථයක් සහ යතුරුපැදියක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර පලෙයි පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.