Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
13
"පාස්කු ප්‍රහාරය පිළිබඳව අනතුරු ඇඟවීම් ලිපිය පොලිස් ස්ථානවලට නොලැබුණේ පොලීසියේ නොසැලකිල්ලෙන්.." - ජනපති කොමිසම හමුවේ අද හෙළි වූ දේ මෙන්න - Video

- "පාස්කු ප්‍රහාරය පිළිබඳව අනතුරු ඇඟවීම් ලිපිය පොලිස් ස්ථානවලට නොලැබුණේ පොලීසියේ නොසැලකිල්ලෙන්.." - ජනපති කොමිසම හමුවේ අද හෙළි වූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,622 Views
ප්‍රහාරයට පෙර එවැනි ලිපියක් නොලැබුණු බව පොලිස් කොස්තාපල්වරයා කියයි...
ලිපිය පාස්කු ප්‍රහාරයට පෙර දිනයක ලැබුණු ලෙස ගොනු ගත කරන ලෙස පැවසුවාලූ...
ගොනු ගත කළ යුත්තේ කුමන දිනයක් යටතේදැයි පසුව දැනුම් දෙන බව කියලා..
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ ලිපි පොලිස් ස්ථාන වෙත නොලැබුණේ කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික සහකාර නිලධාරී පොලිස් අධිකාරී උපේන්ද්‍ර නමැත්තාගේ අතපසුවීමකින් බව ජනාධිපති කොමිසම හමුවේ අද හෙළිවුණා.
 
ඒ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අදත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර පත් කළ ජනාධිපති කොමිසමේදී හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී හෙලි නොවූ කරුණු රැසක් මෙම ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වීමද විශේෂත්වයක්.
 
පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පත් කෙරුණු පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව හමුවට පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ඊයේ කැඳවා තිබූ අතර ඉන් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් සාක්ෂි විමසා තිබුණා.
 
එක් නිලධාරියෙකුගෙන් සාක්ෂි විමසීම අදට කල් තැබුණේ කාල වේලාව ඉක්මවා යෑම හේතුවෙන්.
 
ඒ අනුව පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොටහේන පොලිස් ස්ථානයේ ලේඛන භාර නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් නලීන් බණ්ඩාර මහතාගෙන් කොමිසම ඊයේ සාක්ෂි විමසා සිටියා.
 
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ඔහුගෙන් විමසුවේ පාස්කු ප්‍රහාරයට පෙර පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත යොමුකළ බව කියන ලිපිය ලැබුණේ ද යන්නයි.
 
තමන්ට ප්‍රහාරයට පෙර එවැනි ලිපියක් නොලැබුණු බව පොලිස් කොස්තාපල්වරයා සඳහන් කළා.
 
නීතිඥවරයා පෙරලා විමසුවේ එවැනි ලිපියක් කිසියම් හෝ අවස්ථාවක දැක ඇත්ද යන්නයි.
 
එහිදී නලීන් බණ්ඩාර මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදුවූ දින පස්වරුවේ එවක කොටහේන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා තමන්ට එම ලිපිය ලබා දුන් බවයි.
 
එමෙන්ම එම ලිපිය පාස්කු ප්‍රහාරයට පෙර දිනයක ලැබුණු ලෙස ගොනු ගත කරන ලෙසත් ගොනු ගත කළ යුත්තේ කුමන දිනයක් යටතේදැයි පසුව දැනුම් දෙන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා තමන්ට පැවසූ බවද පොලිස් කොස්තාපල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
 
අනතුරුව එවක කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටි සංජීව බණ්ඩාර මහතා සහ ඔහුගේ පෞද්ගලික සහකාර නිලධාරී පොලිස් අධිකාරී උපේන්ද්‍ර නමැත්තා අදාළ ලිපිය ප්‍රහාරයට පෙර ලැබුණු බවට ගොනු ගත කරන ලෙස දින කිහිපයක් පුරා තමන්ට බලපෑම් කළ බව ද පොලිස් කොස්තාපල්වරයා කොමිසම ඉදිරියේ කියා සිටියා.
 
පොලිස් කොස්තාපල් නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා දින කිහිපයකින් අනතුරුව තමන් අමතා, පෙර ලබා දුන් ලිපිය අප්‍රේල් මස 19 වැනි දිනය යටතේ ගොනුගත කරන ලෙස දැනුම් දුන් අතර, ඉහළ නිලධාරීන්ගේ බලපෑම් මත තමන් එලෙස සිදුකළ බවයි.
අදාළ ලිපි ගොනුව ද ඔහු ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළා.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන ජනාධිපති කොමිෂන් සභාව අනතුරුව සාක්ෂි විමසුවේ කොටහේන පොලිස් ස්ථානයේ වත්මන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ මහතාගෙන්.
 
කෙසේ වෙතත් සාක්ෂි විමසීම සඳහා තිබූ කාලය අවසන් විම හේතුවෙන් ඔහුගෙන් සාක්ෂි විමසීම අදට කල් තැබුණා.
 
ඒ අනුව කොටහේන පොලිස් ස්ථානයේ වත්මන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ, පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොටහේන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිටි මහින්ද කරුණාරත්න යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අදත් ජනාධිපති කොමිසම හමුවට කැඳවූවා.
 
සාක්ෂි විමසීම ආරම්භ වුණේ පස්වරු 2 ට පමණ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,333 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,078 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,957 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,792 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top