මාතර නගරයේ වෙරළ තීරය බොහෝ දෙනාගේ සිත් ඇදගන්නා සුළු ස්ථානයක්. පෙම්වතුන් පෙම්වතියන් ඔවුන්ගේ පෙම් සුව විඳීමට වෙරළ තීරය වැඩි වශයෙන්ම තෝරා ගන්නවා. සමහර අය උපකාරක පන්ති වලට යන්නේ නැතුවත් මේ වෙරළට ඇවිත් පෙම්සුව විඳිනවා.
පෙම්සුව විඳින යුවල් මෙලෙස කුඩ යටට වී පෙම්සුව විඳින තරුණ තරුණියන් බියකර හෝටල් කාමර වලට රිංගවන අමුතු ජාවාරමක් කලක සිට මාතර නගරයේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මෙලෙස ජාවාරමේ නිරත වන පුද්ගලයින් බොහෝවිට ත්‍රිරෝද රථ රියදුරන් වන අතර ඔවුන් පෙම් යුවලට අවවාද දෙන මුවාවෙන් මෙම ජාවාරමට හසුකරගනී. ඔවුන් පැමිණ පවසන්නේ, මෙලෙස පෙම්සුව විඳින බොහෝ දෙනා පොලිසියෙන් අල්ලාගන්නා බවයි.
එලෙස පවසා ඔවුන් බිය වැද්දීමෙන් පසුව යුවල සඳහා රුපියල් 400 ට හෝටල් කාමර ඇති බව පවසන මෙම ජාවාරම්කරුවන් ඔවුන් එම ස්ථාන වලට ගෙන යාමට රුපියල් 150 ක් ගන්නා බව වාර්තා වනවා.
මෙලෙස මේ තරුණ තරුණියන් මාතර එළියකන්ද ප්‍රදේශයේ ලැගුම්හල් වලට ගෙනයන මේ ජාවාරම්කරුවන් පසුව රුපියල් 400 කාමර අවසන් බව පවසා රුපියල් 1000 කාමර වලට මෙම යුවල ගෙනියන බව තරුණ තරුණියන් හෙළිකරනවා.
මෙලෙස ජාවාරම්කරුවන් ත්‍රීරෝද රථ කුලිය පමණක් නොව කාමර කුලියෙන්ද කොටසක් ගනී. කෙසේ නමුත් වෙරළ තීරයට පෙම්සුව විඳීමට පැමිණෙන තරුණ තරුණියන් නිවෙස් වලට යන්නේ මේ ජාවාරම්කරුවන්ගේ ගොදුරට පත්වීමෙන් පසුව වීම මේ වනවිට ඛේදනීය තත්ත්වයක් වී තිබෙනවා.