පසුගිය දා අභාවප්‍රාප්ත වූ රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ පත් කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් නිකුත් කරනු ලැබුවා.
2015 මහමැතිවරණයේදී රංජිත් සොයිසා මන්ත්‍රීවරයාට පසු වැඩිම මනාප ලබා ගනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ වරුණ ලියනගේ අපේක්ෂකයායි.
කෙසේ වෙතත් ඔහු මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නිවිතිගල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරනවා.