Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
12
"එම ලේඛනය පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණා යැයි ලේඛනගත කරන්න කියලා බලපෑම් එල්ල වුණා..." - පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනාධිපති කොමිසම හමුවේ පොලිස් පරීක්ෂකවරයෙක් හෙළි කළ දේ - Video

- "එම ලේඛනය පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණා යැයි ලේඛනගත කරන්න කියලා බලපෑම් එල්ල වුණා..." - පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනාධිපති කොමිසම හමුවේ පොලිස් පරීක්ෂකවරයෙක් හෙළි කළ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,289 Views
පොලිස් මුරපොලේ එවැනි ලිපි, ගොනු ගත කිරීමේ හැකියාවක් නොමැති බව කිව්වා..
තමන්ව මාස 2ක් ඇතුළත මෝදර පොලිස් ස්ථානය වෙතත් යළිත් වරක් දඬුවම් මාරුවක්..
ස්ථාන මාරු කිරීම්වලට කිසිඳු හේතුවක් තමන් නොදන්නා බවයි ඔහු පැවසුවේ..
 
පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත යොමුකළ බව කියන ලිපිය තමන් වෙත නොලැබුණු බව පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අද සඳහන් කළා.
 
මේ අතර උප පොලිස් පරීක්ෂක ලහිරු ප්‍රදීප් මහතා සාක්ෂි දෙමින් සඳහන් කළේ, අදාළ ලිපිය ප්‍රහාරයට පෙර ලැබුණු බවට සාක්ෂි දෙන මෙන් තමන්ට විවිධ බලපෑම් එල්ල වූ බවයි.

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පත් කෙරුණු පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව හමුවට පොලිස් නිලධාරීන් 5 දෙනෙකු කැඳවා තිබුණා.
 
ඒ අනුව ජනාධිපති කොමිසම ප්‍රථමයෙන් සාක්ෂි විමසුවේ මෝදර පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.සී. ජනක කුමාර මහතාගෙන්.
 
එහිදී පාස්කු ප්‍රහාරයට පෙර පොලිස්පතිවරයා විසින් ඉහළ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ස්ථාන වෙත යැවූ බව කියන සී.9 ලේඛනය සම්බන්ධයෙන් කොමිසම ප්‍රථමයෙන් විමසා සිටියා.
 
පාස්කු ප්‍රහාරයට පෙර එම ප්‍රහාරය පිළිබඳ දැනුවත් කරමින් පසුගිය අප්‍රේල් මස 11 වැනිදා උසස් පොලිස් නිලධාරීන්ට අදාළ ලේඛනය යොමුකර තිබූ බවට පෙර සාක්ෂි විමසීම්වලදී සඳහන්ව තිබුණා.
 
අදාළ ලේඛනය ජනක කුමාර මහතා වෙත ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමසා සිටියේ අදාළ ලේඛනය පාස්කු ප්‍රහාරයට පෙර තමන් වෙත ලැබුණේ ද යන්නයි.
 
ඊට පිළිතුරු දෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක කුමාර මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරයට පෙර තමන්ට එවැනි ලේඛනයක් නොලැබුණු අතර එවැනි ලේඛනයක් දැක හෝ නොතිබූ බවයි.
 
නමුත් පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව එදිනම පස්වරු 12.56 ට කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරී සංජීව බණ්ඩාර විසින් වී.පී.එන්. මාර්ගයෙන් එම ලේඛනය තමන්ට යොමුකළ බව ඔහු සඳහන් කළා.
 
ඉන් අනතුරුව ජනාධිපති කොමිසම සාක්ෂි විමසුවේ වාරියපොළ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්. ලහිරු ප්‍රදීප් උදයංග මහතාගෙන්.
 
ඔහු පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ආසන්නතම පොලිස් මුරපොළ වන ජම්පටා පොලිස් මුරපොළේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර තිබෙනවා.
 
නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයා ඔහුගෙන්ද විමසා සිටියේ සියලු පොලිස් ස්ථාන වෙත යැවූ බව කියන දැනුවත් කිරීමේ ලේඛනය තමන් වෙත ලැබුණේද යන්නයි.
 
ඊට ලහිරු ප්‍රදීප් මහතාගේ පිළිතුර වූයේ එවැනි ලේඛනයක් තමන්ට නොලැබුණු බවයි.
 
ඔහු සඳහන් කළේ, කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ පෞද්ගලික සහකාර නිලධාරී පොලිස් අධිකාරී උපේන්ද්‍ර නමැත්තා ප්‍රහාරයෙන් අනතුරුව තමන් සංජීව බණ්ඩාර මහතාගේ කාර්යාලයට කැඳවා අදාළ සී.9 ලේඛනය ලබාදී එම ලේඛනය පාස්කු පාහාරයට පෙර ලැබුණු ලෙසට පොලිස් මුරපොලේ ලේඛනගත කර ගන්නා ලෙස දැනුම් දුන් බවයි.
 
කෙසේ වෙතත් තම පොලිස් මුරපොලේ එවැනි ලිපි, ගොනු ගත කිරීමේ හැකියාවක් නොමැති බවත් තමන් වෙත එවැනි ලේඛන පැමිණිය යුත්තේ වෙරළබඩ පොලිස් ස්ථානයෙන් බවත් එම නිසා අදාළ ලේඛනය එම පොලිස් ස්ථානයට ලබාදිය යුතු බවත් තමන් ප්‍රකාශ කළ බවද පොලිස් පරීක්ෂක ලහිරු ප්‍රදීප් මහතා වැඩිදුරටත් කියා සිටියා.
 
ඔහු තවදුරටත් සඳහන් කළේ, එම සිදුවීමෙන් අනතුරුව පොලිස් අධිකාරී උපේන්ද්‍ර නමැත්තාගෙන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගෙන්, පෙර සඳහන් කළ ලේඛනය ප්‍රහාරයට පෙර ලැබුණු ලෙස ගොනුගත කරන ලෙස තමන්ට දිගින් දිගටම දුරකථන මාර්ගයෙන් බලපෑම් එල්ල වූ බවයි.
 
එමෙන්ම මීට පෙර ක්‍රියාත්මක වූ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජනාධිපති කොමිසමට සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාක්ෂි දෙන අවස්ථාවේ අදාළ ලේඛනය කලින් ලැබුණු බවට සඳහන් කරන ලෙස ද ඔවුන් දෙදෙනාගෙන් තමන්ට බලපෑම් එල්ල වූ බව උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා.
 
අනතුරුව තමන්ව මාස 2ක් ඇතුළත මෝදර පොලිස් ස්ථානය වෙතත් යළිත් වරක් දඬුවම් මාරුවක් ලෙස වාරියපොළ පොලිස් ස්ථානය වෙත මාරුකර යැවූ බව උප පොලිස් පරීක්ෂක ලහිරු ප්‍රදීප් මහතා කොමිසම ඉදිරියේ කියා සිටියා.
 
ඔහු සඳහන් කළේ, එම ස්ථාන මාරු කිරීම්වලට කිසිඳු හේතුවක් තමන් නොදන්නා බවයි.
 
මෙම කොමිෂන් සභාවට සාක්ෂි ලබාදීමට පැමිණීමට පෙර ඒ පිළිබඳ පොලිස් අධිකාරී උපේන්ද්‍ර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර දැනුවත් කරන ලෙස ඔවුන් බලපෑම් කර තිබූ බවත්, කෙසේ වෙතත් තමන් ඔවුන් දැනුවත් නොකළ බවත් උප පොලිස් පරීක්ෂකවරයා ජනාධිපති කොමිසමට දැනුම් දුන්නා.
 
ඒ අනුව ජනාධිපති කොමිසම නියෝග කළේ 2015 / 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ පනත අනුව උප පොලිස් පරීක්ෂක ලහිරු ප්‍රදීප් මහතා වෙත ප්‍රතිපාදන සලසන ලෙසයි.
 
මේ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.එච්. මහින්ද කරුණාරත්න, කොටහේන පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක ඒ.එච්.එම්. සිරිසේන අබේසිංහ සහ පරසන්ගස්වැව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් ඒ.එල්. නලීන් බණ්ඩාර යන පොලිස් නිලධාරීන් ද ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුන්නා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,334 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,079 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,958 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,795 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top