Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
12
මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් සහතිකයක්

- මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් සහතිකයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,537 Views
රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිවරයා පැවැසුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයෙන් ජනාධිපතිතුමා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යලයේ දී පැවැත්වුණු අතර එහිදී ඔහු  මේ බව සඳහන් කළා.

පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත් කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිවය. දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වේ. එම අරමුණ ජය ගැනීමේදී ද මාධ්‍යයේ සහාය  තමා වෙත නොඅඩුව ලැබෙනු ඇති බවට ජනාධිපතිවරයා මෙහිදී විශ්වාසය පළ කළා .

ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් වනවා.

එබැවින් රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පසුගිය දිනවල සංවාදයට ලක් වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබද සිය ප්‍රසාදය පළ කළා.

ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳව කණගාටුව පළ කළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඒවා නිවැරදි කිරීමේ හැකියාව ද මෙරට මාධ්‍ය සතුව පවතින බවයි.

නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇදීමේ රැල්ල පිළිබදව මෙහිදී මාධ්‍ය දැනුවත් කළ ජනාධිපතිවරයා පැවසුවේ එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරුණ්‍ය අතරින්ම බිහි වූ නිර්මාණශීලි වැඩපිළිවෙළක් බවයි.

කෙසේ වෙතත් රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ  දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා  පැහැදිළි කළා.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට‍ එක්ව සිටියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,333 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,079 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,958 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,794 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top