ඌව සහ නැගෙනහිර පළාත්වල සහ යාපනය දිස්ත්‍රික්කයේ අද (12) දිනය තුල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ අනුරාධපුර, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේදී සිහින් වැසි ඇති විය හැකි බවයි.
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් අද (12) පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.
සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 50-75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි අතර ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.