මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියන් කිහිපදෙනෙකුට මඤ්ඤොක්කා ව්‍යාංජනයක සඟවා හෙරොයින් රැගෙන යාමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ බන්ධනාගාර නිලධාරින් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල - වැලිවත්ත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක බවයි පොලීසිය පැවසුවේ.
බන්ධනාගාර නිලධාරින් විසින් අදාළ මඤ්ඤොක්කා ව්‍යාංජනය පරීක්ෂා කිරීමේදී සූක්ෂම ලෙස පුළුන් කැබැල්ලක සඟවා තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 230 ක් සොයා ගැණුනා.
සැකකාරිය වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ගාල්ල පොලීසියට භාර දී තිබෙනවා.