Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
11
ආපදා, කාලගුණය, ආගමන - විගමන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

- ආපදා, කාලගුණය, ආගමන - විගමන ආරක්ෂක අමාත්‍යාංශය යටතටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,274 Views
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍ය විෂය පථයන් සහ කාර්යයන් ගැසට් කර තිබෙනවා.
 
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 / 1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලවයි. ඒ අනුව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාවද එම අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන එමඟින් ගැසට් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා 31 ක් ඇතුළත් කර ඇති අතර, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය රහස් තොරතුරු සේවය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලය ද ඒ අතර වනවා.
 
එමෙන්ම පසුගිය රජය සමයේ නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ තිබූ ශ්‍රී ලංකා පොලීසිය ද ආරක්ෂක අමාත්‍යවරයාගේ විෂය අතරට එක්කර තිබෙනවා.
 
මේ අතර වැඩිම ආයතන සංඛ්‍යාවක් පවතින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ පවතින මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයටයි.
 
එම සංඛ්‍යාව 48 ක් වන අතර, ඊට මහා භාණ්ඩාගාරය, මහබැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිසම මෙන්ම සියළු රාජ්‍ය බැංකු සහ ඒවායේ පාලිත සමාගම්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලයද ඇතුලත් වනවා.
 
අඩුම ආයතන සංඛ්‍යාවක් ඇත්තේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග යටතේ පවතින කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේයි.
 
ඒ, 2011 අංක 43 දරණ පනත යටතේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතුකර ඇති ඌණ උපයෝජිත වත්කම් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයයි.
 
සියළු ආගමික කටයුතු දෙපාර්තමේන්තු, මෙන්ම පුරාවිද්‍යා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ගැසට් කර ඇත්තේ බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේයි.
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ සේවක අර්ථ සාධක අරමුදල, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මාධ්‍ය ආයතන ගැසට් කර ඇත්තේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා දිවුරුම් දුන් තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයටයි.
 
එමෙන්ම පසුගිය රජය සමයේ ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පැවති 1990 සුවසැරිය පදනම නව විෂය පථයන් ගැසට් කිරීමට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ යටතට පවරා තිබෙනවා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,332 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,073 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,957 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,633 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,732 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,792 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top