Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
11
"සමලිංගික සේවනය මගේ මව් රටෙහි දඬුවම් ලැබිය හැකි වරදක්.." - පළමු වරට විශ්ව රූ රැජිණ තරඟයට ගිහින්, සියල්ලන් පුදුම කළ සමලිංගික යුවතිය Swe Zin, ලෝකෙටම ඇහෙන්න කියපු සංවේදී කතාව - Photos

- "සමලිංගික සේවනය මගේ මව් රටෙහි දඬුවම් ලැබිය හැකි වරදක්.." - පළමු වරට විශ්ව රූ රැජිණ තරඟයට ගිහින්, සියල්ලන් පුදුම කළ සමලිංගික යුවතිය Swe Zin, ලෝකෙටම ඇහෙන්න කියපු සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,776 Views
මේ තරුණිය බොහොම නිර්භීතව ප්‍රසිද්ධ මධ්‍යයේ සඳහනක් කරමින් එය පිළිගත්තා..
ඇය අත්හැරී බෝම්බය නිසා ලෝකයේ බොහෝ දෙනා පුදුමයට පත් වුණා..
ජනතාවට ඔවුන්ගේම මාවතක් තෝරාගැනීමට පුළුවන් බවත් ඇය කියනවා...
 
මෙවර විශ්ව රූ රැජිණ එහෙමත් නැත්නම් Miss Universe කිරුල දකුණු අප්‍රිකාවේ කළු හමක් සහිත තරුණියක් දිනාගැනීමත් එක්ක ලෝකය පුරාම අවධානය වෙනදාටත් වඩා එම තරගාවලිය වෙත යොමුවුනා යැයි කීම නිවැරදියි.
 
කොහොම වුනත් මේ 25 හැවිරිදි සුරූපිනිය තමන්ගේ ජනග්‍රහණය තුලින් මුළු ලෝකයේම අවධානය තමන්ගේ පැත්තට හරවා ගනිද්දී එම තරගයේ සිටි තවත් සුරූපිනියක් තරමක මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකල අයුරු විදෙස් මාධ්‍ය පහුගිය දවසක වාර්තා කරලා තිබුණා.

ඒ තමයි මියන්මාරය නියෝජනය කරමින් Miss Universe තරගයට ඉදිරිපත් වුන 21 හැවිරිදි Swe Zin Htet.
 
තමන් තමයි ලෝකයේ පළමු වරට මෙවැනි අන්තර්ජාතික තරගාවලියක් සාර්ථකව අවසන් කල සමලිංගික කාන්තාව ඇය බව මේ තරුණිය බොහොම නිර්භීතව ප්‍රසිද්ධ මධ්‍යයේ සඳහනක් කරනවා.
 
අවසාන මහා රාත්‍රියට ඉතාම සීමිත දින ගණනක් තිබියදී කවුරුත් බලාපොරොත්තු නොවුන වෙලාවක ඇය අත්හැරී මේ බෝම්බය නිසා ලෝකයේ බොහෝ දෙනෙක් පුදුමයෙන් දෑස් දල්වා ගත්තා කිවුවොත් හරි.
 
ඒ ඇත්තටම වෙන මුකුත් නිසා නෙමෙයි. ඇය තුල පැවතී නිර්භීතකම නිසා. සමලිංගික සේවනය තවමත් අයගේ මව් රටෙහි දඬුවම් ලැබිය හැකි වරදක් බවට නීතියෙන් පත්ව තියෙද්දිත් ඇය මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම ඇත්තටම පුදුම සහගත එකක් බව තමයි විදෙස් මධ්යනම් පවසන්නේ.
 
පසුගිය මැයි 31 දින මියන්මාරයේ මිස් ශූරතාව දිනාගනිමින් Miss Universe තරගයට සුදුසුකම් ලබපු හෙටෙට්, සමලිංගිකයෙකු ලෙස එළියට පැමිණියේ මිස් යුනිවර්ස් අවසන් මහා තරඟයට සතියකට පෙර මිස්සොසොලොජි නම් රූපලාවණ්‍ය බ්ලොග් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
 
තමන් දීර්ඝ කාලයක සිට ඇයගේ මේ ලිංගික දිශානතිය ගැන තේරුම් ගත බවත් 2015 වසරේ සිටම තමා තුල ඒ සම්බන්ධව පුළුල් තේරුම් ගැනීමක් ගොඩනගා ගැනීමට තමන්ටම හැකිවූ බවත් ඇය එහිදී අව්‍යාජව පවසනවා.
 
මෙලෙස සත්‍ය පවසමින් ප්‍රසිද්ධියේ එළියට පැමිණීම පහසු නැති නමුත් බුරුමය ලෙස හඳුන්වන රටක් වන මියන්මාරයේ එවැනි ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට ඇයට හිමිවන හොඳම අවස්ථාව එය බවයි ඇය තවදුරටත් පවසන්නේ.
 
එය පෞද්ගලිකව තරමක් අභියෝගාත්මක නමුත් වඩා හොඳ හඬක් නැගීමට මෙය අවස්ථාවක් බවත් සමහර රසිකයන් ඒ ගැන දන්නා අතර ඔවුන් තවමත් තමන්ට සහයෝගය දක්වන බවත් ඇයට ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කිරීමට හැකි වූ පළමු අවස්ථාව මෙය බවත් Swe Zin Htet කියන්නේ පුදුම අතම ශක්තියකින්.
 
සෑම රටක්ම සමලිංගික විවාහයට ඉඩ නොදෙන බව ඇය විශ්වාස කරන බවත් ජනතාවට ඔවුන්ගේම මාවතක් තෝරාගැනීමට සහ සතුටු වීමට ඇති අයිතිය මුළු ලෝකයටම තේරුම් කරවීම ඇයගේ එකම බලාපොරොත්තුව බවත් ඇය තවදුරටත් පවසනවා.

මව්බිම


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,332 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,073 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,957 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,633 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,732 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,792 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top