Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
10
"දසවධ දීලායි අම්මව බාගෙට මරලා එයාට සිහි නැති උනාම ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ.." - සාජා නුවරදී ඝාතනය වූ ශ්‍රියාගේ මරණයේ නොවිසුදුණු අභිරහස

- "දසවධ දීලායි අම්මව බාගෙට මරලා එයාට සිහි නැති උනාම ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ.." - සාජා නුවරදී ඝාතනය වූ ශ්‍රියාගේ මරණයේ නොවිසුදුණු අභිරහසHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,291 Views
ඒ දේ මේ ලෝකේ දරුවෙක්ගේ ඇස් දෙකෙන් කිසිම දවසක දකින්න හොඳ නැහැ..
පපුවට, පියයුරුවලට, කකුල්වලට තදබල ලෙස පහරදීලා, අතේ මැණික් කටුව ළඟ කැළැලක්..
මං කිව්වා මට මේ මරණය ගැන සැකයි කියලා මිනිය දැක්ක ගමන්ම..
 
ගම්පහ වලව්වත්තේ පිදංචිව සිටි 'ශ්‍රියා කුමුදුනී' පුතුන් දෙදෙනෙකු හා සැමියා සමඟ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙමින් යන්තම් සිය ජිවිතය ගැට ගසා ගත් දිරිය කාන්තාවක්. ඇය හඳුන්කුරු කර්මාන්තය සිය ජීවනෝපාය කරගත්තා.
 
කුඩා පුතුන් දෙදෙනා ගේ අඩුපාඩු සැපිරීමට තරම්වත් සරිලන මුදලක් කුමුදුනිලාගේ ව්‍යාපාරයෙන් නොලැබුණු අතර සමහර අවස්ථාවල වේලක් ඇර වේලක් සොයා ගැනීමත් ඔවුන්ට ගැටළුවක් වුණා.

ඒ වනවිට දරුවන්ද කුඩා අවදියේ පසුවුණා. ස්ථිර නිවසක් ද නැහැ. සැමියාටත් ස්ථිර රැකියාවක් නැහැ. දෙලොවක් අතර සිරවී සිටි ශ්‍රියා මේ දුකින් ගොඩ යාමට මඟක් සෙව්වේ මේ අතරයි.
 
ඒ 1981 වසරයි. ශ්‍රියා තම දරුවන් විඳින දුක් කන්දරාව සහ ඉහට ස්ථිර වහළක් වත් නොමැති මේ දරු පවුලේ අනාගත සුබ සිද්ධිය උදෙසා මැදපෙරදිග රැකියාවකට යාමට තීරණය කළේ සිය මවගේ භාරයේ දරුවන් තබමිනුයි.
 
තම දියණියගේ දරුවන් විඳින දුක ගැන සිතු ශ්‍රියාගේ මව දියණියගේ දරුවන් රැක බලා ගැනීමට එකඟ වූ පසු 1981 වසරේ දිනක ශ්‍රියා කුමුදුනි පෙරේරා 'එක්සත් අරාබී එමීර්' රාජ්‍යයේ සාජා නුවරට ගියා. එවකට ඇයට ලැබුණූ සේවා ස්ථානය යහපත් එකක් වුණා.
 
ඇය ඇගේ මාසික වැටුප නොවරදවා නිවසට එව්වා. දින සති මෙසේ ගෙවී ගියා.
 
ආච්චිගේ සෙවණේ හැදුණු ලොකු පුතා චමින්දට වයස අවුරුදු 19 පිරීමෙන් පසු ඔහුද තමන් සිටිනා රටට ගෙන්වා ගත් ශ්‍රියා, චමින්ද පුතුටත් එරටින් රැකියාවක් සොයා දුන්නා.
 
එතැන් සිට මේ දක්වා සිදුවූ දේ කඳුළු අතරින් චමින්ද කියූ ලෙසම මෙහි සටහන් වන්නේ තවත් කිසිම දරුවෙකුට 'එසේ නොවේවා' යන ප්‍රාර්ථනාව ඇතිවයි.
 
"අපේ අම්මා රට ගියේ අපේ පවුලේ නැති බැරිකමින් ගොඩ අරගන්න. අම්මා රට යද්දි මං ගොඩක් පොඩියි. මට බාල මල්ලි කෙනෙකුත් හිටියා. ඒ කාලේ අම්මා එවපු සල්ලිවලින් මල්ලියි මමයි හොඳින් ඉගෙන ගත්තා අපි හැමෝම තුන් වේල බඩ කට පිරෙන්න කෑවා.."
 
"පස්සෙ මට වයස අවුරුදු 19 පිරුණට පස්සෙ අම්මා මාව ඒ රටට ගෙන්වා ගෙන මට රස්සාවකුත් හොයලා දුන්නා.."
 
"ඒ කාලේ නම් හරිම සුන්දරයි. පුංචි කාලේ මව් සෙනෙහස නැතිඋනු මට අම්මාගේ සෙනෙහස උපරිමයෙන් භූක්ති විඳින්න ලැබුණා. මම අවුරුදු දෙකක් ඒ රස්සාව කරගෙන සතුටින් හිටියා..."
 
"ඒ අතරේ දවසක් ලංකාවෙන් හදිසි පණිවුඩයක් ආවා අපේ මල්ලි වැලිවේරිය බෝම්බ ප්‍රහාරයකින් නැතිවුණා කියලා. ඒ වෙලාවේ අම්මත් මමත් අන්ත අසරණ වුණා. අම්මා එයාගේ පාස්පෝට් එක වීසා ගහන්න දීලා තිබුණේ. 'පොත' නැවත දෙන්නේ වීසා ගැහුවට පස්සේ.."
 
"මේ හේතුව නිසා අම්මා මාව විතරක් ලංකාවට එව්වා. මල්ලිගේ අවමඟුල් වලින් පස්සෙ මමත් විවාහ වුණා. පස්සෙ මං ආපහු රට ගියේ ගියේ නැහැ. අම්මා කලින් ගෘහ සේවිකාවක් වශයෙන් රැකියාව කළා. පස්සේ අම්මට ඒ රටේ ඉස්කෝලෙක පිරිසිදු කිරීමේ රස්සාවක් හම්බෙලා තිබුණා. පස්සෙ අම්මා ඒ රස්සාව කළා. ඒ රස්සාව ලැබුණට පස්සෙ අම්මා කුලී නිවසක් අරන් ජිවත් උනේ.."
 
"ඒ දවස්වල අම්මගේ බඩේ ගෙඩියක් ඇවිත් එහෙදි ඔපරේෂන් කළා. ඒකටත් ලොකු වියදමක් ගියා. අපිටත් වියදම් කළා. ඉතින් මේ හේතු නිසා අම්මගේ අතේ සල්ලි ඉතිරි උනේම නෑ. පසුගිය කාලේ ඉඳලම අම්මා මේ නොවැම්බර් මාසේ ලංකාවට එන්න සල්ලි එකතු කළා.."
 
"ඒ රටේ අම්මා හිටපු ගෙදර කාමර තුනක ලොකු ගෙයක් නිසා ඒකේ ඉතුරු කාමර දෙක කුලියට දීලයි තිබුණේ..."
 
"මගේ ලොකු දුවත් නෝනත් අම්මා එහේට ගෙන්න ගත්තා දුවගේ ඉස්කෝලෙ නිවාඩුවට. හැමදාම රෑට අම්මා අපිත් එක්ක 'ස්කයිප්' වලින් කතා කරනවා. ඒත් පසුගිය අගෝස්තු 13න් පස්සෙ අම්මා කතා කළේම නෑ. මට ලොකු බයක් දැනිලා මං ළඟ තිබුණූ ෆෝන් නම්බර් එකට කතා කළා. අම්මා මේ නොවැම්බර් මාසේ 2වැනිදා ලංකාවට එන්න හිටියේ. ඒ ගැන අහන්නයි කතා කළේ.."
 
"මගේ කැමැත්තක් තිබුණා මගේම කියලා වැඩපළක් පටන් ගන්න. එහෙන් මෙහෙන් යාළුවන්ගෙන් සල්ලි වලට ගත්ත බඩුත් මැෂින් කිහිපයකුත් මා ගාව තිබුණා.."
 
"ඒවා ගන්න මට උදවු කළේ මගේ අහිංසක අම්මා. තව ප්‍රධාන මැෂින් කීපයක් ඕනෑ නිසා අම්මා ඇවිත් මට ඒවා අරන් දුන්නට පස්සෙ ව්‍යාපාරයට පටන් ගන්නයි මම හිතන් හිටියේ.. එ ලබන 2020 ජනවාරි පළමුවැනිදාට.."
 
"මට ස්ථිර ආදායම් මාර්ගයක් හදලා දීලා අම්මා රටින් එන්න හිටියේ අම්මගේ ළඟ මට ගන්න එකතු කරපු සල්ලි ලක්ෂ 15කට වඩා තිබුණා. රත්තරන් බඩුත් ලක්ෂ ගානක තිබුණා. ඒවා මගේ දුවට පෙන්නලා තිබුණා දුව අම්මා ගාව ඉන්නකොට.."
 
"අම්මගෙන් ආරංචියක් නැති නිසා අම්මාගේ යාළුවෙක් වෙලා හිටපු ඉන්දියානු දෙමළ කාන්තාවක් වන 'උණු මරුවාන්' කියන කෙනාට මම කෝල් කළා. එයා තමයි මට ඉස්සල්ලාම කිව්වේ මගේ 'අම්මව මරලා ෆ්‍රිජ් එකට දාලා තියනවා' කියලා. අම්මගේ යාලුවෝ ඔක්කොමලා මේ මරණෙන් පස්සෙ අපිව මඟ ඇරියා. එයාලට නීතියෙන් ප්‍රශ්ණ එයි කියලා. කෝල් එකක්වත් දුන් නෑ ඒ රටේ පොලිසියට තියෙන බයට..."
 
"අන්තිමේදි මම අම්මව අඳුනන අම්මා හිටපු ගෙවල් ළඟ ඉන්න ලංකාවේ 'අංකල්' කෙනෙක්ගෙන් අම්මා ගැන ඇහුවා. එයා මට ඇත්තම කතාව කීවා. අම්මගේ ඝාතනයෙන් පස්සේ ඒ රටේ පොලිසිය අම්මා නැවතිලා හිටපු ගෙටත් සීල් තිබ්බා. ෆ්‍රිජ් එක පිටින්ම මිනිය හොස්පිට්ල් ගෙනිච්චා කියලා ඒ අංකල් මට කිව්වා..."
 
"මිනීමරුවා අම්මා හිටපු ගෙදර ලයිට් ඕෆ් කරලා ෆ්‍රිජ් එකේ විතරක් කරන්ට් එක ඕෆ් නොකර යන්න ගිහින් තියෙන්නේ. මේ තොරතුරු මට එහෙන් ආවට පස්සෙ මගේ ඔළුවට කිසිම අදහසක් ආවේ නෑ කරන්න ඕනි මොකද්ද කියලා. මමත් මගේ බිරිඳත් දුවත් සිය දහස් වාරයක් වැළපෙන්න ඇති..."
 
"පස්සෙ මම විදේශ කටයුතු අමාත්‍යංශයට ගිහින් අම්මාගේ මිනිය ලංකාවට ගෙන්වලා දෙන්න කියලා ඉල්ලුවා.."
 
"ඊට පස්සෙ තමයි 27 වැනිදා අම්මාගේ දේහය ගුවනින් ලංකාවට එවලා තිබුණේ. මීගමුව මහ රෝහලේදී වැඩ බලන මහේස්ත්‍රාත් ගොඩ්ෆ්‍රි කුරේ මහත්තයා මරණ පරීක්ෂණයක් කරලා අධිකරණ වාර්තාවක් ගේන්න නියෝග කළා. 28 හවස මිනිය ගෙදරට ගෙනාවා. 29 අම්මගේ අවසන් කටයුතු කළා.."
 
"ඇත්තටම මම හිතන් හිටියේ අපේ අම්මව කපලා කොටලා මරලා කියලා. නමුත් එදා ඒ අවාසනාවන්ත දවසේ මම දැක්කේ මේ ලෝකේ දරුවෙක්ගේ ඇස් දෙකෙන් කිසිම දවසක නොදැකිය යුතු දෙයක්..."
 
"මළසිරුර හඳුනාගන්න යන්න වුණේ මට. මීගමුව අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්තුමා අම්මාගේ සිරුර දාලා එවපු පෙට්ටිය ඇරියේ මගේ ඉස්සරහ. මට බලන්න බැරිඋනත් නීතිමය අතින් කළයුතුම නිසා මං බැලුවා කඳුළු හංඟගෙන. කියන්න දුකයි..."
 
"ඇත්තටම අපේ අම්මා සුදු බෝලයක් වගේ ලස්සන හොඳ හැඩි දැඩි කෙනෙක්. ඒත් ඒ මිනිය අම්මාගෙමද කියලා මට හිතාගන්නවත් බෑ. හොඳටම කළු වෙලා මූණේ පවා තැලුම් පාරවල්. බෙල්ලේ ඉඳලා පහත බඩට යනතුරු පලලා මහලා තිබුණා. ශරිරය පුරාම තැළුම් පාරවල් අතේ කැපුම් තුවාල තිබුණා. මං කිව්වා මට මේ මරණය ගැන සැකයි කියලා මිනිය දැක්ක ගමන්ම.."
 
"අම්මාගේ මළසිරුර ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න කියලා මහේස්ත්‍රාත්තුමා නියෝග කරලා මළසිරුර රෝහලට යැවුවා. අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කරපු වෛද්‍යවරයා හරිම කරුණාවන්ත කෙනෙක්. මම එයාගෙන් ඇහුවා 'සර් අම්මා පණපිටින් ඉන්දැද්දි ද ෆ්‍රිජ් එකට දාලා තියෙන්නේ කියලා.." ඒ ඩොක්ටර් මට ඒක විස්තර කළා තේරෙන විදිහට..."
 
"අම්මා මැරෙන්න කලින් එයාට සිහි මුර්ඡා වෙලා තියනවා. සිහි මුර්ඡා උනාට පස්සෙ එයාව ඇදගෙන ගිහින් ෆ්‍රීජ් එකට දාලා ලොක් කරලා පස්සෙ ඔක්සිජන් නොලැබීම හේතුවෙන් තමයි අම්මා මැරිලා තියෙන්නෙ කියලා.."
 
"දොස්තර මහත්තයා අම්මගේ ශරීරේ තියෙන තුවාල ගැනත් විස්තර කළා. පපුවට පියයුරු වලට කකුල්වලට තදබල ලෙස පහරදීලා දකුණු අතේ මැණික් කටුව ළඟින් ඉතාම තදින් තෙරපීමක කැළැල් තියෙනවා කියලත් කිව්වා.."
 
"අම්මගේ මරණයට පෙර එයාට ඉතාම බරපතල විදිහට වධ හිංසා පමුණූවලා තියෙන බව තැළුම් පාරවල්වලින් තේරෙනවා කියලත් දොස්තර මහත්තයා කිව්වා.."
 
"දකුණු අතේ මැණිල් කටුව ළඟ තෙරපීමට හේතුව අම්මට හිසටම පහරදීලා එයාට සිහි නැති උනාම කාමරේ ඉදලා අතින් ඇදගෙන යාම වෙන්න පුළුවන් කියලත් කිව්වා.."
 
"කොහොම වුණත් දස වධ දීලායි අම්මව බාගෙට මරලා එයාට සිහි නැති උනාම ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ.."
 
"ඒක ලොකු ෆ්‍රිජ් එකක් කියලා මගේ දුවත් නෝනත් මට කිව්වා. අධිකරණ වෛද්‍ය වාර්තාවේ මේක සාවද්‍ය මිනිස් ඝාතනයක් කියලා සඳහන් කරලා තියනවා. අම්මගේ කරේ තිබුණා රත්තරන් චේන් පටක්, කරාබු මුදු මේ මුකුත් තිබුණේ නැහැ. සල්ලිත් රුපියල් ලක්ෂ 13කට වඩා තිබුණා.. මට පෙන්නුවා එයා..."
 
"මේ කිසිම දෙයක් ගැන අපිට අහන්න කෙනෙක් නෑ. මේ මිනීමරුවා රටින් පැනලා යන්න කලින් අත්අඩංගුවට ගන්න කියලා අපි ඉල්ලීමක් කරන්න ඕනි..."
 
"මේක කොයි රටක උනත් මිනිස් ඝාතනයක්. අනික අපේ ගෙදරට මිණි පහනක් වුණු අම්මා නැති උනාට පස්සේ අපිට බඩුමුට්ටු වැඩක් නෑ. ඒත් මට මේ දේත් නොකියා බෑ. අම්මා නිතරම ඉඳගෙන ඉන්න හාන්සි පුටුවක් එයා හිටපු ගෙදර තියෙනවා. අම්මා මගේ දුවට කියලා තියනවා 'පුතේ මං මැරුණු දවසක ඕනේම දුකක් මේ පුටුව ළඟට ඇවිත් කියන්න. මං ඒක අහලා පුළුවන් විදිහට පිහිට වෙන්නම්' කියලා. එයා අපි එක්ක හැමදාම කතා කරන්නෙත් ඔය පුටුවෙම ඉඳගෙන.. අනේ මට මුකුත් එපා. පුළුවන් නම් මේ පුටුව විතරක් මට එවන්න. මේ වෙනකොට මගේ ලොකු දුව බරපතල විදිහට මානසිකව වැටිලා..."
 
"මේ වෙද්දි ඒ ගේ සීල් කරලා. ඒක අයිති අරාබි ජාතියෙකුට. අද අපි ඉතාම අසරණයි. වැඩපලක් කරන්න ණයතුරුස් වෙලා ගත්ත බඩුවකින් දැන් කිසිම ඵලක් නෑ. දරු දෙන්නෙක් ඉන්න මට ඒ වගේ දෙයක් කරන්න හයියක් නෑ. මුදල් නෑ.."
 
"අපේ අම්මට ඒ රටේ බැංකු ගිණුමක් තිබුණා. අම්මා ඒ සල්ලි ඒ ගිණුමේ දාලා තිබුණේ. වරින් වර වියදමට ගත්තේ කාඩ් පතක් පාවිච්චි කරලා. මම බලධාරින්ගෙන් ඉල්ලනවා අම්මාගේ බැංකු තැන්පතු ගැනත් නිවසේ බඩු මුට්ටු ගැනත් හොයා බලන්න කියලා. මේ අපරාධය කරපු කෙනා නම් රටින් පැනලා යන්න කලින් අත්අඩංගුවට ගන්න ඕනෑ. අපිටත් වඩා ඒ රටවල්වල නීතිය තදයි..."
 
කලුවාදේවගේ ශ්‍රියා කුමුදුනී පෙරේරා මහත්මියගේ අවසන් කටයුතු ඉකුත් 29 වැනිදා ගම්පහඇටඹගහ කනත්තේදී සිදු කෙරුණා. ඇය මිය යන විට 60 වියේ පසුවුණා.
 
ශ්‍රියාගේ ඝාතනය ගැන පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකයි.
 
එස්. එච්. අයි. කුසුම්ලතා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,337 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,081 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  633 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,958 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,772 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,637 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,832 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,796 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top