Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
10
"දුවගේ රූපයේ ලස්සන එයාටම විනයක් වුණා. ඉංග්‍රීසි දැනුමත් වැරදියට භාවිතා වුණා" අවුරුදු දහසයේ සිට තරුණයන් සමඟ හෝටල් ගාණේ අවලමේ යන්නට පුරුදු වූ රූමත් දියණිය නිසා මියගිය පියා භුතයෙකු වී පැමිණි හැටි

- "දුවගේ රූපයේ ලස්සන එයාටම විනයක් වුණා. ඉංග්‍රීසි දැනුමත් වැරදියට භාවිතා වුණා" අවුරුදු දහසයේ සිට තරුණයන් සමඟ හෝටල් ගාණේ අවලමේ යන්නට පුරුදු වූ රූමත් දියණිය නිසා මියගිය පියා භුතයෙකු වී පැමිණි හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,731 Views
මම කරදර කරන්නේ නෑ. මම මගේ දුවට ආදරෙයි
"දුව අයාලෙ ගියා ජීවිතය අවුල් කරගෙන. දුව බේරාගන්න ඕනෑ."

කෙනෙකු දුටු­වන් මන බඳින ප්‍රසන්න වූ රූප සම්ප­ත්ති­යක් ලබන්නේ පෙර සසර මෛත්‍රී සහ­ග­ත­වීමේ ආනි­සං­ස­ය­ක­ටය. මෛත්‍රීය භාව­නා­වක් ලෙස ගත් කළ සමථ භාව­නා­වකි. සම­ථ­යෙන් සිදු වන්නේ රාග, ද්වේශ, මෝහාදී කෙලෙස් යට­පත් කිරී­මකි. යළි කවදා කොත­න­කදී හෝ ඒ කෙලෙස් නැගී සිටිය හැකිය.

ගම්පහ උත්පලා විසි දෙහැ­වි­රිදි සුරූපී තරු­ණි­යකි. ලංකාවේ පුර­වැ­සි­නි­යක වුවද ඇය වැඩි පුර කාල­යක් ගත කරන්නේ විදෙ­ස්ව­ලය. නැත හොත් උඩු ගුව­නේය. ඒ ඇය ගුවන් සේවි­කා‍වක වූ නිසාය. ඇගේ මව ගෘහ­ණි­යකි. පියා නැවක සේවය කරයි. අයියා සුද්දි­යක සමඟ විවාහ වී එංග­ල­න්තයේ පදිංචි වී සිටී. තාත්තා මුදල් උප­ය­මින් අත දිග හැර දරු­වන්ට විය­දම් කළේය.

ජාත්‍ය­න්තර පාස­ලක අධ්‍යා­ප­නය ලැබූ උත්පලා වයස අවු­රුදු දහ­සයේ සිට තරු­ණ­යන් සමඟ හෝටල් ගාණේ අව­ලමේ යන්නට පුරුදු වූවාය. සමාජ ශාලා­වල ගොස් මත් පැන්ව­ලින් සිහි විකල් කැර ගත් ඇය පාන්දර වාහ­න­ව­ලින් ගෙද­රට ගෙනත් දමා යන තත්ත්ව­ය­කට පත් වූවාය. මේ බේබ­ද්දි­යගේ චර්යා­වන් නිසා පියා රැකි­යා­වෙන් ඉවත්ව මුහු­දෙන් ගොඩට පැමි­ණිය ද ඔහුට හිමි වුයේ කල­කි­රීම, පසු තැවීම, සහ වේද­නවා පමණි. පියා අකා­ලයේ මිය ගියේය. ඉන් පසු දුව ගුවන් සේවි­කා­වක ලෙස හිතු­මතේ නිද­හස භුක්ති වින්දාය.

හිටි හැටියේ උත්පලා සිහි­සුන්ව වැටෙ­න්න­ටත් රාත්‍රී හීනෙන් බියට පත්ව දහ­දිය වගු­රවා ගෙන අවදි වන්න­ටත් එතැන් සිට නොනිදා පහන් කර­න්න­ටත් වූවාය. කෑම අරු­චිය නිසා ශරී­රය කෙට්ටු විය. වෛද්‍ය ප්‍රති­කාර ගත්තත් කිසිදු සුව­යක් නොවීය. මනෝ වෛද්‍ය ප්‍රති­කාර වශ­යෙන් ආත­ති­යට ඖෂධ පෙති ගිලි­මින් සිටී. ඒ කිසි­ව­කින් සහ­න­යක් නොවු­යෙන් උත්ප­ලාගේ මව ඇතු­ල්කෝට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ්‍ය­ස්ථා­නය වෙත ඇය කැඳවා ගෙන ආවාය. එහිදී අධ්‍යා­ත්මීය උප­දේ­ශ­ක­ව­රයා මුණ ගැසී රෝගා­බාධ තත්ත්ව­යන් පැහැ­දිලි කළාය. ගවේ­ෂ­ක­ව­රයා රෝග පරී­ක්ෂාවේ යෙදෙන විට උත්පලා වෙවු­ල­න්නට වූවාය. ඇයට අම­නුෂ්‍ය දෝෂ­යක් ඇති බවට නිග­ම­නය කළ ගවේ­ෂ­ක­ව­රයා දින විසි එකක් ගමේ පන්ස­ලේදී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උප­දෙස් දුන්නේය.

බෝධි පූජා අව­සන් කොට නැවත පැමිණි දිනයේ ගවේ­ෂක වරයා ශක්ති කිරණ එල්ල කරන විට උත්ප­ලාගේ ශරී­ර­යෙන් භූතා­ත්ම­යක් දිෂ්ටි ගැන්වී ආවේය. ගවේ­ෂ­ක­ව­රයා ප්‍රශ්න කිරීම් අරම්භ කළේය.

“කවුද මේ ශරී­ර­යට ඇතුළු වෙලා ඉන්නේ?”
“මම නිහාල්” යැයි භූතා­ත්මය උත්තර දුන්නේය”
“කවුද නිහාල් කියන්නේ? මේ උත්ප­ලාගේ කවුද?”
“මම උත්ප­ලාගේ තාත්තා”
“ඇයි මේ අයට කර­දර කරන්නේ?”
“මම කර­දර කරන්නේ නෑ. මම මගේ දුවට ආද­රෙයි. දුව අයාලෙ ගියා ජීවි­තය අවුල් කර­ගෙන. දුව බේරා­ගන්න ඕනෑ.”
“දුවට මොන­වද වෙලා තියෙන්නේ?”
“දුවට දැන් ජීවි­ත­යක් නෑ. හේතු ඵල දහම අනුව දුව ඒ තත්ත්ව­යට පත් වුණාට මමත් වග කියන්න ඕනෑ. මම මුද­ල්ව­ලට මුල් තැන දීලා මුදල්ම හොයන්න ගියා. දුව පොඩි කාලේම මම පිට­රට නැවක රස්සා­වට ගියා. ඒ ලොකු­වට මුදල් හොයන්න. මුද­ල්ව­ලින් සැන­සුම සතුට හොයන්න බැහැ. මම රට ගිහින් ගෙද­රට සල්ලි එව්වා. ඒ සල්ලි­ව­ලින් නෝනත් වැරදි කළා. දුවත් ඒවාට හුරු වුණා. පාප­යට බය නැති වුණා. ඉන්ට­ර්නැ­ෂ­නල් ස්කූල් යැව්වා. ආධ්‍යා­ත්මීය දියු­ණු­වක් ලැබුවේ නැහැ. පුතත් සුද්දි­යෙක් බැඳ ගෙන පිට­රට පදිං­චියි. දුවගෙ රූපයේ ලස්ස­න­ටත් ඉංග්‍රීසි දැනු­ම­ටත් ගුවන් සේව­යට බැඳුණා. ඒකෙන් බීමට ඇබ්බැහි වුණා. එක එකා එක්ක අව­ලමේ දඩා­වතේ ගියා. මට යථා­ර්ථය වැට­හිලා රස්සා­වෙන් අස්වෙලා ගෙදර ආවා. දුව විනාශ වෙලා. රට රට­වල වල්කම් කළා. ගෙදර ආවත් සල්ලි තියෙන නිසා දඩා­වතේ ගියා. එක වතා­වක් මාස අට­කින් ගෙදර ආවේ නෑ. මම සමාජ ශාලා­වල හොය හොයා ඇවිද්දා.මගේ දුව නේද කියන ආද­රේට. මට හොයා ගන්න බැරි වෙලා මම පපුවේ අමා­රු­ව­කින් මැරුණා. මැරි­ලත් දුව හොය හොයා ඇවිද්දා. හිතේ අමා­රු­වට හිත කිලුටු වෙලා. අපා­ගත වෙන්නත් සිද්ධ වුණා. මම දැන් දුක් විඳින ප්‍රේත­යෙක් බවත් මම දන්නවා. දැන් දුව ගෙදර ඇවිත්. දැන් ලෙඩෙක්. සල්ලි වලින් වැඩක් නැහැ. මම අහස අල්ලන්න ගිහින් දැන් පස්ස බිම ඇනිලා දුක් විඳි­නවා. දුවත් එහෙ­මයි.
දුවගේ රූපයේ ලස්සන එයා­ටම වින­යක් වුණා. ඉංග්‍රීසි දැනු­මත් වැර­දි­යට භාවිත වුණා. මම සල්ලි හොයන්න ගිහින් සැන­සිල්ල නැති කර ගත්තා.” යි ප්‍රේතයා අඩ­න්නට වූයේය.

උත්පලා පියවි සිහි­යට පත් කළ ග‍වේෂක වරයා අව­වාද කළේය.

“තමන්ගේ පෙර පින­කට ලැබුණු සල්ලිත්, රූප සොබා­ව­යත්, ඉංග්‍රීසි දැනු­මත් තුනම නර­කට භාවිත කිරීමේ විපාක දැන් විඳි­නවා. ඒ එක­ක­වත් වටි­නා­ක­මක් නැති තත්ත්ව­යට පත් වෙලා. දැන් ඔයාට ගොඩ එන්න බැහැ සිය­යට අනූ­වක්ම විනාශ කර­ගෙන. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මර­ණය විත­රයි. මර­ණ­යට ලැහැ­ස්තිද?”

“අනේ මාව බේරා­ගන්න.” යි උත්පලා අඩා වැල­පෙ­න්නට වූවාය.

“අවු­රුදු විසි දෙක කියන්නේ මොන වය­සක්ද? මේ පුංචි කාල­යට මොන­වද නොක­රපු වැරදි. මත් පැනට ඇබ්බැහි බේබ­ද්දි­යක් වුණා. පර පුරුෂ සේව­නය, බහු පුරුෂ සේව­නය, සමාජ ශාලා ජීවි­තය. තමාගේ අධ්‍යා­ත්මීය දියු­ණු­වට මොන­වද කර­ගෙන තියෙන්නේ? දැන් මර­ණය ඉදි­රියේ අස­රණ වෙලා ශාරී­රි­ක­වත් මාන­සි­ක­වත් මහා ලෙඩ කඳක්”
“අනේ මාව බේරා­ගන්න ක්‍රම­යක් ඇත්තේම නැද්ද?”
“තියෙ­නවා. මම කියන විදි­යට වැඩ කර­නවා නම් පුළු­වන්”
“මොන­වද මම කරන්න ඕනෑ. කියන ඕනෑම දෙයක් කර­න්නම්”

ගවේ­ෂ­ක­ව­රයා ඇය පන්සිල් සමා­දන් කැර වීය.

“මේ සිල් පද පහ අකු­ර­ටම ආරක්ෂා කරන්න ඕනෑ. චාම් සරල ජීවි­ත­යක් මේ දැන් ඉඳලා හුරු වෙන්න. තවත් දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය.

බෝධි පූජා අව­සන් කොට ඇය නැවත පැමි­ණි­යාය .මේ වන විට ගවේ­ෂ­ක­ව­රයා සිල් මෑණි කෙනෙ­කුට සිද්ධිය පවසා අවශ්‍ය පසු­බිම සකස් කැර තිබිණි.

“මහ­ත්මයා මට දැන් දුකයි. මගේ තාත්තාට මම අකී­කරු වුණා. තාත්තා නැති වුණෙත් මා නිසයි” කිය­මින් උත්පලා අඬ­න්නට වූවාය.

“මහ­ත්මයා පව­රන ඕනෑම දෙයක් මම කර­න්නම්. මම පැවිදි වෙන්නද?” ඇය නැවත ඇසු­වාය.

එපා මහණ වෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ මෙහෙණි ආරා­ම­යට යන්න සිල් සමා­දන් වෙන්න. ඒ සිල් මැණි පව­රන විදි­යට අම්මයි දුවයි දෙන්නම කට­යුතු කරන්න ඕනෑ. චාම් වෙන්න. කීකරු වෙන්න. සීලයේ පිහිටා කට­යුතු කරන්න. යැයි පවසා මවත් දුවත් මෙහෙණි ආරා­ම­යට යැවීය.

එහි දී පාන්දර හත­රට අවදි විය යුතු විය. නිය­මිත වතා­වත් ඉටු කළ යුතු විය. වැසි­කිළි කැසි­කිළි ඇම­දීම, ආරා­මය හා අවට පිරි­සිදු කිරීම, බුද්ධ වන්ද­නාව, දාන­මාන ගිල­න්පස සැක­සීම, කය වචන සංව­රය සරල භාව­නාව, සක්මන් භාව­නාව, මාස තුනක් ඒ වගේ පිළි­වෙත් ඇය අකු­රට ඉටු කළාය. අවං­ක­වම ඉටු කළාය. ඒ මරණ බය උත්ප­ල‍ාගේ කය වචන සංවර කර­න්නට හේතු විය.

ස්වාමීයා පිට රට සිට දුක් විඳ එවන මුදල් අප­රී­ක්ෂා­කා­රීව ඉන්ද්‍රි­ය­යන් පින­වී­මට මෝහ­යෙන් විය­දම් කළ මව මේ දුවට මූලික වැරදි පූර්ව දර්ශය වුවාය. ඇයද ගලේ පැහැරූ බැළ­ලි­යක මෙන් වර­දට මාන­සි­කව දඬු­වම් වින්දාය. ආරා­මයේ සිල් මෑණි­යෝද නිතර හේතු­ඵල දහ­මට අනුව දුක් විපාක විඳි­න්නට සිදු වී ඇති ආකා­රය පැහැ­දිලි කර­මින් අව­වාද කළහ. බට­හිර ක්‍රම­යට ජීවත් වෙන්නට ගොස් “හෙට මැරු­ණත් හිතට සැපයි අද ජොලි කරලා” යන අධ­ර්ම­තා­ව­යෙන් කට­යුතු කළ ද මාරයා දත් විලි­ස්සා­ගෙන තමන් ඉදි­රියේ බිලි ගන්නට එන විට ජීව­ත්වීමේ ආසාව මතු වූ උත්පලා ඇත්ත­ටම හොඳ ගැහැ­නි­යකු වූවාය. මාස­යක් ආරා­ම­යේදී දහ­මට හුරු පුරුදු වූවාය. මාස­යක් ඉක්ම ගිය පසු ඇය මව සමඟ නැවත ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­නය කරා ආවාය.

“මහ­ත්මයා දැන් මගේ ආහාර අරු­චිය, හීනෙන් බිය වීම් ආත­තිය සනී­පයි. මගේ තාත්තා අකා­ලයේ මැරුණේ මා නිසයි. තාත්තා‍ගේ ණය ගෙව­න්නට මම දැන් මොන­වාද කරන්න ඕනෑ?” යි උත්පලා ගවේ­ෂ­ක­ව­ර­යා­ගෙන් ඇසීය.

“තාත්තා අත දිග හැර තමුන්ට විය­දම් කළා. ඒ හේතුවේ ඵලය වශ­යෙන් තමුන් නොමග ගියා. තාත්තා ප්‍රේත­යෙක් වුණා. තාත්තාට පින් අනු­මෝ­දන් කරන්න ගමේ පන්සලේ ස්වාමීන් වහ­න්සේ­ලාත් ආරා­මයේ සිල් මෑණි වරුන් වඩම්මා සාංඝික දාන­යක් පිරි­නමා සංසාර ගත සියලු ඥාති මිත්‍රා­දී­න්ටත් තාත්තා­ටත් පින් අනු­මෝ­දන් කර අනු­රා­ධ­පු­ර­යට යෑමට සූදා­නම් වී නැවත එන්නැයි ගවේ­ෂ­ක­ව­රයා උප­දෙස් දුන්නේය. දානය පිරි­නමා පින් අනු­මෝ­දන් කොට ඔවුහු නැවත පැමි­ණි­යහ. අනු­රා­ධ­පු­රයේ දී යාච­ක­යන්ට ආහාර පැකැට් පිරි­නමා ශ්‍රී මහා බෝම­ළු­වේදී නැව­තත් පියාට පින් අනු­මෝ­දන් කර­න්නට උප­දෙස් දී, පල­තුරු වට්ටි­යක් ගෙන්වා ප්‍රේතා­ත්මය ඊට සම්බන්ධ කොට ඔවුන් අතම අනුරාධපුරයට යැවීය.

උත්පලාගේ රූප සොබාව සහ චතුර ඉංග්‍රීසි දැනුම අනුව දැන් පෞද්ගලික බැංකුව සේවය කරයි. අධ්‍යාත්මීය උපදේශකවරයාගේ නියමය අනුව දිනපතා උදේ හවස නිවසේ බෞද්ධ පිළිවෙත් ඉටු කරති. යළිත් වැරදි කළොත් භූතාත්මය නැවත පැමිණ පළිගන්නට පුළුවන් බව ද අවධාරණය කළේය.

මතුගම මහින්ද විජේතිලක -  සිළුමිණ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,338 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,081 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  633 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,958 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,772 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,637 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,832 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,796 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top