Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
10
"මිනිස්සු මම ගැන කතා කරත් මට කවුරුත් නෑ, මම මේ ෆීල්ඩ් එකේ අලුත් කෙනෙක්.." - කඳුළු සඟවමින් විවාහක රූ රැජිණ වූ කැරොලින් ජූරි, සියල්ලන් ඉදිරියේ සංවේදී වෙයි - Video

- "මිනිස්සු මම ගැන කතා කරත් මට කවුරුත් නෑ, මම මේ ෆීල්ඩ් එකේ අලුත් කෙනෙක්.." - කඳුළු සඟවමින් විවාහක රූ රැජිණ වූ කැරොලින් ජූරි, සියල්ලන් ඉදිරියේ සංවේදී වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,424 Views
ශ්‍රී ලාංකිකයින්ට අතහිත දෙන්න, උදව් කරන්න. අපේ වියදම් අපි කරගත්තේ...
ඇමෙරිකාවේ තනියම ඉන්නකොට මට ධෛර්යයක් වුණේ දෙවියන් වහන්සේ...
එකම ඉල්ලීම ලංකාවේ එක්කෙනෙක් ජාත්‍යන්තරයට යනවා නම් එයාලට උදව් කරන්න..
 
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟවලට සහභාගි වන තරඟකරුවන්ට මනා සහයක් ලබාදෙන්නැයි ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළදි, කැරොලින් ජූරි ඉල්ලා සිටිනවා.
 
ඇය මේ බව කියා සිටියේ එම කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව අද (10) දිවයිනට පැමිණ කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඇය සංවේදී වෙමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, "මිනිස්සු මම ගැන කතා කරත් මට කව්රුත් නෑ, මම මේ ෆීල්ඩ් එකේ අලුත් කෙනෙක්.." ලෙසයි.
 
"මම කොඩිය අරගෙන යද්දී USA කව්රුත් හිටියේ නෑ. නමුත් 2018 වසරේ ලෝක විවාහක රූ රැජින මට උදව් කළා. ශ්‍රී ලාංකිකයින්ට අතහිත දෙන්න, උදව් කරන්න. අපේ වියදම් අපි කරගත්තේ. මගේ එකම ඉල්ලීම ලංකාවේ එක්කෙනෙක් ජාත්‍යන්තරයට යනවා නම් එයාලට උදව් කරන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා, ඇමෙරිකාවේ තනියම ඉන්නකොට මට ධෛර්යයක් වුණේ දෙවියන් වහන්සේ.."
 
අලුයම 2.45ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 662 දරණ යානයෙන් කැරොලින් ජූරි ශ්‍රී ලංකාවට පැමිණියා.
 
ඇයව පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළට පවුලේ ඥාතීන්, රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
 
පසුව පෙරවරු 7ට පමණ ගුවන් තොටුපළින් පිටතට පැමිණි ඇය විශේෂ රිය පෙරහරකින් කොළඹ බලා කැදවාගෙන පැමිණි අතර එහිදී ද ස්ථාන කිහිපයකදී විශේෂ පිළිගැනීම් සංවිධාන කර තිබුණා.
 
ඉන් අනතුරුවයි කැරොලින් ජූරි කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවට එක් වූ අතර එම අවස්ථාවට අවුරුදු දෙකක් වයසැති සිය කුඩා දියණියද රැගෙන සහභාගිවීම විශේෂත්වයක්.
 
පසුගිය සිකුරාදා රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟයේදී ඇය මෙම කිරුළ ජයග්‍රහණය කළේ ලොව පුරා විවාහක රූ රැජිණියන් 50 දෙනෙකු අභිබවමින්.
 
ඒ, 1984 වසරේ පැවති ප්‍රථම විවාහක ලෝක රූ රැජිණ තරගාවලිය රෝසි සේනානායක ජයග්‍රහණය කිරීමෙන් පසු එනම්, වසර 35කට පසුවයි.
 
27 වන වියේ පසුවන කැරොලින් ජූරි වත්තල - මහබාගේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
 
නිශාන්ත දීපාල් සමඟ විවාහ වී සිටින ඇය බොහෝ කලක් ජීවත්ව ඇත්තේ ද ඩුබායි රාජ්‍යයේයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,333 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,079 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,958 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,795 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top