Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
10
"තනිවම මගේ වැඩ කරගැනීම ඉතා දුෂ්කර වුණා. කෑම, වැසිකිළි යාම හෝ පිරිසුදු වීමවත් තනිව කරගත නොහැකි වුණා.. - දෙපා අහිමිව එවරස්ට් තරණය කරන්න ගිය සෙබළෙකු කියන සංවේදී කතාව - Photos

- "තනිවම මගේ වැඩ කරගැනීම ඉතා දුෂ්කර වුණා. කෑම, වැසිකිළි යාම හෝ පිරිසුදු වීමවත් තනිව කරගත නොහැකි වුණා.. - දෙපා අහිමිව එවරස්ට් තරණය කරන්න ගිය සෙබළෙකු කියන සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,905 Views
ඇෆ්ගනිස්ථානයේදී බෝම්බයකට හසුවූ ඔහුට දෛවය සරදම් කළ හැටි..
කෘතිම ආධාරක දෙකක් ආධාරයෙන් ඇවිද යන ඔහුට ලැබුණු සහය..
අරගල මැදින් ජයගත්, බුදා මගාර් ගේ දිරිය කතාව මෙන්න..
 
ලෝකයේ උසම කන්ද වන එවරස්ට් තරණය කළ පුද්ගලයෝ පිළිබඳව මෑතකදී විවිධ තොරතුරු වාර්තා විය. එහෙත් මෙවැනි පුවතක් වාර්තා වූයේ පළමුවරටයි.
 
හිටපු සෙබළෙකු වන නේපාල ජාතික හරි බුදා මගාර් එවරස්ට් කන්ද තරණය කරන්නට තීරණය කර තිබේ.

දණහිසින් පහළ දෙපා නොමැති ඔහු එවරස්ට් කන්ද තරණය කිරීමට පමණක් නොවෙයි, ඒ මතදී විවාහවෙන පළමු තැනැත්තා මෙන්ම කඳු මුදුනේ සිට පැරෂුටයක ආධාරයෙන් පියාසර කරන පළමු ආබාධිත තැනැත්තා බවටත් පත් වෙන්නේ ලබන වසරේදී ය.
 
බටහිර නේපාලයේ ගමක හැදී වැඩී, පාවහන් රහිත දෙපයින් පාසල් ගිය ඔහු මුල්ම වරට එවරස්ට් තරණය කළ එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ ගේ ඉතිහාසගත සංචාරය පිළිබඳව පොත්වලින් කියැවූයේ ඒවා වරප්‍රසාද ලත් අයට පමණක් කළ හැකි දේවල් යනුවෙන් හිතාගෙනය.
 
අවුරුදු 19දී හමුදාවට බැඳුණු ඔහු බ්‍රිතාන්‍යයට අනුයුක්ත නේපාල හමුදාවේ ගුර්කා රයිෆල් බටයෙක් හා ස්නයිපර්කරුවෙක් ලෙසද සේවය කළේය, ඇෆ්ඝනිස්ථානයේදී බෝම්බයකට හසුවිය. ඔහුගේ ඉරණම වෙනස් වීමට මග පෑදුවේ ඒ අවාසනාවන්ත සිදුවීමයි.
 
බෝම්බ වැදීමෙන් තුවාල ලත් ඔහු ඇමරිකානු සෙබළුන් විසින් බේරාගනු ලැබ, එක්සත් රාජධානියට ගෙන ගොස් ප්‍රතිකාර ලැබීය. වසර හතරකින් පසු කෝප්‍රල් තනතුරට උසස් වීමත් සමඟ ඔහු හමුදා සේවයෙන් නිදහස් කරන ලදී. එවකට තිස් පස් හැවිරිදි වූ හරි බුදාගේ ජීවිතයේ සැබෑ අරගලය ඇරඹුණේ එතැන් සිට ය.
 
“මට තනිවම මගේ වැඩ කරගැනීම ඉතා දුෂ්කර වුණා. කෑම, වැසිකිළියට යාම හෝ පිරිසුදු වීමවත් තනිව කරගත නොහැකි වුණා.”
 
නමුත් වරකට එක් පියවර බැගින් ඉදිරියට තබමින් තමා ගොඩනැගෙන්නේ යැයි තීරණය කළ ඔහු ක්‍රීඩා ගණනාවක් පුහුණු වීමට පටන් ගත්තේය.
 
2011දී ජර්මානු හා ඔස්ට්‍රියානු ඇල්ප්ස් කඳුවල ස්කි ක්‍රීඩාවට ගොස් සිටියදී ඇතිවූ අදහසකි කඳු තරණය. ඒ අනුව උපදේශකයන්ගේද සහය ඇතිව නේපාලයට පැමිණි ඔහු හිතවත් ගුර්කා භටයෙකු මෙන්ම නේපාල ජාතික කඳු නගින්නෙකු වූ ක්‍රිෂ්ණා ද සමඟ මීටර් 4700ක් තරණය කළේය. එවරස්ට් නැගිය හැකිය යන්න ඒ සමඟ විශ්වාසයක් ඇති විය.
 
නමුත් ඒ වෙන විට ආබාධිත පුද්ගලයින් හා අන්ධ පුද්ගලයන් හට එවරස්ට් කන්ද තරණය කිරීමට බලපත්‍ර ලබාගැනීම නේපාල රජයෙන් තහනම් කර තිබිණි. අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසුව එම නීතිය අහෝසි විය.
 
දෙපා අහිමි නවසීලන්ත ජාතිකයෙක් හා චීන ජාතික කාන්තාවක් මීට පෙර එවරස්ට් තරණය කර වාර්තා තබා සිටිති. ඒ අනුව දෙපා අහිමිව එවරස්ට් නගින පළමුවෙනියා වීමේ ගෞරවය ඔහුට නොලැබෙතත්, දණහිසෙන් ඉහළ සිට පාද අහිමිව එවරස්ට් තරණය කරන පළමුවැන්නා ඔහුයි.
 
මන්ද මීට පෙර එසේ එවරස්ට් තරණය කළ දෙදෙනාම දණ හිසෙන් පහළ පාද නොමැති අයයි. හරි බුදා හට දණහිස්ද නැත. ඔහු ඇවිද යන්නේ කෘත්‍රීම ආධාරක දෙකක උපකාරයෙනි.
 
ආබාධිත බව නිසා ඔහුගේ කඳු තරණය සඳහා වැයවෙන කාලය සාමාන්‍ය පුද්ගලයෙකුට වැයවන කාලය මෙන් තුන් ගුණයකි. එබැවින් අවශ්‍ය කළමනා සහ බඩු බාහිරාදිය තොගයක් ගෙන, සහයෝගය සඳහා විශාල පිරිසක්ද රැගෙනය තරණය සඳහා යන්නට සිදුවෙන්නේ.
 
වාර්තා වෙන ආකාරයට ඉහළ කඳු පෙදෙස් තරණයේ පළපුරුදු ෂර්පාවරු අට දෙනෙක්, ගලවා ගැනීමේ කණ්ඩායමක්, ෂර්පා පෝටර්වරු හෙවත් බර උසුලාගෙන යන්නන් හය දෙනෙක් සහ වෛද්‍යවරු දෙදෙනෙක් පමණ මෙම කණ්ඩායමට ඇතුළත් ය.
 
නිසංසලා


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,332 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,073 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,957 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,732 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,792 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top