38 දෙනෙකුගෙන් යුත් හමුදා ගුවන් යානයක් ඇන්ටාටිකාව බලා යමින් සිටියදී අතුරුදහන් වී ඇති බව චිලී ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම ගුවන් යානය 16:55 ට ගුවන් ගත වූ බවත් 18:00 ට පසු මෙහෙයුම්කරුවන් සමග සම්බන්ධතාවය නැතිව ගිය බවත් එහිදී වැඩිදුරටත් සදහන් වෙනවා. අතුරුදහන් වූ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු සහ මගීන් 21 දෙනෙකු ද සිටි බවත් සදහන්.
චිලී ගුවන් හමුදාව පවසන්නේ යානය සහ අතුරුදහන් වූවන් සොයා ගැනීම සඳහා සෝදිසි හා බේරා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බවයි