එක් සුනඛයෙකු අසීරුවෙන් බේරී පලා යන අයුරු සටහන් වෙලා..
තුවාල ලැබූ තවත් සුනඛයෙකුට සිදුවූ දේ මෙන්න..
සුනඛයින්ට වදහංසා පමුණන සිදුවීම් වේ නම් දන්වන්න!
වසරේ ගත වූ කාල සීමාව තුළ දිවයිනේ ස්ථාන කිහිපයකින්ම සුනඛයින්ට අමානුෂික වද හිංසා පමුණුවීම් සහ ඝාතනය කිරීම් සම්බන්ධයෙන් පුවත් රැසක් වාර්තා වුණා.
මෙහි ආසන්නතම සිදුවීමක් ඊයේ දිනයේ දෙහිවල - අත්තිඩිය ප්‍රදේශයෙන් වාර්තා වූයේ නිවසක ගේට්ටුව ඉදිරිපිට නිදා සිටි සුනඛයින් දෙදෙනෙකුට එම නිවසේ කාන්තාවක් උණුවතුර සහ මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමයි.
මෙම දර්ශන යාබද නිවසක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල ද සටහන් වී තිබුණා.
එම ප්‍රහාරයෙන් එක් සුනඛයෙකු බේරී පලා යන අතර, තුවාල ලැබූ අනෙක් සුනඛයා ප්‍රදේශවාසීන් සහ සත්ත්ව අවිහිංසාවාදී සංවිධානයක නියෝජිතයන් විසින් බේරා ගෙන ප්‍රතිකාර සදහා යොමුකර තිබෙනවා.
මේ අතර, පසුගිය ජුනි 16 වනදා කටාන ප්‍රදේශයේ නිවසක ඇතිදැඩි කළ ලයන් පොමනේරියන් වර්ගයට අයත් සුනඛයෙකුගේ ශබ්දය දරා ගත නොහැකි බව පවසමින් යාබද නිවසේ පුද්ගලයෙකු විසින් එම සුනඛයා ඝාතනය කර තිබුණා.
එමෙන්ම, පසුගිය දිනක මීගමුව - පෙරියමුල්ල ප්‍රදේශයේ නිවසක ඇතිකළ සුනඛයෙකු කූඩුව තුළදීම ගිනි තබා තිබූ අතර, ඒ පිළිබදව සැකපිට 38 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැණුනා.
ගම්පහ ප්‍රදේශයෙන් ද මීට පෙර තවත් සිදුවීමක් වාර්තා වූ අතර, ගැබ්බර සුනඛ ධේනුවක් භූමිතෙල් දමා ගිනි තබා තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදීයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සේව් අ - පෝ සත්ත්ව අවිහිංසා සංවිධානයේ නියෝජිතවරියක් වන ශිවන්ති සන්සෝනි කියා සිටියේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක මෙවැනි සිදුවීම් සිදුවන්නේ නම්, තම සංවිධානය දැනුවත් කරන ලෙසයි.