Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Dec
09
"කලාවට ජාති භේද, ආගම් භේද කියල දෙයක් නෑ. ගොඩක් බෞද්ධ විහාරවල චිත්‍රවල අනුරූප මම ඇඳල තියෙනවා.." - බෞද්ධ සිතුවම් අඳින ෆාතිමා කියන කතාව - Photos

- "කලාවට ජාති භේද, ආගම් භේද කියල දෙයක් නෑ. ගොඩක් බෞද්ධ විහාරවල චිත්‍රවල අනුරූප මම ඇඳල තියෙනවා.." - බෞද්ධ සිතුවම් අඳින ෆාතිමා කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
මට පොඩි කාලේ ඉඳල ම චිත්‍ර අදින්න පුළුවන්කමක් වගේ ම ආසාවක් තිබුණා..
කැටයම් වැඩත් කරනවා. ඒවාත් කරන අතරේ චිත්‍ර අඳින්න ටිකක් කාලයක් යනවා..
ඉගෙනීම පැත්තෙන් ගත්තත් සිංහල පාසල්වලට යනව මුස්ලිම් කට්ටිය, බලපෑමක් නෑ..
 
බෞද්ධ සිතුවම් අඳින, කැටයම් කපන මුස්ලිම් යුවතියක් පිළිබඳව වරකපොල, අල්ගම ප්‍රදේශයෙන් අපට වාර්තා විය.
 
ඒ අනුව, ඇය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලූ බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර ඇය හමුවීමට අල්ගම - මදුරුපිටිය ගම්මානයේ පිහිටි ඇගේ නිවස බලා ගියේය.
 
ඇය නමින් ෆාතිමා නුස්රා වේ.

"බෙල්ලන්විල විහාරයේ බිතු සිතුවම්, ගෝතමී විහාරයේ ජෝර්ජ් කීට් මහත්තයාගේ චිත්‍ර, කැලණියේ විහාරයේ වගේ ගොඩක් බෞද්ධ විහාරවල චිත්‍රවල අනුරූප මම ඇඳල තියෙනවා. ඒ වගේම මොඩර්න් ආර්ට්ස් කරලත් තියෙනවා," ෆාතිමා නුස්රා පැවසීය.
 
වරකපොල, අල්ගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ෆාතිමා, කුඩා අවධියේ සිට ම සිතුවම්කරණයට දස්කම් දක්වා ඇති ශිෂ්‍යාවකි.
 
"මට පොඩි කාලේ ඉඳල ම චිත්‍ර අදින්න පුළුවන්කමක් වගේ ම ආසාවක් තිබුණා. ඒක තේරුම් ගත්ත අම්මයි තාත්තයි මාව චිත්‍ර ඇඳිම පැත්තට යොමු කළා."
 
දෙමාපියන්ගෙන් ලැබුණු මග පෙන්වීම අනුව ඇය පස්යාල, බටලීය ප්‍රදේශයේ පිහිටි කෞතුක වස්තු අනුරූ පාසලට ඇතුළත් වී වසර දෙකක පාඨ මාලාවක් හදාරා තිබිණි.
 
එහිදී ඇය, දයානන්ද පීරිස් නමැති ගුරුවරයා යටතේ සිතුවම්කරණය, ගල් කැටයම්, ලී කැටයම්, මූර්ති සහ සෙරමික් යන පස් වැදෑරුම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් ලැබුවාය.
 
"බෞද්ධ කලාවන් ගැන ඉගෙන ගන්නකොට කවුරුත් විරුද්ධ වුණේ නැද්ද?" යන්න බීබීසී සිංහල සේවය ඇයට මතු කළ ප්‍රශ්නයකි.
 
"කවුරුත් ඒකට විරුද්ධ වුණේ නෑ. ඉගෙනීම පැත්තෙන් ගත්තත් සිංහල පාසල්වලට යනව මුස්ලිම් කට්ටිය. ඒ නිසා මට එහෙම කිසිම බලපෑමක් තිබුණේ නැහැ," ෆාතිමා නුස්රාගේ පිළිතුර එය විය.
 
ඇය මේ වන විට ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වී සිටින දේශීය කලා ශිල්පිනියකි. ඇය ආගම් හෝ ජාති භේදයකින් තොරව තමන්ට ලැබෙන ඉල්ලීම් අනුව සිතුවම්කරණයේ නියැළෙයි.
 
ඇය පැවසුවේ, සිතුවමක් ඇඳ නිම කිරීම සඳහා සාමාන්‍යයෙන් මාසයක පමණ කාලයක් ගත වන බවය.
 
"මම කැටයම් වැඩත් කරනවා. ඒවාත් කරන අතරේ චිත්‍ර අඳින්න ටිකක් කාලයක් ගත වෙනවා."
 
සිතුවම් ඇඳීමට අමතරව ඇය කැටයම් කර්මාන්තයේ ද නිරත වන්නීය.
 
ඇය සිය නිර්මාණ වෙනුවෙන් සම්මාන රැසක් ද හිමි කරගෙන තිබේ.
 
තමන්ගේ නිර්මාණ අලෙවි කර ගැනීම සඳහා යම් වෙළෙඳපොළක් නිර්මාණය කර දෙන්නේ නම් ආර්ථික වශයෙන් ශක්තිමත්ව මෙය ඉදිරියට ගෙන යා හැකි බව ඇයගේ අදහසය.
 
"කලාවට ජාති හෝ ආගම් භේදයක් නැති," බව ෆාතිමා නුස්රා පවසයි.
 
"කලාවට ජාති භේද හෝ ආගම් භේද කියල දෙයක් නෑ. අපි විශ්වවිද්‍යාලයට ගියත් හැමෝම එකට ඉගෙන ගන්නවා. මම ඉගෙන ගත්ත තැනත් ඒ වගේ තැනක්. ජාති භේද, ආගම් භේද මුකුත් නෑ. කලාවට ජාති භේද සම්බන්ධ නැහැනේ," ඇය අවසන් වශයෙන් කීවාය.
 
BBC සිංහල


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top