Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
09
සරාගී බොලිවුඩ් නිලි තාප්සි ‘ඔලිම්පික් පෙම්වතා’ සඟවන්නේ ඇයි? - Photos

- සරාගී බොලිවුඩ් නිලි තාප්සි ‘ඔලිම්පික් පෙම්වතා’ සඟවන්නේ ඇයි? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32 Views
තාප්සි පන්නු ඉන්දිය සිනමාවේ වේගයෙන් ජනප්‍රිය වෙමින් සිටින සුරූපී නිළියක්. ඒ වගේම විවිධ ආකාරයේ චරිත දක්ෂ ලෙස රඟපෑමට ඇය සතු හැකියාව ගැන ප්‍රේක්‍ෂකයන් වගේම විචාරකයනුන් මහත් ප්‍රසාදයෙන් කතා කරන අයුරු දකින්න පුළුවන්. මෑත කාලයේ තාප්සි රඟපෑ බාද්ලා, මුල්ක්, මිෂන් මංගල්, මන්මාසියාන් වැනි චිත්‍රපටවල ඇයගේ රඟපෑම් විශේෂයෙන් කැපී පෙනුණා.

තාප්සිගේ රඟපෑම් ගැන වගේම ඇයගේ පෞද්ගලික ජීවිතය ගැනත් පසුගිය කාලයේ විවිධ ආරංචි පැතිරෙමින් තිබුණු බව රහසක් නොවෙයි. ඇයගේ ආදර සම්බන්ධයක් ගැන පැතිරුණු කතාවත් මේ අතරින් විශේෂත්වයක් ගත්තා. තමා  කෙනකු සමඟ ආදරයෙන් බැඳී සිටින බවත්,  ඔහු සිනමාවට හෝ ක්‍රිකට් ක්‍රීඩාවට හෝ සම්බන්ධ කෙනකු නොවන බවත් වරක් ඇය ප්‍රකාශ කිරීමත් සමග 'එහෙම නම් ඒ කවුද' යන කුතුහලය බොහෝ සිනමා රසික රසිකාවියන් තුළ ඇති වුණු බව පෙනුණා. නමුත් තාප්සි මේ ගැන වැඩි විස්තරයක් හෙළි නොකිරීම නිසා මේ කුතුහලය තවත් වැඩි වුණා. කෙසේ වෙතත්, පසුව දැනගන්නට ලැබුණේ ඇයගේ පෙම්වතා ක්‍රීඩා ක්‍ෂේත්‍රයට සම්බන්ධ ඉතා දක්‍ෂ, ප්‍රසිද්ධ කෙනකු වන මතායස් බෝ බවයි. මතායස් සම්බන්ධයෙන් වන තවත් විශේෂත්වයක් වන්නේ ඔහු ඩෙන්මාර්ක් ජාතිකයකු වීමයි.  ඔහු ඉතා කීර්තිමත් බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන අතර ඔලිම්පික් රිදී පදක්කමක් පවා දිනාගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා එක්ව විවිධ තැන්වල ගැවසෙනු දක්නට ලැබීමත් සමඟ ඔවුන්ගේ ආදර සම්බන්ධය ගැන විවිධ කතන්දර පැතිරෙන්න පටන් ගත්තා. නමුත් තාප්සි නම් ඒ ගැන වැඩිය කතා කරන්න කැමැත්තක් නැති බවකුත් පෙනෙනවා. ඔවුන් අතර සම්බන්ධය බිඳ වැටී ඇත්ද යන සැකසංකා පවා පසුගිය කාලයේ පැතිරෙනු දැකිය හැකි වුණා.

පෙම්වතා ගැන වැඩිය කතා නොකරන්නේ මන්දැයි තාප්සිගෙන් මාධ්‍යවේදීන් අසන විට ඇය පවසන්නේ පෞද්ගලික ජීවිතයට වුවමනාවට වඩා ප්‍රසිද්ධියක් දීමට තමාගේ කැමැත්තක් නැති බවයි. තම රංගන කටයුතුවලට වඩා පෞද්ගලික ජීවිතය ගැන ඕපාදූප මතු වෙනවාට තමා කැමැති නැති බව වරක් ඇය සඳහන් කර තිබුණා.

කෙසේ හෝ වේවා, මෑතක ඇය සහභාගි වූ රූපවාහිනි වැඩසටහනකදී තමාගේ ජීවිතයේ බොහෝ අප්‍රකට කාරණා ගැන ඇය කතා කර තිබෙනු දකින්න ලැබුණා. තමා පළමු වරට ආදර සම්බන්ධයක් පටන් ගත්තේ පාසල් කාලයේ බවයි ඇය එහිදී පවසා තිබුණේ. නමුත් ඇයගේ පෙම්වතා 10 වැනි වසරේ විභාගයකට පෙනී සිටීමට සූදානම් වෙද්දී, පාඩම් කිරීමට ඇති බව කියා තමාව අත්හැර දැමූ බවත් ඇය කියනවා. ඒ කාලයේ අද වගේ ජංගම දුරකතන නොතිබුණු නිසා නිවෙස කිට්ටුව තිබුණු දුරකතන මධ්‍යස්ථානයකට ගොස් ඔහුට ඇමතුම් ලබාදෙමින්, තමාව අත්හැරියේ මන්දැයි අසමින් හැඬ­ූ­ අන්දමත් තාප්සි ඉතා විවෘතව හෙළිදරව් කර තිබුණා.

තමා සිනමාවට පැමිණි මුල් කාලයේ මුහුණ දුන් කටුක අත්දැකීම් ගැනත් තාප්සි පසුගිය දිනවල සඳහන් කර තිබෙනු දැකිය හැකි වුණා. ඇය කිසිදු සිනමා පවුලකට සම්බන්ධ කෙනකු නොවන අතර තමාගේම උත්සාහයෙන් මේ ක්‍ෂේත්‍රයේ ජයග්‍රහණ හිමිකරගත් කෙනකු හැටියටයි සැලකෙන්නේ. කෙසේ නමුත් මුල් කාලයේ බොහෝ දෙනකු ඇය අවාසනාවන්ත නිළියක හැටියට ප්‍රතික්‍ෂේප කළ බව ඇය කියනවා. තමා ඉතාම සුළු චරිතයක් රඟ පෑ චිත්‍රපටයක් පවා ආදායම් අතින් අසාර්ථක වුවහොත් එහි නිෂ්පාදකයන් එහි වරද තමා පිට පටවමින් තමා කොන් කළ බවයි ඇය කියන්නේ. මේ වනවිට ඇය ඉතා සාර්ථක, ජනප්‍රිය නිළියක ලෙස කීර්තියක් දිනා සිටියත් තවමත් තමා ප්‍රතික්‍ෂේප කිරීම්වලට ලක්වන අවස්ථා තිබෙන බවත් ඇය පවසා තිබුණා. කෙසේ නමුත් දැන් තමා මේ හැම දෙයක්ම එක විදියට භාර ගැනීමට හැකි ශක්තියකින් හෙබි බව තාප්සි පවසනවා. 'ජයග්‍රහණ භාර ගන්නා විදියටම පරාජයන් සහ ප්‍රතික්‍ෂේප කිරීමුත් භාර ගන්න ඉගෙන ගන්න. ඔබ පරාජයන්ට මුහුණ දී තිබෙනවා නම් ඒ නිසා ජයග්‍රහණයන්ගේ මිහිර තවත් වැඩියෙන් දැනෙන්න ගන්නවා. ජීවිතයේ ඉතාම නරක කාලයන් ගත කරන්න ලැබීම ගැන මම දැන් සතුටු වෙනවා.' ඇය තවදුරටත් සඳහන් කර තිබුණා.

ඉදිරියේදී තිරගත වීමට නියමිත ඇයගේ චිත්‍රපට අතරින් 'තප්පාද්' නම් සිනමාපටය  විශේෂයෙන් කතාබහට ලක්වෙනවා. මෙය සුප්‍රකට ඉන්දියානු ලේඛිකාවක වූ අම්රිතා ප්‍රිතාම්ගේ ජීවිත කතාව ඇසුරෙන් තැනෙන සිනමා නිර්මාණයක්.

සනත් වික්‍රමගේ



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top