කින්නියා - උප්පාරු පාලම අසළදී මහවැලි ගඟට ඔරුවක් පෙරළී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
තරුණයන් පස්දෙනෙකු අද උදෑසන 7.45 ට පමණ සිය කුඹුරුවලට යෑම සඳහා මහවැලි ගඟෙන් එගොඩවීමට යාමේදී ඔරුව සැඩපහරට හසුව පෙරළී ඇති බව සඳහන්.
එහිදී සැඩපහරට හසුවූ තරුණයින් මුහුදට ගසාගෙන ගොස් ඇති අතර, එක් තරුණයෙකු පිහිනාගෙන විත් දිවි ගළවාගෙන තිබෙනවා.
තවත් තරුණයෙකු ගම්වැසියන් විසින් බේරාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ සිරුර සොයාගෙන ඇති අතර, අතුරුදන් අනෙක් තරුණයන් දෙදෙනාගේ සිරුරු සොයා නාවික හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මකයි.