කාලය හා ශ්‍රමයද ඉතිරිකර ගත හැකි පරිදි සීගිරියට කේබල් ක්‍රමයක් ඇති කරන්නැයි මධ්‍යම සංස්කෘතික අරමුදලට යෝජනා කරන බව සංස්කෘතික රාජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා සීගිරියේදී අද (29) කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා...
‘බොහෝ දෙනකුට අද සීගිරිය නගින්න අමාරුයි. ඒ නිසා දියුණු රටවල කේබල් කාර් තිබෙනවා. සීගිරියටත් එය සුදසුයි. සීගිරියේ කැටපත් පවුරේ මෑතදී කොණ්ඩ කටුවකින් පෙම්වතාගේ නම ලියූ තරුණිය කර ඇත්තේ නොදැනුවත්කම නිසා ඇයට නියම කළ සිර දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලීමක්ද කළේය. මේ වගේ දේවල් කොලු කාලේ සිද්ධ වෙනවා. පෙම්වතා පෙම්වතියගේ නම ගස් ගල්වල ලියනවා. සීගිරි කැටපත් පවුරේ ඇත්තේ මොනවාදැයි අපට කියවා ගන්න බැහැ. ඒවා කුරුටු ගී. පොත්පත්වලින් තමයි අපට ඒවා තේරුම් ගන්න වෙන්නේ. මඩකලපු තරුණිය කැටපත් පවුරේ මොකක්ද ලිව්වේ එහි බරපතලකම දැනගෙන නොවේ. ඒ නිසා ඇයට සමාව දිය යුතුයි.
කෙසේ නමුත් පිළිබඳව මෙතෙක් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.