Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
"මගේ තාත්තා හදවත් රෝගියෙක්. එදා වැටුණු පාරට සුසුම්නාව තැළිලා.." - අනතුරක් නිසා ප්‍රතිකාර ලබන, සටන් නළු කුමාර රණපුර ගැන, ඔහුගේ දියණිය කියන සංවේදී කතාව

- "මගේ තාත්තා හදවත් රෝගියෙක්. එදා වැටුණු පාරට සුසුම්නාව තැළිලා.." - අනතුරක් නිසා ප්‍රතිකාර ලබන, සටන් නළු කුමාර රණපුර ගැන, ඔහුගේ දියණිය කියන සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,695 Views
අතපය වැඩ කරන්නේ නැතුව හදිසි ප්‍රතිකාර ඒකකයේ දවස් 3ක් ප්‍රතිකාර කළා..
දැන් නම් තාත්තාට කකුල ඇල්ලුවාම දැනෙනවා. කතා බහ කරනවා...
සාත්තු සේවයට කැමැති කෙනෙක් ඉන්නවා නම් පැයකට හරි ඒ උදව්ව කරන්න..
 
රංගන ශිල්පී කුමාර රණපුර පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් මුණගැහුණු දක්‍ෂ සටන් නළුවෙකි.
 
ඒ වගේම ඔහු සහාය සටන් අධ්‍යක්‍ෂවරයෙකි. තිරයේදී චණ්ඩියකු ලෙස ප්‍රේක්ෂකයන් ඉදිරියට ආ කුමාර රණපුර පසුගියදා අනතුරකට ලක්විය.

දැන් ඔහු සිටින්නේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්ය. ඔහුව වෙහෙසට පත් කරන්නට නොහැකි නිසාම ඔහුගේ දියණිය පියාගේ තත්ත්වය පිළිබඳ කතා කළේ මෙලෙසය.
 
"මගේ තාත්තා හදවත් රෝගියෙක්. පසුගිය 19 වැනිදා තාත්තා කැලණියේ ඉඳන් කොහොල්විල පාරේ එද්දී ප්‍රෙෂර් වැඩිවෙලා වැටිලා තියෙනවා. තාත්තා දැන් කියන්නේ එයා ලිස්සලා වැටුණා කියලා. වෙලාකට වැටිලා ඉන්නකොට තාත්තාගේම දුරකථනයෙන් රාත්‍රි 11.00ට විතර අපිට දුරකථන ඇමතුමක් ආවා. එතකොට තමයි අපි දැනගත්තේ..."
 
"ඒ වැටුණු පාරට සුසුම්නාව තැළිලා. අතපය වැඩ කරන්නේ නැතුව හදිසි ප්‍රතිකාර ඒකකයේ තාත්තාට දවස් තුනක් ප්‍රතිකාර කළා. දැන් නම් තාත්තාට කකුල ඇල්ලුවාම දැනෙනවා. කතා බහ කරනවා. තාත්තාට ඉදිරියේදී ශල්‍යකර්මයක් කරන්න තියෙනවා..."
 
"ඒ ශල්‍යකර්මය කළාම තාත්තාට ඉඳගන්න පුළුවන් වෙයි කියලා කියන්නේ. අතපය වැඩ කරන තත්ත්වයට එන්න කාලයක් යයි කියලා කියනවා..."
 
ප්‍රේක්ෂක ඔබ රසගැන්වූ කුමාර රණපුර අද කල් ගෙවන්නේ එලෙසය. කුමාර රණපුර වෙනුවෙන් ඔහුගේ දියණිය ජනත්‍රි මධුෂා එක ඉල්ලීමක් කළාය.
 
ඒ මුදල්මය ආධාර නොව කුමාරගේ සාත්තු සේවයට හැකි පුංචි වෙලාවකට හෝ ඉදිරිපත් වෙන්නට කැමැති කෙනකු ඇත්නම් ඉදිරිපත් වන ලෙසයි.
 
"තාත්තාට කිසිම දෙයක් දැන් කරගන්න බැරි නිසා අපි පැය විසි හතරම තාත්තාට සාත්තු සේවය කරන්න කෙනෙක්ව නවත්වනවා. මම ඉල්ලන්නේ තාත්තා වෙනුවෙන් සාත්තු සේවයට කැමැති කෙනෙක් ඉන්නවා නම් පැයකට දෙකකට හරි ඒ උදව්ව කරන්න. අපිට සල්ලි ඕනේ නෑ. ශල්‍යකර්මයට අවශ්‍ය බඩුත් අපිට ලැබුණා. සාත්තු සේවයට පුළුවන් අය උදවු කළොත් වටිනවා.."
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  432 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  890 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  179 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  146 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,307 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,494 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,795 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,596 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,838 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,104 Downloads



Top 10 Commenters

Latest Comments

Top