Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
06
"මම හදවතින් 100%ක් මගේ අපූරු ලංකාවට ආදරය කරන කොල්ලෙක්.." - අවුරුදු 6ක දරුවෙකුගෙන් අගමැති මහින්දට ලැබුණු ලිපිය මෙන්න - Photos

- "මම හදවතින් 100%ක් මගේ අපූරු ලංකාවට ආදරය කරන කොල්ලෙක්.." - අවුරුදු 6ක දරුවෙකුගෙන් අගමැති මහින්දට ලැබුණු ලිපිය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35 Views
මම ලන්ඩන්වල, අඩක් බ්‍රිතාන්‍ය අඩක් ශ්‍රී ලංකා සම්භවයකින් යුත් පිරිමි ළමයෙක්..
කරුණාකර ඔබට පුලුවන්ද පරිසරය ඔබගේ පළමු වගකීම කරගන්න?
කැස්බෑවන්ට පුළුවන් වේවි පරිස්සමට ලංකාවට ඇවිල්ලා යන්න හරියට මං වගේ...
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු විශේෂ ලිපියක් ගැන ඊයේ ඔහු තමන්ගේ ටිවිටර් ගිණුමේ විශේෂ පණිවිඩයක් දාලා තියෙනවා දකින්න ලැබුණා.

රටේ ප්‍රධාන පුරවැසියෙක් වුන මෙතුමාට ලිපියක් ලැබෙන එක මෙහෙම කියන්න තරම් දෙයක් නෙමෙයිනේ කියලා මේක ඇහුණ ඔයාට හිතෙන්න පුළුවන්.

නමුත් මෙහි එක විශේෂත්වයක් තිබුණා. ඒ තමයි මේ ලියුම ලියලා තිබුනේ වයස අවුරුදු 6 වුන පුංචි දරුවෙක්. 

අබ්දුල්ලා අබුබයිඩ් කියන මේ දරුවා තමන්ට එවපු ලිපිය සම්බන්ධයෙන් අගමැතිතුමා බොහොම පැහැදීමකින් තමයි කතා කරලා තිබුණේ. 

ඔහු ඒ වෙනුවෙන් මේ පුංචි දරුවට ස්තුතිවන්ත වෙලත් තිබුණා.
 
පුංචි දරුවා එවපු ලිපියත් එක්ක ගොඩක් අයව සංවේදී කරවමින් අගමැතිතුමා පළකරලා තිබුණේ මෙන්න මෙහෙම කතාවක්.
 
"අද උදෑසන මට ලැබුණු ලිපියට වයස අවුරුදු 6 ක් වූ අබ්දුල්ලා අබුබයිඩ්ට මම ස්තූතිවන්ත වෙමි. එය මාව දිරිගැන්වූ අතර ධෛර්යමත් කර ඇති අතර වැඩිහිටි පරම්පරාව වශයෙන් අපගේ තරුණයින් කෙරෙහි අප සතු වගකීම මට මතක් කර දී තිබේ. කවදා හෝ ඔබව පුද්ගලිකව මුණගැසීමට මම බලාපොරොත්තු වෙමි"
 
ඉතින් තමන් වෙත වැදගත් පණිවිඩයක් ගෙන එන්නට සමත් වුන මේ වයස 6ක දරුවාව පැසසුමට ලක්කරමින් එතුමා පළ කළ මේ සටහනට ගොඩක් අයගේ පැසසුම් ලැබිලා තිබුණා. ඉතින් ඇත්තටම ඒ පුංචි දරුවා අගමැතිතුමාට ලිපියකින් කියලා තිබුණේ මෙන්න මෙහෙම කතාවක්.
 
අගමැතිතුමනි,
 
මගේ නම අබ්දුල්ලා. මම ලන්ඩන් වල ජීවත්වෙන වයස අවුරුදු 6 වුන අඩක් බ්‍රිතාන්‍ය අඩක් ශ්‍රී ලංකා සම්භවයකින් යුත් පිරිමි ළමයෙක්. නමුත් මම හදවතින් 100% මගේ අපූරු ලංකාවට ආදරය කරන කොල්ලෙක්.
 
මම කැමතියි ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ඔබට සුබ පතන්න. මගේ අම්මා ඒ ගැන හැම දෙයක්ම මට කියලා තියනවා. ඒ වගේම මට අවශ්‍යයි තවත් වැදගත් දෙයක් ඔබ සමග සකච්ඡා කරන්න.
 
කරුණාකර ඔබට පුලුවන්ද පරිසරය ඔබගේ පළමු වගකීම කරගන්න? මොකද අපේ අනාගතය රැඳිලා තියෙන්නේ ඔබේ අතේ.
 
මුහුද සමග බැඳුන ලංකාවේ තියන ඉතා අපූරු සුන්දර වෙරල තීරයන් රැක ගැනීම වෙනුවෙන් ක්‍රමත් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඔබට පුලුවන්ද? එහෙම කළොත් කැස්බෑවන්ට පුළුවන් වේවි හැම අවුරුද්දකටම වතාවක් බොහොම පරිස්සමට ලංකාවට ඇවිල්ලා යන්න හරියට මම කරනවා වගේ.
 
මම ඔබට සුබ පතනවා ඉදිරි කටයුතුවලට.
 
මීට ආදරණිය,
අබ්දුල්ලා අබුබයිඩ්

(මව්බිම පුවත්පත)


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top