උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත දැනුම්දෙනතුරු කොළඹ කොටුවේ සිට දියතලාව දක්වා සීමා කර තිබෙනවා.
පෙරේදා රාත්‍රියේ බණ්ඩාරවෙල සහ දියතලාව අතර, කොටසට කඩා වැටුණු පස් කන්ද තවදුරටත් ඉවත් කරමින් පැවතීම ඊට හේතුව බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
එමෙන්ම, ගසක් කඩා වැටීමෙන් අවහිර වූ වැලිමඩ - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ගස්වත්ත ප්‍රදේශයේදී මාර්ගයට මෙලෙස ගසක් කඩා වැටුණේ අද පෙරවරු කාලයේදීයි.
මේ අතර, මුලතිව් කුමුලමුනෙයි, ආණ්ඩුවන්කුලම ප්‍රදේශයේ කුඹුරු වගාවන් රැකීමට ගොස් ජල ගැලීම් හේතුවෙන් යළි පැමිණීමට නොහැකිව රැඳී සිටි ගොවීන් 10 දෙනෙකු අද බේරා ගැණුනා.
ඒ යුද සහ නාවික හමුදා නිලධාරින්ගේ මැදිහත්වීමෙන්.