වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ඒ අනුව බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එස්. ජයසුන්දර බස්නාහිර - උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති අතර, මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී.ඒ. කරවිට - එම දිසාවට අමතරව බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරී අවරණය කිරීම සඳහා යොදවා ඇති බවයි පොලිස් කොමිසම සඳහන් කළේ.
ඊට අමතරව සුබ සාධක දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ආර්.එල් කොඩිතුවක්කු පත් කර ඇත්තේ පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.
ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.කේ. සිල්වා එම දිසාවට අමතරව සුබ සාධක දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.
එමෙන්ම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් 17 දෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 20 දෙනෙකු ද මෙලෙස ස්ථාන මාරු වීම් ලැබූ පිරිසට අයත්.