විදුලි බල මණ්ඩලයේ මෙම දෙසෙම්බර් මස පාඩුව රපියල් කෝටි 8500 ක් වන බව විදුලි බලමණ්ඩල ප්‍රධානීන් විසින්, මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පවසා තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිසම ,විදුලිබල මණ්ඩලය,විදුලි බල අමාත්‍යෂය ,යන ආයතන වල ප්‍රධානි හු සමග ඇමතිවරයා සිය අමාත්‍යංශයේ දී පැවැත් වූ විශේෂ සාකච්චාවකදී මේ බව දැන්ම් දී තිබෙනවා.
විදුලි බල මණ්ඩලය දිගින් දිගටම පිටතින් විදුලිය මිලදී ගැනිම නිසා මෙවැනි පාඩුවකට හේතුවී ඇති බව හෙළිදරව් වී තිබේ.
ලබන වසරේ ජනවාරි මාසය වනවිට මෙගාවොට් 100 ක අමතර විදුලි බල අවශ්‍යතාවක් ද සම්පුර්ණ කළ යුතුව තිබෙන බව විදුලි බල මණ්ඩල ප්‍රධානි හු ඇමතිවරයට පෙන්වා දී තිබෙනවා.
මෙවෙනි තත්වයක් මත ලබන අප්‍ර්යෙල් මාසය වන විට රට තුල විදුලි අරබුදයක් ද ඇති විය හැකි බව ද හෙළිදරව් වී තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ පවතින මෙම අරබුදවලට විසදුම් සෙවීම සදහා අමත්‍යංශ ලේකම් ගේ ප්‍රදානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ඇමතිවරයා පියවරගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.