වසර ගණනාවක් විවිධ පෝස්ටර් සහ දැන්වීම් වලින් වැසී හැඩි වූ නගර දැන් අපේම රටේ තරුණයින් අතින් හැඩ ගැන්වීම ආරම්භ වී තිබෙනවා.
රටේ විවිධ ස්ථාන නොයෙක් සිතුවමින් හැඩවෙන හැටි ඔබ සාමාජ මාධ්‍ය ඔස්සේත් යනෙන ගමන් බිමන් අතරතුර සියැසිනුත් දැක ඇති බවට සැක නැහැ.
කොළඹ හා අවට නගර වලට සීමා නෙවූ මේ රැල්ල රට පුරාම නැගෙමින් තිබීම එහි ඇති සාධනීය තත්ත්වයයි.
ඒ රැල්ලට හසු වූ තරුණ පරම්පරාවේ නෙක රූ රටාවෙන් රට පුරා මැවෙන්නේ අපූර්ව චමත්කාරයක්.
එහි බලපෑම කොතෙක් ද යත් රටේ ජනාධිපතිවරයාට පවා මෙම නිර්මාණශීලී තරුණ පරම්පරාව තමන්ට අභිමානයක් බවට සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා.
කෙසේ වෙතත්, මෙම තරුණ පිරිස් අතරට විදේශිකයන් කිහිප දෙනෙකුත් එක් වුණු ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.